රෝගියෙක් නැමදුම සහ පිරිසිදුවීම කරන්නේ කෙසේද

රෝගියෙකුගේ නැමදුම සහ එහි විස්තර. 2. පිරිසිදු කිරිම පිළිබඳ ඇතැම් කොන්දේසි. 3. තයම්මුම් 4. රෝගින් හා ඔවුන්ගේ තත්ත්වය 5. රෝගින් නැමදුම් ඉටු කරන ආකාරය

රෝගියෙක් නැමදුම් සහ   පිරිසිදුවීම් කරන්නේ කෙසේද?

 

< සිංහල -اللغة سنهالية- Sinhala >
        
සංස්කරණය කළේ
අෂ් ෂෙය්ක් අබ්දුල් අසීස්
අබ්දුල්ලාහ් බින් බාස් (රහි)




මාහිර් ටී රම්ඩීන්
පරිවර්තණය කළේ
මුහම්මද් අසාද්
විචාරය කළේ
 
أحكام صلاة المريض وطهارته
        
اسم المؤلف
لسماحة الشيخ عبد العزيز بن عبدالله بن باز رحمه الله




ترجمة:
ماهر رمدين
مراجعة:
محمد آساد
 
أحكام صلاة المريض وطهارته
لسماحة الشيخ عبد العزيز بن عبدالله بن باز رحمه الله
إعداد القسم العلمي بمدار الوطن
مدار الوطن للنشر

بسم الله الرحمان الرحيم
මහා කාරුණික, කරුණා ගුණයෙන් යුක්ත අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි.
الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين، نبينا محمد وعلى آله وصحبه أجمعين ، وبعد :
ලෝකයන් හි පරමාධිපති අල්ලාහ්ටම සියලු ප්‍රශංසා !  නබිවරුන් හා රසූල්වරුන් අතුරින් ශ්‍රේෂ්ඨතමයා වන අපගේ නායක නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා හා එතුමාණන්ගේ මිතුරන් ඇතුළු සියලු දෙනා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා !
මෙම ප්‍රකාශනය රෝගියාගේ පිරිසිදුකම හා ඔහුගේ සලාතය පිළිබඳ ඇතැම් නීති සම්බන්ධයෙන් වූ කෙටි සඳහනකි.  
රෝගියෙක් නැමදුම සහ   පිරිසිදුවීම කරන්නේ කෙසේද

