ජයග්රاහණයේ හා සමත් වීමේ සාධක

• ජයග්රවහණයේ හා සමත් වීමේ සාධක
• දේව විශ්වාසවන්තයින්ගේ මහිමයන්
• ඒක දේව ප්රසතිපත්තිය හා දේව විශ්වාසය තැබූ අයගේ වගකීම
• ඒක දේව ප්රසතිපත්තිය හා දේව විශ්වාසය ඇති අය ගේ ප්රීතිඵල

اسم الكتاب: أدلة النجاح - من كتاب مختصر الفقه الإسلامي


تأليف: محمد بن إبراهيم التويجري


الناشر: المكتب التعاوني للدعوة وتوعية الجاليات بالربوة


نبذة مختصرة: كتاب أدلة النجاح من كتاب مختصر الفقه الإسلامى للشيخ محمد إبراهيم التويجرى - أثابه الله - مترجم إلى اللغة السنهالية ويحتوى على :
1.أدلة النجاح
2 فضائل المؤمنين
3. مسؤولية الموحدين
4. إنجازات الموحدين.


මුහ්තසර් අල්-ෆික්හුල් ඉස්ලාම්
පිටුව 66 – 71


 
] සිංහල – Sinhala –[ سنهالي  
අෂ් ෂෙයික් තුවෙයිජිරි

පරිවර්තණය

මාහිර් රම්ඩීන්

 

 


2014 - 1436
 
 
مختصر الفقه الإسلامي
أدلة النجاح-من 66-71
« باللغة السنهالية »

 

محمد بن إبراهيم بن عبد الله
نبذة مختصرة: مختصر الفقه الإسلامي مختصر سهل حوى بين جنبيه شرائع وروعي فيه إلقاء النفع على البيت المسلم على وجه الخصوص

 

ترجمة: ماهر رمدين

 

 


2014 - 1436
 


ජයග්‍රහණයේ හා සමත් වීමේ සාධක
මුහ්තසර් අල්-ෆික්හුල් ඉස්ලාමී
පිටුව 66 – 71
මාතෘකා
•    ජයග්‍රහණයේ හා සමත් වීමේ සාධක
•    දේව විශ්වාසවන්තයින්ගේ මහිමයන්
•    ඒක දේව ප්‍රතිපත්තිය හා දේව විශ්වාසය තැබූ අයගේ වගකීම
•    ඒක දේව ප්‍රතිපත්තිය හා දේව විශ්වාසය ඇති අය ගේ ප්‍රතිඵල

 


මිනිසා දුගියෙකු වුව ද ඔහු පොහොසතෙකු වුව ද සෑම කෙනෙකුට ම ජයග්‍රහණයේ හා සමත් වීමේ මාර්ග හා සාධක උත්තරීතර අල්ලාහ් පිරිනමා ඇත. එමෙන් ම ධන සම්පත ගෞරවය වැනි ජයග්‍රහණය ට හෝ සමත් වීමට හෝ හේතු කාරක නොවන සාධක ද ඇතැමුන් ට ලබා දී ඇත. තවත් ඇතැමුන් ට ඔහු ඒවා පිරිනමා නොමැත.

මෙලොව හා මතු ලොව ජයග්‍රහණය ට හා සමත් වීමට එකම සාධකය වනුයේ දේව විශ්වාසය හා දැහැමි ක්‍රියාවන් ය. එය සෑම කෙනෙකු කෙරෙහි ම බල පැවැත්වෙන සත්‍යයකි. එමෙන් ම විශ්වාසයේ කේන්ද්‍ර ස්ථානය හදවත ය. එය සෑම කෙනෙකු ට ම පවතින්නකි. තව ද ක්‍රියාවන් හි කේන්ද්‍ර ස්ථානය ශරීර අවයවයන් ය. ඒවා ද සෑම කෙනෙකු ට ම පවතී. එබැවින් කවරෙකු ගේ හදවතෙ හි විශ්වාසය පිහිටා ඔහු ගේ ශරීරය තුළින් දැහැමි ක්‍රියාවන් හෙළි වන්නේ ද ඔහු මෙලොව හා මතු ලොව ජයග්‍රහණය ලැබුවේ ය. මේ හැර වෙනකක් ඔහු තුළ ඇත්නම් ඔහු අලාභවන්තයින් අතර ට පත් වෙයි.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

وَالْعَصْرِ ، إِنَّ الْإِنْسَانَ لَفِي خُسْرٍ ، إِلَّا الَّذِينَ آَمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ .

කාලය මත දිවුරා පවසමි. (සත්‍යය) විශ්වාස කර දැහැමි ක්‍රියාවන් ඉටු කර සත්‍ය පිළිබඳ එකිනෙකා උපදෙස් දී ඉවසීම පිළිබඳව ද එකිනෙකා උපදෙස් දුන් අය හැර (සෙසු) මිනිස් වර්ගයා අලාභයෙහි ය.            (අල්-කුර්ආන් 103:1-3)

1. මෙලොව හා මතු ලොව ජයග්‍රහණය හා සමත් වීම මිනිසාට හිමි වනුයේ දේව විශ්වාසය හා දැහැමි ක්‍රියාවන් තුළින් පමණ ය.

අල්ලාහ් අබියස මිනිසෙකු ගේ වටිනාකම තක්සේරු වනුයේ ඔහු තුළ ඇති දේව විශ්වාය හා ඔහු ඉටු කරන දැහැමි ක්‍රියාවන් හි ප්‍රමාණය ට අනුව ය. ඒ හැර ධනය හෝ වස්තුව හෝ නිලය පදනම් කර ගෙන නොවේ.
 
එමෙන් ම අල්ලාහ් අබියස මිනිසා ගේ වටිනාකම තක්සේරු වනුයේ ඔහුගේ ගුණාංග පදනම් කර ගෙන මිස ඔහු ගේ ස්වරූපය පදනම් කර ගෙන නොවේ. අබූ ලහබ් උසස් වංශයක කෙනෙකි. පිළි ගත් කෙනෙකි. නමුත් ඔහු ගිනි ජලාවෙන් යුත් ගින්න ට පිවිසෙනු ඇත. හේතුව ඔහු අල්ලාහ් ව විශ්වාස නොකළේය. එසේ තිබිය දී නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැතැයි විශ්වාස කළ එකම හේතුවෙන් තම උදරය මත මහා ගලක් තබන ලදුව මිය යැදීම ට සිටි ඇබීසීනියානු කළු ජාතික බිලාල් ව අල්ලාහ් උසස් කළේය. මක්කාහ් ජයග්‍රහණයේ දී කඃබා මතු පිට නැග අදාන් පැවසීමේ භාග්‍යය ඔහු ට අල්ලාහ් පිරිනැමුවේ ය. අල්ලාහ් ගේ දූතයාණන් මිය යන තෙක්ම  කැඳවුම් කරු ලෙස ඔහු ව පත් කළේය. නබි තුමාණෝ ස්වර්ගයේ තමන් අබියස ඔහුගේ පාවහන් හඬ ට සවන් දුන්හ.

