යව්මුල් ආහිඃර් ගැන විශ්වාසය එවායේ පෙර නිමිති, කබ්ර් හි දඬුවම

1. යව්මුල් ආහිඃර් හෙවත් අවසන් දිනය විශ්වාස කිරීම
කබ්ර් හි දඬුවම් වර්ග. 2
3. අවසන් හෝරාවෙහි පෙර නිමිති
4- දජ්ජාල් මතු වීම, 5- මර්යම්ගේ පුත් ඊසා (අලයිහිස් සලාම්) තුමාගේ පැමිණීම
6- යඃජූජ් හා මඃජූජ්වරුන්ගේ පිටවීම 9,8,7 - ග්‍රහණ තුනක් ඇතිවීම
10- දුමාරය පිටවීම 12- හිරු බටහිරින් උදාවීම 11- සත්වයකු මතු වීම
13- මිනිසා එක්රැස් කරවන ගින්නක් පිටවීම

  

اسم الكتاب: مختصر الفقه الإسلامي - عذاب القبر ونعيمه


تأليف: محمد بن إبراهيم التويجري


الناشر: المكتب التعاوني للدعوة وتوعية الجاليات بالربوة


نبذة مختصرة: الإيمان باليوم الآخر من كتاب مختصر الفقة الإسلامى للشيخ محمد إبراهيم التويجرى - أثابه الله - مترجم إلى اللغة السنهالية وفيه :
• الإيمان باليوم الآخر وما يتعلق به.
• علامات الساعة مع الأدلة.
• إثبات عذاب القبر.
• علامات الساعة الصغرى والكبرى.
• ظهور الدجال.
• نزول عيسى عليه السلام.
• خروج الدجال.
• طلوع الشمس من مغربها.
• وثلاثة خسوف.
• خسف بالمشرق.
• وخسف بالمغرب.
• وخسف بجزيرة العرب.
• آخر ذلك نار تخرج من اليمن تطرد الناس إلى محشرهم.

මුහ්තසර් අල්-ෆික්හුල් ඉස්ලාම්


 
] සිංහල – Sinhala –[ سنهالي  
අෂ් ෂෙයික් තුවෙයිජිරි

පරිවර්තණය

මාහිර් රම්ඩීන්

 

 

 

 

 

2015 - 1436
 
 
مختصر الفقه الإسلامي
الإيمان باليوم الآخر – علامات الساعة – عذاب القبر
« باللغة السنهالية »

 

محمد بن إبراهيم بن عبد الله


ترجمة: ماهر رمدين

 

 

 

 

2015 - 1436
 

 

මුහ්තසර් අල්-ෆික්හිල් ඉස්ලාමී
මුහ්තසර් අල්-ෆික්හිල් ඉස්ලාමී
පිටු 91-97
මාතෘකා
•    යව්මුල් ආහිඃර් හෙවත් අවසන් දිනය විශ්වාස කිරීම
•    කබ්ර් හි දඬුවම් වර්ග
•    අවසන් හෝරාවෙහි පෙර නිමිති
 