اولا : كيف يتطهر المريض ؟
පළමුව : රෝගියා පිරිසිදු වනුයේ කෙසේ ද?
1-    ජලය භාවිත කරමින් සුළු කිල්ලෙන් බැහැර වනු පිණිස වුළු ගැනීමත් මහා කිල්ලෙන් බැහැර වනු පිණිස ස්නානය කිරීමත් රෝගියා කෙරෙහි අනිවාර්යය වේ.
2-    නොහැකියාව හෝ රෝගී තත්ත්වය වර්ධනය වීම හෝ සුව වීම ප්‍රමාද වීම වැනි යම් හේතුවක් මත ජලය පරිහරණය කිරීමට නොහැකි වූ විටෙක ඔහු තයම්මුම් කළ යුතුය.
3-    තයම්මුම් කිරීමේ ක්‍රමය වනුයේ තම දෑත් එක් වරක් පිරිසිදු පොළොව මත ගසා ඉන් තම සම්පූර්ණ මුහුණම පිස දමා පසුව ඔහුගේ දෑතෙහි මැණික් කටුවට පහළ කොටස මාරුවෙන් මාරුව පිස දැමීමය.
4-    තමා විසින් පිරිසිදු විය නොහැකි නම් එවිට වෙනත් පුද්ගලයකු විසින් වුළු හෝ තයම්මුම් කරවා ගත හැක.
5-    පිරිසිදු කරනා ශරීර අවයවයක යම් තුවාලයක් වී නම් එවිට ඔහු එය ජලයෙන් පිරිසිදු කළ යුතුය. ජලය භාවිතයෙන් තුවාලයට යම් බලපෑමක් වන්නේ නම් ජලයෙන් පිරි මැදිය යුතුය. එනම් තම අත ජලයෙන් තෙමා ඒ මත ගෙන යා යුතුය. එසේ ජලයෙන් පිරිමැදීමෙන් ද යම් බලපෑමක් ඇති වන්නේ නම් එවිට ඒ වෙනුවෙන් තයම්මුම් කළ යුතු වේ.
6-    යම් කිසි අවයවයක් කැඩී ඒ මත රෙදි කඩක් හෝ වෙළුම් පටියක් හෝ ගැට ගසා ඇත්නම් එවිට එය සේදීම වෙනුව ට ජලය ගෙන ඒ මත පිරිමැදිය යුතුය. තයම්මුම් කිරීම අවශ්‍ය නොවේ. හේතුව එසේ පිරිමදිනුයේ සේදීම වෙනුවෙන් බැවිනි.
7-    බිත්තියක් මත හෝ දූවිලි සහිත පිරිසිදු වෙනත් වස්තුවක් මත තයම්මුම් කිරීමට අනුමැතිය ඇත. මහපොළොවෙන් නොවූ වෙනත් වස්තුවක් එම බිත්තිය මත අලේප කර ඇත්නම් එහි දූවිලි තිබේ නම් පමණක් හැර ඒ මත තයම්මුම් කළ නොහැක.
8-    පොළොව මත හෝ බිත්තියක් මත හෝ දූවිලි සහිත වෙනත් වස්තුවක් මත හෝ තයම්මුම් කිරීමට නොහැකි නම් භාජනයක හෝ ලේන්සුවක් වැනි දෙයක පස් තබා ඒ මත තයම්මුම් කිරීම වරදක් නැත.