ඇතැමුන් නූහ් නබි තුමාගේ ජනයා මෙන් සැබැවින් ම ජයග්‍රහණය හා සමත් වීම අධිකත්වය තුළ පවතින්නේ යැයි විශ්වාස කළහ.

තවත් සමහරුන් ආද් ජනයා මෙන් එය බලය තුළ පවතින්නේ යැයි විශ්වාස කළහ.  

තවත් සමහරුන් සමූද් ජනයා මෙන් එය කරන ක්‍රියාවන් තුළ එය පවතින්නේ යැයි විශ්වාස කළහ.

තවත් සමහරුන් ඉබ්‍රාහීම් නබි තුමාගේ ජනයා මෙන් එය පිළිම වන්දනා ව තුළ පවතින්නේ යැයි විශ්වාස කළහ.

තවත් සමහරුන් ෂුඅයිබ් නබි තුමාගේ ජනයා මෙන් එය ව්‍යාපාරය තුළ පවතින්නේ යැයි විශ්වාස කළහ.

තවත් සමහරුන් සබඃ ජනයා මෙන් එය කෘෂිකර්මය තුළ පවතින්නේ යැයි විශ්වාස කළහ.
තවත් සමහරුන් නම්රූද් ෆිර්අවුන් මෙන් එය රාජ්‍ය බලය හා ආධිපත්‍යය තුළ පවතින්නේ යැයි විශ්වාස කළහ.
තවත් සමහරුන් කාරූන් මෙන් එය වස්තුව ධනය තුළ පවතින්නේ යැයි විශ්වාස කළහ.

අල්ලාහ් ට නැමදුම් කරන මෙන් ද ඔහු ට කිසිවක් ආදේශ නොතබන මෙන් ද ඇරයුම් කිරීම පිණිසත් සැබැවින් ජයග්‍රහණය හා සමත් වීම මෙම වස්තූන් කෙරෙහි නොමැති බවත් එය දේව විශ්වාසය හා දැහැමි ක්‍රියාවන් තුළ පමණක් පවතින බවත් පැහැදිලි කිරීම පිණිසත් අල්ලාහ් ට හා ඔහු ගේ ධර්ම දූතයින් ට ඔවුන් අවනත වනු පිණිසත් උත්තරීතර අල්ලාහ් නබි වරුන් හා රසූල් වරුන් ව ඔවුන් වෙත එවූහ.

1- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَمَنْ يُطِعِ اللَّهَ وَرَسُولَهُ وَيَخْشَ اللَّهَ وَيَتَّقْهِ فَأُولَئِكَ هُمُ الْفَائِزُونَ
කවරෙකු අල්ලාහ්ටත් ඔහුගේ ධර්ම දූතයාණන්ටත් අවනත වී අල්ලාහ් ට බියෙන් නැඹුරු වී ඔහු ට බිය බැතිමත් වන්නේ ද එවිට ජයග්‍රාහකයෝ ඔවුහුම ය.     (අල්-කුර්ආන් 24:52)

2- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
الَّذِينَ يُؤْمِنُونَ بِالْغَيْبِ وَيُقِيمُونَ الصَّلَاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ (3) وَالَّذِينَ يُؤْمِنُونَ بِمَا أُنْزِلَ إِلَيْكَ وَمَا أُنْزِلَ مِنْ قَبْلِكَ وَبِالْآخِرَةِ هُمْ يُوقِنُونَ (4) أُولَئِكَ عَلَى هُدًى مِنْ رَبِّهِمْ وَأُولَئِكَ هُمُ الْمُفْلِحُونَ (5)
ඔවුහු කවරහු ද යත් ගුප්ත දෑ පිළිබඳ ව විශ්වාස කරති. තව ද අප ඔවුන ට ලබා දුන් දැයින් වියදම් කරති.
ඔවුහු කවරහු ද යත් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ද නුඹ ට පෙර පහළ කරනු ලැබූ දෑ ද විශ්වාස කරති. තව ද පරමාන්ත දිනය ගැන ද ඔවුහු තරයේ ම විශ්වාස කරති.
ඔවුහු තම පරමාධිපතිගෙන් වූ යහ මඟ මත සිටිනවුන් ය. තව ද ඔවුහුම ය ජයග්‍රාහකයෝ.(අල්-කුර්ආන් 2:3-5)

2- මෙම ජන පිරිස් අල්ලාහ් ගේ ධර්ම දූතයින්ව අසත්‍යය කළ බැවින් ද ඔවුන් ගේ ප්‍රතික්ෂේපයේ අඛණ්ඩ ව සිටි බැවින් ම ඔවුන් අබියස ඇති දෑ වංචාවක් ලෙස ගත් බැවින් අල්ලාහ් ඔවුන් ව විනාශ කර දමා ඔහු ගේ නබි වරුන් රසූල්වරුන් හා ඔවුන් ව අනුගමනය කළවුන් ව මුදවා ගත්තේ ය. තව ද සතුරන් ට එරෙහි ව මොවුන් ට උදව් උපකාර කළේය.
මෙම වස්තූන් කෙරෙහි ඔවුන් තබා ඇති විශ්වාසය ට අනුව පාපය ඇති වන්නේ ය. මහත් පාපකම් අනුව වේදනීය දඬුවම පැමිණෙන්නේ ය.
1-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
فَكُلًّا أَخَذْنَا بِذَنْبِهِ فَمِنْهُمْ مَنْ أَرْسَلْنَا عَلَيْهِ حَاصِبًا وَمِنْهُمْ مَنْ أَخَذَتْهُ الصَّيْحَةُ وَمِنْهُمْ مَنْ خَسَفْنَا بِهِ الْأَرْضَ وَمِنْهُمْ مَنْ أَغْرَقْنَا وَمَا كَانَ اللَّهُ لِيَظْلِمَهُمْ وَلَكِنْ كَانُوا أَنْفُسَهُمْ يَظْلِمُونَ
සෑම කෙනෙකුව ම ඔහු ගේ පාපය ට අනුව ග්‍රහණය කළෙමු. එබැවින් ඔවුන් අතුරින් සමහරුන් වෙත ගල් සුළඟක් එව්වෙමු. ඔවුන් අතුරින් තවත් සමහරුන් මහා හඬ ග්‍රහණය කළේය. ඔවුන් අතුරින් තවත් සමහරුන් ව මිහිතලය ට ගිලා බැස්සවීමු. ඔවුන් අතුරින් තවත් සමහරුන් ව (ජලයේ) ගිල්වීමු. තව ද ඔවුන ට අපරාධ කිරීම ට අල්ලාහ්(ට කිසිදු අවශ්‍යතාවක්) නොවීය. නමුත් ඔවුහු ඔවුන්ට ම අපරාධ කර ගන්නන් ලෙස සිටියහ.          (අල්-කුර්ආන් 29:40)