5 යව්මුල් ආහිඃර් හෙවත් අවසන් දිනය විශ්වාස කිරීම
යව්මුල් ආහිඃර් යනු විනිශ්චය සඳහාත් ප්‍රතිඵල පිරිනැමීම සඳහාත් අල්ලාහ් තම මැවීම් සියල්ල යළි නැගිටුවන දිනයයි.
මෙලෙස නම් කර ඇත්තේ මින් පසුව තවත් එවැනි දිනක් නොමැති බැවිනි. හේතුව ස්වර්ග වැසියන් සදාතනික ව ස්වර්ගයේ පදිංචි වෙති. නිරයේ වැසියන් සදාතනික ව නිරයේ පදිංචි වෙති.
අවසන් දිනය හා බැඳුනු තවත් වැදගත් නාමයන්.
يوم القيامة    යවුමුල් කියාමා (නැගී සිටින දින)
يوم البعث    යවුමුල් බඃස් (අවදි කරවන දින)
يوم الفصل     යව්මුල් ෆස්ල් (වෙන් කරවන දින)
يوم الخروج    යව්මුල් හුරූජ් (බැහැර කරවන දින)
يوم  الدين    යවුම්ද් දීන් (විනිශ්චය දින)
يوم الخلود    යව්මුල් කුලූද් (නිමක් නොමැති දින)
يوم  الحساب    යව්මුල් හිසාබ් (විභාග දින)
يوم  الوعيد    යව්මුල් වඊද් (ප්‍රතිඥත දින)
يوم  الجمع    යව්මුල් ජම්උ (රැස් කරවන දින)
يوم التغابن    යව්මුත් තඝාබුන් (ලාභ අලාභ ඇති කරවන දින)
يوم التلاق    යව්මුත් තලාක් (එකිනෙකා හමුවන දින)
يوم التناد        යව්මුත් තනාද් (ඇරයුම් කරන දින)
يوم الحسرة    යව්මුද් හස්රා (දේව ප්‍රතික්ෂේපකයින් කනස්සල්ලට පත් වන දිනය)
الصاخة    අස්-සාක්කා (බිහිරන් කරන මහා භයානක හඬ)
الطامة الكبرى    අත්-තාම්මතුල් කුබ්රා (අතිමහත් ව්‍යසනය)
الغاشية    අල්-ඝාෂියා (අසාමාන්‍ය සිදුවීම් තුළින් ආවරණය කරන දෑ)
الواقعة    අල්-වාකිආ (අසාමාන්‍ය සිදුවීම් ඇති කරන දෑ)
الحاقة        අල්-හාක්කා (නියත සිදුවීම)
القارعة        අල්-කාරිආ (කම්පනය ඇති කරන දෑ)
මේ හැර අල්-කුර්ආනයේ සඳහන් වෙනත් නාමයන් ද මෙයට ඇත.
•    යව්මුල් ආහිඃරා පිළිබඳ විශ්වාසය
මහත් වූ මෙම දිනයෙහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම, එක්රැස් කිරීම, විනිශ්චය, සිරාත් පාලම, මීසාන් හෙවත් මිනුම් දණ්ඩ, ස්වර්ගය නිරය වැනි කාරණා ගැන අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයා කුමක් පවසා ඇත්තේ ද එය ස්ථීර ලෙස පිළිගෙන ඒවා සත්‍යය කිරීම.
මෙහි දී මරණයට පෙර සිදුවන්නා වූ අස්සාඅත් හෙවත් හෝරාවේ සලකුණු හා එහි සංඥාවන් ඇතුළත් වන අතරම මරණයට පසු තිබෙන කබ්ර් හි අර්බුධකාරීත්වය, කබ්ර් හි වේදනාව හා එහි පවතින සුව පහසුකම් ද ඇතුළත් වෙයි.
•    යව්මුල් ආහිඃරාවෙහි ඇති මහත්භාවය
ඊමාන්හි මූලික අංගයන් අතුරින් වඩාත් වැදගත්ම අංගය වනුයේ අල්ලාහ් හා යව්මුල් ආහිඃරා ව විශ්වාස කිරීමය. මිනිසාගේ ස්ථාවරත්වය ඔහුගේ ජය ද මෙලොව හා මතු ලොව සාර්ථකත්වය ගොඩ නැගෙනුයේ ද මෙම අංග  දෙක සමග සෙසු ඊමාන් හි අංගයන් ද පිහිටුනු විටය.
මෙම අංගයන් දෙකෙහි පවතින වැදගත් කම හේතුවෙන්ම අල්ලාහ් අල් කුර්ආන් වැකි බොහෝමයක දෙකම එකට එකතු කර පවසා ඇත.
1.    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
ذَلِكُمْ يُوعَظُ بِهِ مَنْ كَانَ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآَخِرِ
... අල්ලාහ්ව ද අවසන් දිනය ද විශ්වාස කළ අයට මෙමගින් උපදෙස් දෙනු ලැබේ ... (අල් කුර්ආන් 65: 2)