9-    එක් සලාතයක් වෙනුවෙන් තයම්මුම් කොට පසුව එම පිරිසිදු තත්ත්වයේම අනෙක් සලාතය දක්වා රැඳී සිටියේ නම් ප්‍රථම තයම්මුමය තුළින් එම සලාතය ද ඉටු කළ හැකිය. දෙවන සලාතය සඳහා නැවතත් තයම්මුම් කළ යුතු නැත. හේතුව ඔහු පිවිතුරු බවින් නොමිදුණු බැවිනි. එමෙන්ම ඔහු පතන දෑ ඔහුට නොලැබුණු බැවිනි.
10-    රෝගියා තම ශරීරයේ පවතින අපවිත්‍ර දෑ ඉවත් කොට  පිරිසිදු වීම අනිවාර්යය වේ. එසේ සිදු කිරීමට ඔහුට නොහැකි නම් ඔහු සිටින තත්ත්වයේම සලාතය ඉටු කළ යුතුය. ඔහුගේ සලාතය නිවැරදිය. ඒ වෙනුවෙන් නැවත ඉටු කිරීමක් අවශ්‍ය නොමැත.
11-    රෝගියා පිරිසිදු ඇඳුමක් ඇඳ සලාතය ඉටු කිරීම අනිවාර්යය වේ. ඇඳුම අපවිත්‍ර වූයේ නම් එය සේදීම අනිවාර්යය. එසේ නැතිනම් එය ගලවා වෙනත් පිරිසිදු ඇඳුමක් ඇඳීම අනිවාර්යය. නමුත් එසේ සිදු කිරීමට ඔහුට නොහැකි නම් ඔහු සිටින තත්ත්වයේම සලාතය ඉටු කළ හැකිය. ඔහුගේ සලාතය නිවැරදිය. ඒ වෙනුවෙන් නැවත සලාතය ඉටු කිරීමක් අවශ්‍ය නොමැත.
12-    රෝගියා පිරිසිදු දැයක් මත සලාතය ඉටු කිරීම අනිවාර්යය. ඔහු සලාතය ඉටු කරන ස්ථානය අපවිත්‍ර නම් එය සෝදා හැරිය යුතුය. එසේ නොමැතිනම් ඒ වෙනුවට වෙනත් ස්ථානයක් තෝරා ගත යුතුය. එසේත් නොමැතිනම් ඒ මත පිරිසිදු ඇතිරිල්ලක් දැමිය යුතුය. නමුත් ඒ කිසිවක් කිරීමට ඔහුට නොහැකි නම් ඔහු සිටින තත්ත්වයේම සලාතය ඉටු කළ හැකිය. ඔහුගේ සලාතය නිවැරැදිය. ඒ වෙනුවෙන් නැවත සලාතය ඉටු කිරීමක් අවශ්‍ය නොමැත.
13-    පිරිසිදු වීමට නොහැකි හේතුවෙන් සලාතය එහි නියමිත වේලාවේ ඉටු නොකොට ප්‍රමාද කිරීම රෝගියාට සුදුසු නොවේ. නමුත් ඔහුගේ හැකියාව හා ශක්තියට අනුව පිරිසිදු විය යුතුය. පසුව නියමිත වේලාවේ සලාතය ඉටු කළ යුතුය. ඔහුගේ ශරීරයේ හෝ ඔහුගේ වස්ත්‍රයේ හෝ ඔහු සිටින ස්ථානයේ හෝ යම් අපවිත්‍රයක් ඇත් නම් ඔහුට සලාතය ඉටු කළ නොහැකිය.