2-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
فَلَمَّا جَاءَ أَمْرُنَا نَجَّيْنَا صَالِحًا وَالَّذِينَ آمَنُوا مَعَهُ بِرَحْمَةٍ مِنَّا وَمِنْ خِزْيِ يَوْمِئِذٍ إِنَّ رَبَّكَ هُوَ الْقَوِيُّ الْعَزِيزُ ، وَأَخَذَ الَّذِينَ ظَلَمُوا الصَّيْحَةُ فَأَصْبَحُوا فِي دِيَارِهِمْ جَاثِمِينَ .
අප ගේ (දඬුවමේ) අණ පැමිණි කල් හි අපි අප ගේ දයාවෙන් සාලිහ් ව ද ඔහු සමඟ වූ විශ්වාස කළවුන් ව ද මුදවා ගත්තෙමු. තව ද එදින අවමානයෙන් ද (මුදවා ගත්තෙමු.) සැබැවින් ම නුඹ ගේ පරමාධිපති වන ඔහු ශක්තිසම්පන්න ය. සර්ව බලධාරී ය.
අපරාධ කළවුන් ව මහා හඬ ග්‍රහණය කළේය. පසු ව ඔවුහු උදෑසන ඔවුන් ගේ නිවෙස් වල දණින් වැටී (මිය ගිය තත්ත්වයේ) පසු වූහ. (අල්-කුර්ආන් 11:66,67)

•    තස්කියතුන් නෆස් හෙවත් චිත්ත පාරිශුද්ධිය පිළිබඳ අවබෝධය.
අත්-තස්කිය්යා යනු සියලු කිලිටි හා අපවිත්‍රතාවන්ගෙන් බාහිර ය හා අභ්‍යන්තර ය පිරිසිදු ව තබා ගැනීමයි.
තස්කියාව ට තුන් ආකාරයක බැඳියාවන් තිබේ.
පළමුවැන්න : අල්ලාහ් ගේ වගකීම් සම්බන්ධයෙනි. එනම් මිනිසා පාරිශුද්ධ විය යුතුය. ආදේශය කුහකකම මූණිච්චා ව වැනි දැයින් පිවිතුරු විය යුතුය. දහම අල්ලාහ් ට පමණක් පුදා අවංක ලෙසින් ඔහු ට නැමදුම් ඉටු කළ යුතුය.
දෙවැන්න : ධර්ම දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ගේ වගකීම් සම්බන්ධයෙනි. එනම් එතුමාණන් පෙන්වා නොදුන් සියලු ආකරයේ බිද්අත් හෙවත් අලුත බිහි වූ වතාවන්ගෙන් ඉවත් වී පිවිතුරු විය යුතුය. ෂරීආහ් ව තීන්දු කළ අයුරින් පමණක් අල්ලාහ් ට නැමදුම් ඉටු කළ යුතුය.
තුන්වැන්න :  තම ආත්මයේ වගකීම් සම්බන්ධයෙනි. එනම් අල්ලාහ් ට හා රසූල් ට අවනත වීම තුළින් හා දැහැමි සාර ධර්මයන් තුළින් තම ආත්මය පිරිසිදු කර ගත යුතුය. වංචාව ක්‍රෝධය බොරුව කේළම සතුරුකම වැනි පාපකාරී ගති පැවතුම් වලින් ආත්මය පිරිසිදු කර ගත යුතුය. මිනිසුන් සමඟ ගුණවත් ලෙසින් කටයුතු කළ යුතුය.
කවරෙකු මෙම මහිමයන් ලත් ගුණාංග තුළින් පෝෂණය කරනු ලැබුවේ ද දේව විශ්වාසය දැනුම ක්‍රියාකාරකම් හැදියාවන් හා ස්වර්ගය යනාදියේ උසස් තරාතිරම් හා නිලයන් හිමි කර ගනු ඇත.  
1-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَنَفْسٍ وَمَا سَوَّاهَا ، فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا ، قَدْ أَفْلَحَ مَنْ زَكَّاهَا ، وَقَدْ خَابَ مَنْ دَسَّاهَا .
තව ද ආත්මය මත හා එය නිසි ලෙස සකස් කළ ඔහු මත දිවුරමින්.
පසු ව ඔහු එහි අයහපත හා එහි යහපත එයට කාවැද්දුවේ ය.
කවරෙකු එය(ආත්මය) පිවිතුරු කළේ ද ඔහු සැබැවින් ම ජයග්‍රහණය කළේය.
කවරෙකු එය දූෂිත කර ගත්තේ ද සැබැවින් ම ඔහු පාඩු වින්දේ ය.         (අල්-කුර්ආන් 91 : 7-10)
 
2-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
قَدْ أَفْلَحَ مَنْ تَزَكَّى ، وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّى .
කවරෙකු තමන් ව පවිත්‍ර කර ගත්තේ ද සැබැවින් ම ඔහු ජයග්‍රහණය කළේය.
තව ද ඔහු තම පරමාධිපති ගේ නාමය මෙනෙහි කර පසු ව සලාතය ඉටු කළේය. (අල්-කුර්ආන් 87 : 14, 15)