2.     උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ لَيَجْمَعَنَّكُمْ إِلَى يَوْمِ الْقِيَامَةِ لَا رَيْبَ فِيهِ
... අල්ලාහ්, ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. සැබැවින්ම ඔහු නුඹලා ව කිසිදු සැකයක් නොමැති මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයෙහි එක් රැස් කරනු ඇත...             (අල් කුර්ආන් 4:87)

3.    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
فَإِنْ تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللَّهِ وَالرَّسُولِ إِنْ كُنْتُمْ تُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآَخِرِ
එබැවින් යම් කිසි දෙයක නුඹලා අතර ගැටලුවක් ඇති කර ගත්තේ නම් එවිට නුඹලා අල්ලාහ්ව ද අවසාන දිනය ද විශ්වාස කරන්නේ නම් එය (එම ගැටලු ව) අල්ලාහ් වෙත ද මෙම රසූල්වරයා වෙත ද යොමු කරන්න. (අල් කුර්ආන් 4:59)


•    කබ්ර් හි පරීක්ෂණය
1.
عَنْ أَنَسٍ رَضِيَ اللَّهُ عَنْهُ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ الْعَبْدُ إِذَا وُضِعَ فِي قَبْرِهِ وَتُوُلِّيَ وَذَهَبَ أَصْحَابُهُ حَتَّى إِنَّهُ لَيَسْمَعُ قَرْعَ نِعَالِهِمْ أَتَاهُ مَلَكَانِ فَأَقْعَدَاهُ فَيَقُولَانِ لَهُ مَا كُنْتَ تَقُولُ فِي هَذَا الرَّجُلِ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَيَقُولُ أَشْهَدُ أَنَّهُ عَبْدُ اللَّهِ وَرَسُولُهُ فَيُقَالُ انْظُرْ إِلَى مَقْعَدِكَ مِنْ النَّارِ أَبْدَلَكَ اللَّهُ بِهِ مَقْعَدًا مِنْ الْجَنَّةِ
قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَيَرَاهُمَا جَمِيعًا وَأَمَّا الْكَافِرُ أَوْ الْمُنَافِقُ فَيَقُولُ لَا أَدْرِي كُنْتُ أَقُولُ مَا يَقُولُ النَّاسُ فَيُقَالُ لَا دَرَيْتَ وَلَا تَلَيْتَ ثُمَّ يُضْرَبُ بِمِطْرَقَةٍ مِنْ حَدِيدٍ ضَرْبَةً بَيْنَ أُذُنَيْهِ فَيَصِيحُ صَيْحَةً يَسْمَعُهَا مَنْ يَلِيهِ إِلَّا الثَّقَلَيْنِ