ثانيا : كيف يصلى المريض ؟
දෙවැන්න රෝගියා සලාතය
ඉටු කරනුයේ කෙසේද ?
1-    අනිවාර්යය සලාතයන් සිට ගෙන ඉටු කිරීම රෝගියා වෙත අනිවාර්යය වේ. නැවී හෝ බිත්තියක් සැරයටියක් හෝ එවැනි ඔහුට අවශ්‍ය ආධාරකයක් මත රැඳී හෝ සිට ගෙන සලාතය ඉටු කළ යුතුය.
2-    නමුත් ඔහුට එසේ නැගිට සලාතය ඉටු කිරීමට ශක්තියක් නොමැති නම් වාඩි වී සලාතය ඉටු කළ යුතුය. එවිට වඩාත් උතුම් වන්නේ කියාම් හා රුකූඋ නම් ඉරියව්වන් හි එරමිණි ගොතා වාඩි වීමය.
3-    වාඩි වී සලාතය ඉටු කිරීමට ශක්තිය නොදරන්නේ නම් කිබ්ලාවට මුහුණ ලා ඔහුගේ ඇල පැත්තට හාන්සි වී සලාතය ඉටු කළ යුතුය. - වඩාත් උචිත වන්නේ දකුණු පැත්තට ඇලවීමය- නමුත් කිබ්ලා දිසාවට මුහුණලෑමට නොහැකි නම් එවිට ඔහු මුහුණ පා සිටින කවර දිසාවක සිට හෝ සලාතය කළ යුතුය. ඔහුගේ සලාතය නිවැරදිය නැවත ඉටු කිරීමක් අවශ්‍ය නොවේ.
4-    පැත්තට ඇල වී සලාතය ඉටු කිරීමට ශක්තිය නොමැති නම් ඔහු උඩු බැලි දෙසට හැරී දෙපා කිබ්ලා දෙසට යොමු වන සේ සිට සලාතය ඉටු කළ යුතුය. එහි දී කිබ්ලා දෙසට මුහුණලන සේ මදක් තම හිස එසවීම උතුම්ය. දෙපා කිබ්ලා දෙසට හැරවීමට ශක්තිය නොමැති නම් එය පිහිටා ඇති අයුරින්ම සිට සලාතය කළ යුතුය. නැවත ඉටු කිරීමක් අවශ්‍ය නොවේ.
5-    රෝගියා රුකූඋ හා සුජූද් කිරීම අනිවාර්යය. නමුත් එයට ශක්තිය නොදැරුවේ නම් තම හිස සොලවා සංඥා කළ යුතුය. එවිට රුකූහි දක්වන සංඥාවට වඩා පහත් ව සුජූද්හි සංඥාව සිදු කළ යුතුය. එසේම ඔහුට රුකූඋ කිරීමට හැකියාව තිබී සුජූද් කළ නොහැකි විටක ඔහු රුකූඋ අවස්ථාවේ රුකූඋ කොට සුජූද් සඳහා හිස සොලවා සංඥා කළ යුතුය. එසේම ඔහුට සුජූද් කිරීමට හැකියාව තිබී රුකූඋ කළ නොහැකි විටක ඔහු සුජූද් අවස්ථාවේ සුජූද් කොට රුකූඋ සඳහා හිස සොලවා සංඥා කළ යුතුය.
6-    රුකූඋ හි හා සුජූද් හි එසේ හිසෙන් සංඥා කිරීමට පවා ශක්ති නොමැති නම් තම දෑසින් සංඥා කරයි. එවිට රුකූහි මදක් ඇස් වසා ගත යුතු අතර සුජූද්හි වැඩිපුර ඇස් වසා ගත යුතුය. ඇතැම් රෝගීන් සිදු කරනවාක් මෙන් අතින් සංඥා කිරීම නිවැරැදි නොවේ. කුර්ආනයේ හෝ හදීසයේ හෝ ඒ සඳහා කිසිදු මූලාශ්‍රයක දකින්නට නොමැත. විද්වතුන් පවසන ප්‍රකාශයක් හෝ නොමැත.
7-    හිස සොලවා සංඥා කිරීමට හෝ ඇසින් සංඥා කිරීමට හෝ ශක්තිය නොමැති නම් තම හදවතින් සලාතය ඉටු කරයි. එවිට තක්බීර් පවසා කුර්ආනය පාරායනය කොට රුකූඋ සුජූද් කියාම් කුඌද් යන සලාතයේ ඉරියව්වන් හදවතින් විචිත්‍රවත් කර ගනිමිත් චේතනා කරයි. සෑම කෙනෙකුටම කුසල් හිමි වන්නේ ඔහුගේ චේතනාවට අනුවය.
8-    සෑම සලාතයක්ම එහි නියමිත වේලාවේ ඉටු කිරීම රෝගියා වෙත අනිවාර්යය වේ. ඔහු වෙත අනිවාර්යය වන දැයින් ඔහුට හැකියාව ඇති දෑ ගෙන ඔහු ඉටු කළ යුතුය. සෑම සලාතයක්ම එහි නියමිත වේලාවට ඉටු කිරීම පිළිබඳ ව ඔහුට සැකයක් පවතී නම් ලුහර් හා අසර් අතර ද මග්රිබ් හා ඉෂා අතර ද සලාතය එක් කිරීමට අනුමැතිය ඇත. එය පෙරට ගෙන හෝ පසුවට ගෙන ගොස් හෝ ඉටු කළ හැක. එනම් අසර් සලාතය ලුහර් සමඟ හා ඉෂා සලාතය මග්රිබ් සමඟ පෙරට ගෙනැවිත් හෝ ලුහර් සලාතය අසර් වෙත හා මග්රිබ් සලාතය ඉෂා වෙත ගෙන ගොස් ජම්උ හෙවත් සලාතයන් එක් කොට ඉටු කළ හැක. එය තමන්ගේ පහසුව අනුව සිදු කළ යුතු වේ. සුබ්හු සලාතය ඊට පෙර හෝ ඊට පසු සලාතය සමඟ එක් කොට ඉටු කළ නොහැක.
9-    රෝගියා ප්‍රතිකාර සඳහා වෙනත් නගරයකට ගමන් ගත් මගියකු වී නම් එවිට ඔහු රකආත් හතරේ සලාතයන් දෙක බැගින් කෙටි කොට ඉටු කළ හැක. එනම් ඔහු නැවත තම ගම රට බලා පැමිණෙන තෙක් ලුහර් අසර් හා ඉෂා රකආත් දෙක බැගින් ඉටු කළ හැක.  ඔහුගේ ගමන් කාලය දිගු වුව ද කෙටි වුවද එක සමානය.