දේව විශ්වාසවන්තයින්ගේ මහිමයන්
1- මැවීම් තුළ පවතින විශ්වාසයන් විවිධ තරාතිරම් වලින් යුක්ත ය.
1.    මලක්වරුන් ගේ විශ්වාසය ස්ථීර කරන ලද්දකි. එහි අඩු වීමක් හෝ වැඩි වීමක් හෝ සිදු නොවෙයි. එබැවින් අල්ලාහ් ඔවුන් ට අණ කළ කිසිවක් ඔවුහු ප්‍රතික්ෂේප නොකරති. එය ට පටහැණි ව කිසිවක් නොකරති. එමෙන් ම ඔවුන ට අණ කරන දෑ එලෙසින් ම සිදු කරති.
2.    නබි වරුන් ගේ විශ්වාසය. එය අධික වී යයි. අඩු නොවෙයි. හේතුව ඔවුහු අල්ලාහ් පිළිබඳ ව පූර්ණ අවබෝධයකින් සිටින බැවිනි. ඔවුන ට උසස් තරාතිරම් ඇත.
3.    සෙසු මුස්ලිම් වරුන් ගේ විශ්වාසය. එය අවනත වීමෙන් වැඩි වන අතර පාපකම් කිරීමෙන් අඩු වී යයි. ඔවුන් විශ්වාසයේ විවිධ තරාතිරම් වලින් යුක්ත අය වෙති.
එබැවින් විශ්වාසයේ පළමු වැනි තරාතිරම එය මුස්ලිම් වරයා ව අල්ලාහ් කෙරෙහි ආදරය සෙනෙහස පෑමට සලස්වයි. ඔහු ට ගරු බුහුමන් කිරීම ට දිරි ගන්වයි. ඔහු අල්ලාහ් ට නැමදුම් ඉටු කරයි. එමගින් රසාස්වාදයක් ලබයි. ඒ කෙරෙහි සුරක්ෂිත ව ප්‍රවේශමෙන් පසු වෙයි.
ජනයා අතුරින් තමන් ට ඉහළින් සිටින කෙනෙකු හෝ තමන් ගේ තරාතිරමෙහි සිටින කෙනෙකු සමඟ යහපත් ගනු දෙනුවක් ඇති කර ගන්නට නම් තමන්ටත් සෙසු අයටත් අපරාධ සිදුවීමෙන් වළක්වාලන බලවත් විශ්වාසයක අවශ්‍යතාව තිබිය යුතුය.  
එමෙන් ම තම අධීක්ෂණය යොමු කරන පාලකයෙකු සේ තම පවුල සමඟ සිටින මිනිසෙකු සේ මැවීම් අතුරින් තමන් ට වඩා පහළින් සිටින අයෙකු සමඟ යහපත් ඇසුරක ට නම් අපරාධ වලින් තමන්ව හා තමන් ට පහළින් වළක්වාලන බලවත් විශ්වාසයක අවශ්‍යතාව තිබිය යුතුය.  
විශ්වාසය වැඩි වන සෑම අවස්ථාවක ම ඔහු ගේ ස්ථාවරත්වය වර්ධනය වෙයි. දැහැමි ක්‍රියාවන් බහුල ව සිදු වෙයි. අල්ලාහ් ගේ යුතුකම් හා ඔහු ගේ ගැත්තන් ගේ යුතුකම් ඉටු කරන දැහැමි ගැත්තෙකු බව ට පත් වෙයි. එවිට ඔහු මැවුම් කරු සමඟ හා මවනු ලැබූ අය සමඟ ගුණවත් ලෙසින් හා විනයානුකූල ව කටයුතු කරයි. මෙයයි මෙලොව හා මතු ලොව පවතින උසස් ම නිලය වනුයේ.
2- සෑම ගැත්තෙකු ම එකම තැන නොනැවතී ගමන් කරති. සෑම කෙනෙකු ම නගිති නැතහොත් බසිති. එනම් ඉහළ ට නගිති නැතහොත් පහළ ට බසිති. ඉදිරිය ට ගමන් කරති. නැතහොත් පසු පස ට ගමන් කරති. දකුණු දෙස ට ගමන් කරති නැතහොත් වම් ට ගමන් කරති. ස්වභාවයෙ හි හෝ ශරීආවෙ හි හෝ නැවතීමක් නොමැත. මිනිසා ගසක් මෙනි. එය ජීවමාන ව පවතින තෙක් සුවය ඇති දෑ ද තිත්ත දෑ ද හටගන්වයි.
එබැවින් සෑම ගැත්තෙකුට ම පියවර වල් ඇත. තම ක්‍රියාවන් අනුව ස්වර්ගය වෙත හෝ නිරය වෙත හෝ පිය නගිති. ඇතැම් විට ඔහු ඉතා ඉක්මනින් ඒ වෙත යොමු වෙයි. ඇතැම් විට ප්‍රමාද වෙයි. ඇතැම් විට ඉදිරියෙන් ම සිටියි. ඇතැම් විට පසු පසින් සිටියි. එම මාර්ගයේ ම ඒකාකාරී ව නොනැවතියි. ගමන් කරන දිශාවෙන් ඔවුන් විවිධ ය. ඉක්මන හා ප්‍රමාදය යන්නෙ හි ද ඔවුන් වෙනස් ය. ලාභය හා අලාභය යන්නෙ හි ද ඔවුන් විවිධ ය.
එබැවින් කවරෙකු විශ්වාසය හා දැහැමි ක්‍රියාවන් තුළින් ස්වර්ගය වෙත පෙර ගමන් නොකරන්නේ ද කිසිදු සැකයකින් තොර ව ඔහු දේව ප්‍රතික්ෂේපය හා පාප ක්‍රියා හේතුවෙන් නිරය වෙත පය තබන පසුබැසූ අයෙකු වන්නේ ය. මුළු දහම ම මිනිසා ට අවවාදයකි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
نَذِيرًا لِلْبَشَرِ ،  لِمَنْ شَاءَ مِنْكُمْ أَنْ يَتَقَدَّمَ أَوْ يَتَأَخَّرَ .
එය මිනිස් වර්ගයාට අවවාදයකි.
නුඹලා අතුරින් කවරෙකු අභිමත කරන්නේ ද ඔහු ට පෙරටු විය හැක. එසේ නොමැති නම් (එය ප්‍රතික්ෂේප කර) පසු බැසිය හැක. (අල්-කුර්ආන් 74 : 36, 37)

3- තම තමන් ගේ විශ්වාසය ට අනුව විශ්වාස වන්තයින් ගේ විශ්වාසය අතර අති මහත් වෙනසක් දැකිය හැකිය. නබි වරුන් ගේ විශ්වාසය සෙසු අය ගේ විශ්වාසය මෙන් නොවේ. සහාබි වරුන් ගේ විශ්වාසය සහාබි නොවන අය ගේ විශ්වාසය මෙන් නොවේ. එමෙන් ම දැහැමි මුඃමින්වරුන් ගේ විශ්වාසය ද පාපතරයින් ගේ විශ්වාසය මෙන් නොවේ.
මෙම මහත් පරතරය අල්ලාහ් පිළිබඳවත් ඔහුගේ නාමයන් ගුණාංගයන් හා ක්‍රියාවන් පිළිබඳවත් තම ගැත්තන් ට ඔහු ආගමානුගත කළ දෑ පිළිබඳවත් සිතෙ හි පවතින දැනුම හා අල්ලාහ් කෙරෙහි තබන බිය බැතිමත්කම අනුව පවතී. විශ්වාස වන්තයෙකු ගේ සිතෙ හි පවතින ලා ඉලාහ ඉල්ලල්ලාහ් හි ආලොකයේ පරතරය අල්ලාහ් හැර වෙන කිසිවෙකු ට ගණනය කළ නොහැක.