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
දේව ගැත්තෙකු වූ කලී ඔහු ව ඔහුගේ කබ්ර් හි තැන්පත් කරනු ලැබ ඔහුගෙන් හැරී ඔහුගේ සගයින් පිට වී යන විට ඔවුන්ගේ පාවහන්හි හඬ පවා ඔහුට ඇසේ. මලක්වරුන් දෙදෙනෙකු ඔහු වෙතට පැමිණ වාඩි වී ඔහුගෙන් ‘මෙම පුද්ගලයා මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ගැන නුඹ කුමක් පවසමින් සිටියෙහි දැ යි විමසයි. එවිට ඔහු ‘සැබැවින්ම මෙතුමා අල්ලාහ්ගේ ගැත්තා බව ද ඔහුගේ දූතයාණන් බව ද පවසා මම සාක්ෂි දරමි යැයි පවසයි. පසුව ‘නිරයේ ඔබේ නවාතැන දෙස බලනු. අල්ලාහ් එය ස්වර්ගයේ නවාතැනක් බවට පරිවර්තනය කළේය‘ යැයි පවසනු ලැබේ.
දේව ප්‍රතික්ෂේපකයෙකු හෝ කුහකයෙකු වූ කලී මම කිසිවක් නොදනිමි. ජනයා කියූ දෑ මා ද පැවසුවෙමි යැයි පවසයි. එවිට නුඹ කිසිවක් නොදන්නෙහිය. එමෙන්ම නුඹ කිසිවක් ඉගෙන ගත්තේ ද නැත. පසුව යකඩ මුගුරකින් ඔහුගේ කන් දෙක අතරට පහරක් ගසනු ලැබේ. පසුව ඔහු වරක් කෑ ගසයි. මිනිස් හා ජින් වර්ගයා හැර ඔහු අසල සිටින සෙසු සියලු අය එයට සවන් දෙයි.
(මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)
අල්-බරාඋ ඉබ්නු ආසිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ رضي الله عنه قَالَ: خَرَجْنَا مَعَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِي جِنَازَةِ- وفيه – قال النبي (صلى الله عليه وسلم)  فَيَأْتِيهِ مَلَكَانِ فَيُجْلِسَانِهِ فَيَقُولَانِ لَهُ مَنْ رَبُّكَ فَيَقُولُ رَبِّيَ اللَّهُ فَيَقُولَانِ لَهُ مَا دِينُكَ فَيَقُولُ دِينِيَ الْإِسْلَامُ فَيَقُولَانِ لَهُ مَا هَذَا الرَّجُلُ الَّذِي بُعِثَ فِيكُمْ فَيَقُولُ هُوَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ...
أخرجه أحمد وأبو داود
අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා සමඟ ජනසා කටයුත්තක් සඳහා බැහැර ව ගියෙමු. එහි දී එතුමා,
මොහු වෙතට මලක්වරුන් දෙදෙනෙකු පැමිණ එහි වාඩි වී ඔහුගෙන් මෙසේ ප්‍රශ්න කරති. ඔබේ පරමාධිපති කවුද? එවිට ඔහු මාගේ පරමාධිපති අල්ලාහ් ය. පසුව ඔබේ දහම කුමක් දැ යි විමසති. එවිට මාගේ දහම ඉස්ලාම් යැයි ඔහු පවසයි. ඔබ අතරට එවනු ලැබූ මෙම මිනිසා කවුදැ යි විමසති. එවිට ඔහු අල්ලාහ්ගේ දූතයාණන් වේ යැයි පවසයි. ...
(මූලාශ්‍රය : අහ්මද්, අබූ දාවූද්)
•    කබ්ර් හි දඬුවම් වර්ග
කබ්ර් හි දඬුවම් වර්ග දෙකකි.
පළමුවැන්න : නැවත නැගිටුවනු ලැබීමේ හෝරාව පැමිණෙන තෙක් අඛණ්ඩ ව දඬුවම් විඳීම. එය දේව ප්‍රතික්ෂේපකයින් ට හා කුහකයින් ට  හිමි වන දඬුවමයි.
1. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَحَاقَ بِآلِ فِرْعَوْنَ سُوءُ الْعَذَابِ (45) النَّارُ يُعْرَضُونَ عَلَيْهَا غُدُوًّا وَعَشِيًّا وَيَوْمَ تَقُومُ السَّاعَةُ أَدْخِلُوا آَلَ فِرْعَوْنَ أَشَدَّ الْعَذَابِ (46)
තවද නපුරු දඬුවම ෆිර්අවුන්ගේ පිරිස වෙළා ගත්තේය. නිරය එය උදේ සවස ඔවුනට ගෙනහැර පෙන්වනු ලබන්නේය. අවසන් හෝරාව උදා වන දින නුඹලා ෆිර්අවුන්ගේ පිරිස දරණු දඬුවමට ඇතුළත් කරනු. (යැයි පවසනු ලැබේ.)    (අල් කුර්ආන් 40 : 45,46)
عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : " إِنَّ أَحَدَكُمْ إِذَا مَاتَ عُرِضَ عَلَيْهِ مَقْعَدُهُ بِالْغَدَاةِ وَالْعَشِيِّ إِنْ كَانَ مِنْ أَهْلِ الْجَنَّةِ فَمِنْ أَهْلِ الْجَنَّةِ وَإِنْ كَانَ مِنْ أَهْلِ النَّارِ فَمِنْ أَهْلِ النَّارِ فَيُقَالُ هَذَا مَقْعَدُكَ حَتَّى يَبْعَثَكَ اللَّهُ يَوْمَ الْقِيَامَةِ " . متفق عليه.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා මෙසේ දන්වා සිටී.
ඔබ අතුරින් කිසිවෙකු මරණයට පත් වූ විට උදේ සවස ඔහුගේ නවාතැන ඔහුට පෙන්වනු ලැබේ. ඔහු ස්වර්ග වැසියන් අතුරින් නම් ඔහු ස්වර්ග වැසියන් අතුරින් කෙනෙකු ලෙසත් ඔහු නිරයේ වැසියන් අතුරින් නම් ඔහු නිරයේ වැසියන් අතුරින් කෙනෙකු ලෙසත් පෙන්වනු ලැබේ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින අල්ලාහ් ඔබ ව නැගිටු වන තෙක් ඔබේ නවාතැන මෙය යැයි පවසනු ලැබේ.  
(මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)
දෙවැන්න :  දීර්ඝ දඬුවමක් දෙනු ලැබ පසුව එය නතර වීම. එය ඒක දේව සංකල්පය තුළ ජීවත් වූවන් අතර සිටි පාපතරයාගේ දඬුවමයි. ඔහුගේ වැරැද්දෙහි ප්‍රමාණයට අනුව දඬුවම් දෙනු ලැබේ. පසුව ඔහුගෙන් දඬුවම සැහැල්ලු කරනු ලැබේ එසේ නොමැතිනම් දඬුවම කපා හරිනු ලැබේ.  එසෙත් නොමැති නම් සදකා ජාරියාවක් මගින් හෝ තමන්ට ප්‍රයෝජනවත් වන අයුරින් ඉගැන් වූ දැනුමක් මගින් හෝ තමන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන දරුවෙකු මගින් හෝ තම පාපයන්ට වන්දියක් වශයෙන් එය පිරිනමනු ලැබේ.
1.
عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : " إِنَّ أَحَدَكُمْ إِذَا مَاتَ عُرِضَ عَلَيْهِ مَقْعَدُهُ بِالْغَدَاةِ وَالْعَشِيِّ إِنْ كَانَ مِنْ أَهْلِ الْجَنَّةِ فَمِنْ أَهْلِ الْجَنَّةِ وَإِنْ كَانَ مِنْ أَهْلِ النَّارِ فَمِنْ أَهْلِ النَّارِ فَيُقَالُ هَذَا مَقْعَدُكَ حَتَّى يَبْعَثَكَ اللَّهُ يَوْمَ الْقِيَامَةِ " . متفق عليه.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමා ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා මෙසේ දන්වා සිටී.