අල්ලාහ් මෙය පිළිගනිත්වා !
මූලාශ්‍රය:
ගරු අෂ්-ෂෙයික් අල් අල්ලාමා මුහම්මද් සාලිහ් අල් උසෙයිමීන්ගේ වෙබ් අඩවිය.

 
රෝගියකු මුහුණ දෙන දුෂ්කරතා හා ඒ මත ඉවසීමෙන් කටයුතු කිරීමේ මහිමය පිළිබඳ සඳහන් කරන හදීස් කිහිපයක්.
1 -
عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ وَعَنْ أَبِي هُرَيْرَةَ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : "مَا يُصِيبُ الْمُسْلِمَ مِنْ نَصَبٍ وَلَا وَصَبٍ وَلَا هَمٍّ وَلَا حُزْنٍ وَلَا أَذًى وَلَا غَمٍّ حَتَّى الشَّوْكَةِ يُشَاكُهَا إِلَّا كَفَّرَ اللَّهُ بِهَا مِنْ خَطَايَاهُ" متفق عليه
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා හා අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා යන සහාබාවරුන් විසින් වාර්තා කරන ලදී.
මුස්ලිම්වරයාට ඇති වන කවර හෝ දුෂ්කරතාවක් හෝ රෝගයක්  හෝ දුකක් හෝ සන්තාපයක් හෝ පීඩාවක් හෝ දොම්නසක් හෝ වුව ද එය ඇනෙන කටුවකින් හෝ සිදු වුව ද එමගින් අල්ලාහ් ඔහුගේ වැරදි වලට සමාව දෙන්නේමය.     මූලාශ්‍රය: බුහාරි.

2 -
وعَنْ أَبِي مسعود، قال :  قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ " مَا مِنْ مُسْلِمٍ يُصِيبُهُ أَذًى مَرَضٌ فَمَا سِوَاهُ إِلَّا حَطَّ اللَّهُ لَهُ سَيِّئَاتِهِ كَمَا تَحُطُّ الشَّجَرَةُ وَرَقَهَا" متفق عليه.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
රෝගයක් හේතුවෙන් යම් කිසි පීඩාවක් මුස්ලිම්වරයකුට ඇති වූයේ නම් ඒ හේතුවෙන් ගහක කොළ වැටෙන්නාක් සේ ඔහුගේ පාපයන්ට අල්ලාහ් සමාව දෙයි. මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්
3 -
عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ : قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : " مَا مِنْ مُصِيبَةٍ تُصِيبُ الْمُسْلِمَ ، إِلَّا كَفَّرَ اللَّهُ بِهَا عَنْهُ حَتَّى الشَّوْكَةِ يُشَاكُهَا " متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී.
මුස්ලිම්වරයාට ඇති වන කවර හෝ දුෂ්කරතාවක් වුව ද ඒ හේතුවෙන් අල්ලාහ් ඔහුගේ පාපයන් ක්ෂමා නොකොට හරින්නේ නැත. එය අනින කටුවකින් හෝ වුවද කම් නැත.      මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්
4 -
عَنْ جَابِرٍ رضي الله عنه قَالَ:  قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : " يَوَدُّ أَهْلُ الْعَافِيَةِ يَوْمَ الْقِيَامَةِ حِينَ يُعْطَى أَهْلُ الْبَلَاءِ الثَّوَابَ لَوْ أَنَّ جُلُودَهُمْ كَانَتْ قُرِضَتْ فِي الدُّنْيَا بِالْمَقَارِيضِ " متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැවසූ බව ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින (මෙලොව) පරීක්ෂාවට ලක් වූ අයට කුසල් දෙනු ලබන විට සුවපත් ව සිටියවුන් තමන්ගේ හම් මෙලොවදීම කතුරුවලින් කැබලි කැබලි වලට කැපී තිබිය යුතු නොවේ දැ යි ආශා කරයි.
මෙය ඉමාම් තිර්මිදි තුමා විසින් වාර්තා කර ඇති අතර ඉමාම් අල්බානි තුමා මෙය හසන් ගණයට අයත් හදීසයක් බව සඳහන් කරයි.
මතු සම්බන්ධයි