4- අල්ලාහ් පිළිබඳ ව මැනවින් හඳුනා ගන්නා මැවීම් ඔහු ට දැඩි ආදරයක් දක්වති. අල්ලාහ් ගේ පැවැත්ම ඔහු ගේ උපකාරය ඔහු ගේ අලංකාරය හා ඔහු ගේ බලය වෙනුවෙන්  ඔහු ට ආදරය කිරීම නැමදුම් වල මූලයයි. ආදරය බලවත් වන සෑම විටක ම අවනත වීම ද පූර්ණවත් වෙයි. ඔහු ට ගරු බුහුමන් කිරීම ද සම්පූර්ණ වෙයි. ඔහු කෙරෙහි වූ සතුට හා බැඳියාව ද අංග සම්පූර්ණ වෙයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
فَاعْلَمْ أَنَّهُ لَا إِلَهَ إِلَّا اللهُ وَاسْتَغْفِرْ لِذَنْبِكَ وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَاللهُ يَعْلَمُ مُتَقَلَّبَكُمْ وَمَثْوَاكُمْ
එබැවින් සැබැවින් ම අල්ලාහ් හැර අන් දෙවිඳෙකු නොමැති බව දැන ගනිවු. නුඹගේ ද විශ්වාස වන්තයින්ගේ ද විශ්වාස වන්තනියන්ගේ ද පාපයන් සඳහා පාප ක්ෂමා ව අයැදිවු. නුඹලා (දහවල් කාලයේ) නිරත වන ස්ථානය හා නුඹලා (රාත්‍රී කාලයේ) ලැඟුම් ගන්නා ස්ථානය අල්ලාහ් දන්නේය.     (අල්-කුර්ආන් 47 : 19)

ඒක දේව ප්‍රතිපත්තිය හා දේව විශ්වාසය තැබූ අයගේ වගකීම
ඒක දේව ප්‍රතිපත්තිය හා දේව විශ්වාසය තබන අය කෙරෙහි   අනිවාර්යය වන කරුණු පහත සඳහන් අයුරිනි.
1-    අල්ලාහ් ගැන ද ඔහුගේ මලක්වරු ගැන ද ඔහුගේ ග්‍රන්ථ ගැන ද ඔහුගේ ධර්ම දූතයින් ගැන ද අවසාන දිනය ගැන ද යහපත අයහපත කද්ර් හෙවත් ඉරණම අනුව සිදු වන බව ද විශ්වාස කිරීම. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا آمِنُوا بِاللَّهِ وَرَسُولِهِ وَالْكِتَابِ الَّذِي نَزَّلَ عَلَى رَسُولِهِ وَالْكِتَابِ الَّذِي أَنْزَلَ مِنْ قَبْلُ وَمَنْ يَكْفُرْ بِاللَّهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ وَالْيَوْمِ الْآَخِرِ فَقَدْ ضَلَّ ضَلَالًا بَعِيدًا
විශ්වාස වන්තයිනි, අල්ලාහ්ව ද ඔහුගේ දූතයාණන්ව ද තව ද තම දූතයාණන් ට පහළ කළ පුස්තකය ද (ඔහු ට) පෙර පහළ කළ පුස්තක ද විශ්වාස කරවු. කවරෙකු අල්ලාහ්ව ද ඔහුගේ මලක්වරුන්ව ද ඔහුගේ පුස්තක ද ඔහුගේ රසූල්වරු ද අවසාන දිනය ද ප්‍රතික්ෂේප කරන්නේ ද සැබැවින් ම ඔහු අන්ත මුළාවකින් නොමඟට යොමු වී ඇත.                       (අල්-කුර්ආන් 4 : 136)

2-    අල්ලාහ් ට කිසිදු හවුල් කරුවෙකු නොමැති බව විශ්වාස කොට ඔහු ට පමණක් ඉහ්ලාස් හෙවත් චිත්ත ඒකාග්‍රතාවෙන් යුතු ව අවංක ව නැමදුම් ඉටු කිරීම හා ඔහු හැර වෙනත් දෑ නැමදීමෙන් වැළකීම. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاءَ وَيُقِيمُوا الصَّلَاةَ وَيُؤْتُوا الزَّكَاةَ وَذَلِكَ دِينُ الْقَيِّمَةِ.
දහමෙ හි චිත්ත ඒකාග්‍රතාවෙන් යුතුව සත්‍යය වෙත නැඹුරු වෙමින් අල්ලාහ් ව නැමදීමට ද සලාතය ස්ථාපිත කිරීමට ද සකාත් දීමට ද මිස ඔවුහු අණ කරනු නොලැබුවෝ ය. මෙයයි ඍජු දහම වනුයේ.     (අල්-කුර්ආන් 98 : 5)     

3-    අල්ලාහ් ට හා ඔහු ගේ රසූල්වරයා ට අවනත වීම හා පාපයක් සිදු නොවන විෂයයන් හි පාලකයා ට ද අවනත වීම.
1.    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الْأَمْرِ مِنْكُمْ فَإِنْ تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللهِ وَالرَّسُولِ إِنْ كُنْتُمْ تُؤْمِنُونَ بِاللهِ وَالْيَوْمِ الْآَخِرِ ذَلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلًا.
විශ්වාස කළවුනි, අල්ලාහ් ට අවනත වවු. තව ද රසූල්වරයා ට ද නුඹලා අතර වූ ප්‍රධානීන්ට ද අවනත වවු. නුඹලා අල්ලාහ් ව ද අවසන් දිනය ද විශ්වාස කරන්නන් ව සිටින්නේ නම් යම් කරුණක නුඹලා නුඹලා අතර මත ගැටුම් ඇති වුවහොත් නුඹලා අල්ලාහ් වෙතට ද රසූල්වරයා වෙතට ද එය යොමු කරවු. එය යහපතකි. තව ද අවසන් නිගමනයන්ගෙන් (එය) ඉතා අලංකාරය.          (අල්-කුර්ආන් 4 : 59)