ඔබ අතුරින් කිසිවෙකු මරණයට පත් වූ විට උදේ සවස ඔහුගේ නවාතැන ඔහුට පෙන්වනු ලැබේ. ඔහු ස්වර්ග වැසියන් අතුරින් නම් ඔහු ස්වර්ග වැසියන් අතුරින් කෙනෙකු ලෙසත්, ඔහු නිරයේ වැසියන් අතුරින් නම් ඔහු නිරයේ වැසියන් අතුරින් කෙනෙකු ලෙසත් පෙන්වනු ලැබේ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින අල්ලාහ් ඔබ ව නැගිටුවන තෙක් ඔබේ නවාතැන මෙය යැයි පවසනු ලැබේ.  
(මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)
2.
عَنْ ابْنِ عَبَّاسٍ رضي الله عنهما قَالَ : " مَرَّ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِحَائِطٍ مِنْ حِيطَانِ الْمَدِينَةِ أَوْ مَكَّةَ فَسَمِعَ صَوْتَ إِنْسَانَيْنِ يُعَذَّبَانِ فِي قُبُورِهِمَا فَقَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ " يُعَذَّبَانِ وَمَا يُعَذَّبَانِ فِي كَبِيرٍ ثُمَّ قَالَ بَلَى كَانَ أَحَدُهُمَا لَا يَسْتَتِرُ مِنْ بَوْلِهِ وَكَانَ الْآخَرُ يَمْشِي بِالنَّمِيمَةِ " ثُمَّ دَعَا بِجَرِيدَةٍ فَكَسَرَهَا كِسْرَتَيْنِ فَوَضَعَ عَلَى كُلِّ قَبْرٍ مِنْهُمَا كِسْرَةً فَقِيلَ لَهُ يَا رَسُولَ اللَّهِ لِمَ فَعَلْتَ هَذَا قَالَ لَعَلَّهُ أَنْ يُخَفَّفَ عَنْهُمَا مَا لَمْ تَيْبَسَا أَوْ إِلَى أَنْ يَيْبَسَا. متفق عليه.
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
මදීනාවේ හෝ මක්කාහ්වේ හෝ තිබූ තාප්ප වලින් එක් තාප්පයක් අසලින් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ගමන් කළහ. එවිට එතුමා මිනිසුන් දෙදෙනෙකු කබ්ර් හි වේදනා විඳිමින් නගන හඬට සවන් දුන්හ. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා, මොවුන් දෙදෙනා වේදනා විඳිති. ඔවුන් දෙදෙනා විඳින වේදනාව මහත් පාප කටයුත්තකය. පසුව එසේය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු මූත්‍රා කිරීමෙන් පසු පිරිසිදු නොකළ අයෙකි. අනෙක් පුද්ගලයා කේලාම් පවසමින් සැරිසැරුනු අයෙකි. පසුව අත්තක් ගෙන්වා ගෙන එය කැබලි දෙකකට කඩා එම කබ්ර් දෙක අතුරින් සෑම එකකම එක් කැබැල්ලක් බැගින් තැබූහ. එවිට අල්ලාහ්ගේ දූතයාණනි, ඔබ මෙසේ කළේ ඇයි දැයි විමසනු ලැබූහ. එතුමා මේ දෙක නොවේළී පවතින තාක්  එසේ නොමැතිනම් එය වේළන තෙක් ඔවුන් දෙදෙනාගෙන් දඬුවම සැහැල්ලු වන්නට පුළුවන.
(මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)