2.
عَنْ ابْنِ عُمَرَ رضي الله عنه عَنْ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ "عَلَى الْمَرْءِ الْمُسْلِمِ السَّمْعُ وَالطَّاعَةُ فِيمَا أَحَبَّ وَكَرِهَ إِلَّا أَنْ يُؤْمَرَ بِمَعْصِيَةٍ فَإِنْ أُمِرَ بِمَعْصِيَةٍ فَلَا سَمْعَ وَلَا طَاعَةَ" متفق عليه
සැබැවින් ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
පාපකාරී කටයුත්තක් අණ කරන්නේ නම් හැර (අණක්) ප්‍රිය වුව ද පිළිකුල් වුව ද සවන් දීමත් අවනත වීමත් මුස්ලිම් පුද්ගලයෙකු කෙරෙහි පැවරෙන වගකීමකි.  නමුත් පාපකාරී කටයුත්තක් පිළිබඳ අණ කරනු ලැබුවේ නම් එයට සවන් දීම හෝ අවනත වීම  අවශ්‍ය නොවේ. මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්

4-    ෂරීආ දැනුම හැදෑරීම හා එය ඉගැන්වීම.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
مَا كَانَ لِبَشَرٍ أَنْ يُؤْتِيَهُ اللَّهُ الْكِتَابَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ ثُمَّ يَقُولَ لِلنَّاسِ كُونُوا عِبَادًا لِي مِنْ دُونِ اللهِ وَلَكِنْ كُونُوا رَبَّانِيِّينَ بِمَا كُنْتُمْ تُعَلِّمُونَ الْكِتَابَ وَبِمَا كُنْتُمْ تَدْرُسُونَ
අල්ලාහ් තමන් ට පුස්තකය ද ප්‍රඥාව ද නබිත්වය ද ලබා දීමෙන් පසු ව තමන් ජනයා ට නුඹලා අල්ලාහ් හැර දමා මා නමදින්නන් වවු යැයි කීම ට කිසිදු මිනිසෙකු ට සුදුසු නොවීය. එනමුත් පුස්තකයෙන් නුඹලා උගන්වමින් සිටින දෑ හා ඉගෙන ගනිමින් සිටින දෑ මගින් රබ්බානීවරුන් (විද්වතුන්) වවු. (අල්-කුර්ආන් 3 : 79)
5-    අල්ලාහ් වෙත ට ඇරයුම් කිරීම යහපත විධානය කිරීම හා අයහපතින් වළක්වා ලීම.
وَلْتَكُنْ مِنْكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَأُولَئِكَ هُمُ الْمُفْلِحُونَ
යහපත වෙත (ජනයා) කැඳවන යහපත ගැන විධානය කරන පිළිකුල් දැයින් වළක්වන සමූහයක් නුඹලා අතුරින් සිටි යුතය. ඔවුහු ම ය ජය ලද්දෝ. (අල්-කුර්ආන් 3 :104)

6-    අල්ලාහ් ගේ මාර්ගයේ ජිහාද් හෙවත් දිවි පිදීම
وَقَاتِلُوهُمْ حَتَّى لَا تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ كُلُّهُ لِلَّهِ  
භීෂණය තුරන් වී දහම සම්පූර්ණයෙන් ම අල්ලාහ් ට පමණක් සතු වන තෙක් ඔවුන් සමඟ නුඹලා අරගල කරවු.     (අල්-කුර්ආන් 8 : 39)
7-    වෙන් වෙන් ව බෙදී නොගොස් අල්ලාහ් ගේ රැහැන හෙවත් අල්-කුර්ආනය තදින් පිළිපැදීම
وَاعْتَصِمُوا بِحَبْلِ اللَّهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا...
නුඹලා සියල්ල අල්ලාහ් ගේ කඹය(අල්-කුර්ආනය) තදින් ග්‍රහණය කර ගනිවු. නුඹලා වෙන් ව නොයවු. (අල්-කුර්ආන් 3 : 103)
8-    දහමෙ හි මතු පිටින් පමණක් නොව අභ්‍යන්තරයේත් ඉතා ස්ථාවර ව සිටීම.
فَاسْتَقِمْ كَمَا أُمِرْتَ وَمَنْ تَابَ مَعَكَ وَلَا تَطْغَوْا إِنَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
නුඹ ට අණ කරනු ලැබූ පරිදි නුඹ ද නුඹ සමඟ පශ්චාත්තාප කළවුන් ද ස්ථාවර ව සිටිවු. තව ද නුඹලා සීමාව ඉක්මවා නොයවු. නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ ව සැබැවින් ම ඔහු සුපරික්ෂාකාරී ය.     (අල්-කුර්ආන් 11 : 112)

9-    අලංකාර හැඩරුව සමඟ අගනා ගුණාංගයන් පිහිටීම
خُذِ الْعَفْوَ وَأْمُرْ بِالْعُرْفِ وَأَعْرِضْ عَنِ الْجَاهِلِينَ
සමාව දීම නුඹ තෝරා ගනිවු. යහපත විධානය කරවු. අඥානයින් ව නොසලකා හරිවු. (අල්-කුර්ආන් 7 : 199)

10-     සමාව අයැදීම හා පසුතැවිලි වීම අත්‍යවශ්‍යය
إِذَا جَاءَ نَصْرُ اللَّهِ وَالْفَتْحُ ، وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا ، فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ إِنَّهُ كَانَ تَوَّابًا .
අල්ලාහ් ගේ උපකාරය හා (මක්කාහ්) ජයග්‍රහණය පැමිණි විට ද තව ද අල්ලාහ් ගේ දහම ට ජනයා කණ්ඩායම් වශයෙන් පිවිසෙනු නුඹ දකින විට ද එවිට නුඹ නුඹ ගේ පරමාධිපති ගේ ප්‍රශංසාව තුළින් ඔහු ව පිවිතුරු කරනු. තව ද ඔහුගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන් ම ඔහු අති ක්ෂමාශීලී විය.    (අල්-කුර්ආන් 109 : 1-3)

ඒක දේව ප්‍රතිපත්තිය හා දේව විශ්වාසය ඇති අය ගේ ප්‍රතිඵල
ඒක දේව ප්‍රතිපත්තිය හා දේව විශ්වාසය ඇති අයට මෙලොව හි ගෞරවාන්විත ප්‍රතිඥාවන් බොහෝමයක් තිබෙන බව ට අල්ලාහ් ප්‍රතිඥා කොට ඇත. ඒවායින් වඩාත් ශ්‍රේෂ්G දෑ වනුයේ
ජයග්‍රහණය මඟ පෙන්වීම උපකාරය ගෞරවය නිලතල මහපොළොවෙ හි ඉඩ පහසුකම් ආරක්ෂාව අභයදායීත්වය සමත් වීම අභිවෘද්ධියන් හිමි කර ගැනීම දේව ප්‍රතික්ෂේපකයින් ගේ බලය ට ග්‍රහණය නොවීම අල්ලාහ් ගේ සුවිශේෂී උපකාරය ඔහු ගේ ආදරය යන්න වේ.
එමෙන් ම මතුලොවෙ හි ද කිසිදු දෑසක් නොදුටු කිසිදු සවනක් සවන් නොදුන් කිසිදු මිනිස් හදවතක ට උපකල්පනය කළ නොහැකි සදාකාලික සැප පහසුකම් අතුරින් ද විශාල  රාජ්‍යයන් අතුරින් ද අල්ලාහ් ඔවුන ට සූදානම් කොට ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
 فَلَا تَعْلَمُ نَفْسٌ مَا أُخْفِيَ لَهُمْ مِنْ قُرَّةِ أَعْيُنٍ جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ
නෙත ට දැකුම් කළු දැයින් ඔවුන් වෙනුවෙන් (ස්වර්ගයේ) සඟවා ඇති දෑ කිසිම ආත්මයක් නොදන්නේ ය. (එය) ඔවුන් කරමින් සිටි දෑ සඳහා වූ ප්‍රතිඵලයක් වශයෙනි.        (අල්-කුර්ආන් 32:17)
ඒක දේව ප්‍රතිපත්තිය හා දේව විශ්වාසය ඇති අය මෙලොව හා මතු ලොව ලබන මහඟු උපකාරයන් අතුරින්
1. මෙලොව හා මතු ලොව පිවිතුරු ජීවිතයක් ගත කිරීම
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
مَنْ عَمِلَ صَالِحًا مِنْ ذَكَرٍ أَوْ أُنْثَى وَهُوَ مُؤْمِنٌ فَلَنُحْيِيَنَّهُ حَيَاةً طَيِّبَةً وَلَنَجْزِيَنَّهُمْ أَجْرَهُمْ بِأَحْسَنِ مَا كَانُوا يَعْمَلُونَ
පිරිමියෙකුගෙන් හෝ කාන්තාවකගෙන් තමන් විශ්වාස වන්තයෙකු ව සිට කවරෙකු යහකම් කළේ ද ඔහු ට අපි සැපවත් ජීවිතයක් ප්‍රදානය කරන්නෙමු. ඔවුන් කරමින් සිටි දෑ හි යහපත හේතුවෙන් අපි ඔවුන ට ඔවුන් ගේ වේතනය පිරිනමන්නෙමු.         (අල්-කුර්ආන් 16 : 97)

2. ස්වර්ගය ට පිවිසීම
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
إِنَّ اللَّهَ يُدْخِلُ الَّذِينَ آَمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ إِنَّ اللَّهَ يَفْعَلُ مَا يُرِيدُ
සැබැවින් ම අල්ලාහ්, විශ්වාස කොට යහකම් කළවුන් ව (ස්වර්ග) උයන් වල ට ඇතුළත් කරන්නේ ය. ඒවා ට පහළින් ගංගාවෝ ගලා බසිති. සැබැවින් ම අල්ලාහ් තමන් අභිමත දෑ කරන්නේ ය.         (අල්-කුර්ආන් 22 : 14)

3. ස්වර්ග වින්දනයන් හි සදාකල් සිටීම
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَبَشِّرِ الَّذِينَ آَمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أَنَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ كُلَّمَا رُزِقُوا مِنْهَا مِنْ ثَمَرَةٍ رِزْقًا قَالُوا هَذَا الَّذِي رُزِقْنَا مِنْ قَبْلُ وَأُتُوا بِهِ مُتَشَابِهًا وَلَهُمْ فِيهَا أَزْوَاجٌ مُطَهَّرَةٌ وَهُمْ فِيهَا خَالِدُونَ
විශ්වාස කොට දැහැමි ක්‍රිය කළවුන ට, (ස්වර්ග) උයන් සැබැවින් ම ඔවුන ට ඇත යන ශුභාරංචි දෙවු. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. සැමවිට ම ඔවුන ට පෝෂණය සඳහා පලතුරු ලබා දෙනු ලැබූ විට මෙයම ය අප ට පෙර දෙනු ලැබුවේ යැයි ඔවුහු ප්‍රකාශ කරති. තව ද එකිනෙක ට සමාන වූ දෑ (පලතුරු) ඔවුන ට ගෙන දෙනු ලැබේ. ඔවුන ට එහි පාරිශුද්ධ කරන ලද සහකාර අය වෙති. ඔවුහු එහි සදාතනිකයෝ වෙති. (අල්-කුර්ආන් 2 : 25)

4. අල්ලාහ් ගේ තෘප්තිය ට ලක් වීම.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَعَدَ اللَّهُ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَمَسَاكِنَ طَيِّبَةً فِي جَنَّاتِ عَدْنٍ وَرِضْوَانٌ مِنَ اللَّهِ أَكْبَرُ ذَلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ
විශ්වාසවන්තයින් ට ද විශ්වාසවන්තියන් ට ද එයට පහළින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන් ප්‍රතිඥා කළේය. (ඔවුන්) එහි සදාතනිකයින් වෙති. (අද්න් නම්) ස්ථාවර (ස්වර්ග) උයන් හි පිවිතුරු වාසස්ථාන ඇත. අල්ලාහ් ගේ තෘප්තිය අති ශ්‍රේෂ්ඨ ය. මෙයම ය මහත් වූ ජයග්‍රහණය වනුයේ.    (අල්-කුර්ආන් 9 : 72)
5. ස්වර්ගයේ දී අති ගෞරවනීය පරමාධිපති ව දැක ගැනීම ට හැකි වීම.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

وُجُوهٌ يَوْمَئِذٍ نَاضِرَةٌ ، إِلَى رَبِّهَا نَاظِرَةٌ.
එදින ඇතැම් මුහුණු (සතුටින්) පිරී පවතී.
එදින ඒවා තම පරමාධිපති දෙස බලමින් තිබේ.
(අල්-කුර්ආන් 75 : 22, 23)
 