•    කබ්ර් හි සුවය
සැබෑ දේව විශ්වාසවන්තයින්ට කබ්ර් හි සුවය හා සැප පහසුකම් සතු ය.
1. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
إِنَّ الَّذِينَ قَالُوا رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَامُوا تَتَنَزَّلُ عَلَيْهِمُ الْمَلَائِكَةُ أَلَّا تَخَافُوا وَلَا تَحْزَنُوا وَأَبْشِرُوا بِالْجَنَّةِ الَّتِي كُنْتُمْ تُوعَدُونَ (30)
ඇත්තෙන්ම අපගේ පෝෂකයා අල්ලාහ් යැයි පවසා එහි ස්ථාවර ව සිටි අය ඔවුන් වෙත මලක්වරු පැමිණ නුඹලා බිය නොවනු. දුක් නොවනු. නුඹලාට පොරොන්දු දෙනු ලබමින් තිබූ ස්වර්ගය පිළිබඳ සතුටු වනු (යැයි පවසති.)
(අල් කුර්ආන් 41 : 30)

وعن البراء بن عازب رضي الله عنه أن النبي صلى الله عليه وسلم "...فَيُنَادِي مُنَادٍ فِي السَّمَاءِ أَنْ صَدَقَ عَبْدِي فَأَفْرِشُوهُ مِنْ الْجَنَّةِ وَأَلْبِسُوهُ مِنْ الْجَنَّةِ وَافْتَحُوا لَهُ بَابًا إِلَى الْجَنَّةِ قَالَ فَيَأْتِيهِ مِنْ رَوْحِهَا وَطِيبِهَا وَيُفْسَحُ لَهُ فِي قَبْرِهِ مَدَّ بَصَرِهِ" أخرجه أحمد وابو داود .
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අල් බරාඋ ඉබ්නු ආසිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
... අහසෙහි නිවේදකයෙකු මෙසේ දන්වා සිටියි. මාගේ ගැත්තා සත්‍යය පැවසුවේය. එබැවින් ඔහුට ස්වර්ග ඇතිරිලි එළන්න. ස්වර්ග වස්ත්‍ර පලන්ඳවන්න. ස්වර්ගය වෙත වූ දොරටුව ඔහු වෙනුවෙන් විවෘත කරන්න යැයි පවසයි. එවිට එහි සිසිල හා සුවය ඔහු වෙතට හමනු ඇත. ඔහුගේ කබ්රය ඔහු බැල්ම හෙළන දුර ප්‍රමාණයට අනුව විශාල කරනු ලැබේ.
මූලාශ්‍රය : අහ්මද් , අබූ දාවූද්
කබ්ර් හි සිදු වන භයානක සිදුවීම් වලින් එහි පවතින අර්බුදකාරී තත්ත්වයෙන් හා එහි දඬුවමින් ඇතැම් කරුණු දේව විශ්වාස වන්තයා ව ආරක්ෂා කරනු ඇත. උදාහරණ වශයෙන් අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීම එහි දී ඔහු ලබා දුන් දායකත්වය හා බැඳියාව යමෙකුට වරදක් කළ ද ඒ වෙනුවෙන් අල්ලාහ්ගෙන් නිතර කන්නලව් කරමින් පසුවීම වැනි දෑ පෙන්විය හැක.
මරණයෙන් පසු විනිශ්චයේ හෝරාව පැමිණෙන තෙක් ආත්මාවන් හි පැවැත්ම.
බර්සහ් හි එනම් මියගිය මොහොතේ සිට නැවත නැගිටු වනු ලබන තෙක් ආත්මාවන් විවිධ තරාතිරම් වලින් පසු වෙති.
ඒ අතුරින් ඇතැම් ආත්මාවන් උසස් පිරිසක් අතර ඉල්ලීයියීන් නම් ස්ථානයේ ඉහළින් පවතී. ඒවා නබි වරුන් රසූල්වරුන් ගේ ආත්මාවන් ය. එහි දී ඔවුන්ගේ නිලයන් හි විවිධ තරාතිරම් පවතී.
ඇතැම් ආත්මාවන් පක්ෂියකුගේ හැඩයෙන් ස්වර්ග තුරුලියන්හි එල්ලෙමින් පවතී. ඒවා දේව විශ්වාසවන්තයින්ගේ ආත්මාවන්ය.
ඇතැම් ආත්මාවන් කුරුල්ලන් ආහාර සොයා යන්නාක් මෙන් ස්වර්ගයේ සැරිසරමින් පවතී. ඒවා ෂහීද් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූවන්ගේ ආත්මාවන්ය.  