6. පරමාධිපති වන අල්ලාහ් ගේ සමීපත්වය ලැබීම
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَنَهَرٍ ، فِي مَقْعَدِ صِدْقٍ عِنْدَ مَلِيكٍ مُقْتَدِرٍ .
සැබැවින් ම බිය භක්තිකයින් (ස්වර්ග) උයන් හි හා ගංගාවන්හි ය.
සර්ව බලධාරී රජු අබියස වූ සත්‍යය නවාතැනෙහි ය. (අල්-කුර්ආන් 54 : 54, 55)
 
7. කීර්තිමත් සර්වබලධාරී අල්ලාහ් ගේ කතාව ට සවන් දීම ට හැකි වීම.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
إِنَّ أَصْحَابَ الْجَنَّةِ الْيَوْمَ فِي شُغُلٍ فَاكِهُونَ ، هُمْ وَأَزْوَاجُهُمْ فِي ظِلَالٍ عَلَى الْأَرَائِكِ مُتَّكِئُونَ ، لَهُمْ فِيهَا فَاكِهَةٌ وَلَهُمْ مَا يَدَّعُونَ ، سَلَامٌ قَوْلًا مِنْ رَبٍّ رَحِيمٍ .
සැබැවින් ම එදින ස්වර්ගවාසීහු (තම) කාර්යයන් හි සතුටු වන්නන් වෙති.
ඔවුන් හා ඔවුන් ගේ භාර්යාවන් හෙවණෙ හි ඇදන් මත හාන්සිවන්නන් ව සිටිති.
එහි ඔවුන ට පලතුරු ඇත. ඔවුන් පතන දෑ ද ඔවුන ට ඇත.
(එහි ඔවුන ට) කරුණාභරිත පරමාධිපතිගෙන් වූ ප්‍රකාශයක් වශයෙන් සලාම් නම් ශාන්තිය ඇත.  
(අල්-කුර්ආන් 36 : 55, 56)
 
8. නිරයෙන් ආරක්ෂාව ලැබීම
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَإِنْ مِنْكُمْ إِلَّا وَارِدُهَا كَانَ عَلَى رَبِّكَ حَتْمًا مَقْضِيًّا ، ثُمَّ نُنَجِّي الَّذِينَ اتَّقَوْا وَنَذَرُ الظَّالِمِينَ فِيهَا جِثِيًّا .
නුඹලා අතුරින් කිසිවෙකු එය තරණය කරන්නෙකු මිස නැත. මෙය නුඹ ගේ පරමාධිපති මත වූ ස්ථීර තීන්දුවක් විය.
පසු ව අපි බිය භක්තිකයින් ව මුදවා ගන්නෙමු. තව ද අපි අපරාධකරුවන් ව එහි දණින් සිටින්නන් ලෙස අත හැර දමන්නෙමු.         (අල්-කුර්ආන් 19 : 71, 72)
 
මෙලොව ජීවිතයේ අල්ලාහ් විසින් ප්‍රතිඥා කළ ගුණාංගයන් අද මුස්ලිම්වරුන් අතුරින් බහුතරයක් තුළ දැක ගන්න ට නොමැත. එය ඔවුන්ගේ විශ්වාසයේ දුර්වලකම පෙන්වා දෙයි. එම ප්‍රතිඥත ගුණාංගයන් ලබා ගැනීමටත් එය දැක ගැනීමටත් හැකි වනුයේ කවර ආකාරක විශ්වාසයක් පතනු ලබන්නේ ද එම විශ්වාසය බලවත් කර ගැනීමෙන් පමණි. එම විශ්වාසය මත අල්ලාහ් සිහිපත් කර දෙන ප්‍රතිඥාවන් මෙලොවෙ හි අප ලබා ගැනීම පිණිස අප ගේ විශ්වාසයන් හා අප ගේ ක්‍රියාවන් නබි වරුන් සහාබි වරුන්ගේ විශ්වාසයන් හා ක්‍රියාවන් මෙන් සැබෑ ලෙස පිහිටිය යුතු ය.
1. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
فَإِنْ آمَنُوا بِمِثْلِ مَا آمَنْتُمْ بِهِ فَقَدِ اهْتَدَوْا وَإِنْ تَوَلَّوْا فَإِنَّمَا هُمْ فِي شِقَاقٍ فَسَيَكْفِيكَهُمُ اللهُ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ
නුඹලා කුමන දෙයක් විශ්වාස කළෙහි ද එවන් වූ දැයක් ඔවුන් විශ්වාස කළේ නම් ඔවුහු ඍජු මඟ ලබන්නෝම ය. ඔවුන් පිටුපාන්නේ නම් ඔවුන්ම ය භේදයෙ හි පසුවන්නන්. ඔවුන් ට එරෙහි ව අල්ලාහ් නුඹ ට ප්‍රමාණවත් වනු ඇත. තවද ඔහු සර්ව ශ්‍රාවක ය. සර්වඥ ය.     (අල්-කුර්ආන් 2 : 137)

2. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا آمِنُوا بِاللَّهِ وَرَسُولِهِ وَالْكِتَابِ الَّذِي نَزَّلَ عَلَى رَسُولِهِ وَالْكِتَابِ الَّذِي أَنْزَلَ مِنْ قَبْلُ وَمَنْ يَكْفُرْ بِاللَّهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ وَالْيَوْمِ الْآَخِرِ فَقَدْ ضَلَّ ضَلَالًا بَعِيدًا
විශ්වාස වන්තයිනි, අල්ලාහ් ව ද ඔහු ගේ දූතයාණන් ව ද තව ද තම දූතයාණන් ට පහළ කළ පුස්තකය ද (ඔහු ට) පෙර පහළ කළ පුස්තක ද විශ්වාස කරවු. කවරෙකු අල්ලාහ් ව ද ඔහු ගේ මලක්වරු ද ඔහු ගේ පුස්තක ද ඔහුගේ රසූල්වරු ද අවසාන දිනය ද ප්‍රතික්ෂේප කරන්නේ ද ඔහු සැබැවින් ම අන්ත මුළාවකින් නොමඟ ට යොමු විය. (අල්-කුර්ආන් 4 : 136)

3. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا ادْخُلُوا فِي السِّلْمِ كَافَّةً وَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ
විශ්වාස කළවුනි, සම්පූර්ණයෙන් ම ඉස්ලාමය ට ඇතුළු වවු. ෂෙයිතාන්ගේ පිය සටහන් අනුගමනය නොකරවු. සැබැවින් ම ඔහු නුඹලා ට ප්‍රකට සතුරෙකි.                             (අල්-කුර්ආන් 2 : 208)