ඇතැම් ආත්මාවන් කබ්ර් හි හිර වී පවතී. යුද්ධයෙන් අත්පත් කර ගත් දෑ රඳවා ගත් අයගේ ආත්මාවන් මෙනි.
ඇතැම් ආත්මාවන් තමන් ගත් ණය හේතුවෙන් ස්වර්ග දොරටුව අසල හිර කරනු ලැබේ.
එමෙන්ම ඇතැම් ආත්මාවන් ඔවුන්ගේ නීච තත්ත්වය හේතුවෙන් මහපොළොවේ හිර කරනු ලැබේ.
ඇතැම් ආත්මාවන් ලිප් හි පිලිස්සෙමින් පවතී. ඒවා දුරාචාරයේ නිරත වූ සල්ලාලයන් හා ගණිකාවන්ගේ ආත්මාවන්ය.
ඇතැම් ආත්මාවන් රුධිර ගංගාවන් හි පිහිනමින් ගල් කැට ගිලමින් පවතී. ඒවා පොලිය අනුභව කළ අයගේ ආත්මාවන්ය.
عَنْ زَيْدٍ بْنِ ثَابِتٍ رضي الله عنه قَالَ : بَيْنَمَا النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِي حَائِطٍ لِبَنِي النَّجَّارِ عَلَى بَغْلَةٍ لَهُ وَنَحْنُ مَعَهُ إِذْ حَادَتْ بِهِ فَكَادَتْ تُلْقِيهِ وَإِذَا أَقْبُرٌ سِتَّةٌ أَوْ خَمْسَةٌ أَوْ أَرْبَعَةٌ  فَقَالَ مَنْ يَعْرِفُ أَصْحَابَ هَذِهِ الْأَقْبُرِ ؟ فَقَالَ رَجُلٌ أَنَا قَالَ فَمَتَى مَاتَ هَؤُلَاءِ قَالَ مَاتُوا فِي الْإِشْرَاكِ فَقَالَ إِنَّ هَذِهِ الْأُمَّةَ تُبْتَلَى فِي قُبُورِهَا فَلَوْلَا أَنْ لَا تَدَافَنُوا لَدَعَوْتُ اللَّهَ أَنْ يُسْمِعَكُمْ مِنْ عَذَابِ الْقَبْرِ الَّذِي أَسْمَعُ مِنْهُ ثُمَّ أَقْبَلَ عَلَيْنَا بِوَجْهِهِ فَقَالَ تَعَوَّذُوا بِاللَّهِ مِنْ عَذَابِ النَّارِ قَالُوا نَعُوذُ بِاللَّهِ مِنْ عَذَابِ النَّارِ فَقَالَ تَعَوَّذُوا بِاللَّهِ مِنْ عَذَابِ الْقَبْرِ قَالُوا نَعُوذُ بِاللَّهِ مِنْ عَذَابِ الْقَبْرِ قَالَ تَعَوَّذُوا بِاللَّهِ مِنْ الْفِتَنِ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ قَالُوا نَعُوذُ بِاللَّهِ مِنْ الْفِتَنِ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ قَالَ تَعَوَّذُوا بِاللَّهِ مِنْ فِتْنَةِ الدَّجَّالِ قَالُوا نَعُوذُ بِاللَّهِ مِنْ فِتْنَةِ الدَّجَّالِ
සෙයිද් බින් සාබිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
බනූ නජ්ජාර් ගෝත්‍රයට අයත් බැම්මක් අසලින් ඔටුවෙකු මත නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ගමන් කරමින් සිටියහ. අප ද එතුමාණන් සමඟ සිටියෙමු. එවිට එම ඔටුවා කුලප්පු විය. එතුමාණන් බිම දමන තරමට පත් විය. එවිට එතැන සොහොන් හතරක් පහක් හයක් පමණ තිබිණ. එවිට එතුමා මෙම සොහොන් වල සිටින අය ගැන හඳුනන්නේ කවුරුන්දැ යි විමසා සිටියහ. එවිට පුද්ගලයෙකු මම යැයි පිළිතුරු දුන්නේය. මොවුන් මියැදුණේ කවර තත්ත්වයක දැ යි විමසා සිටියහ. එයට ඔහු අල්ලාහ්ට ආදේශ තැබූ තත්ත්වයෙහි මියැදුණේ යැයි පිළිතුරු දුනි. එවිට එතුමා මෙම සමූහය ඔවුන්ගේ සොහොන් ගැබ් තුළ පරීක්ෂාවන්ට මුහුණ දෙමින් පසු වෙති. නුඹලා ද වළ දමනු නොලබන්නෙහු නම් කබ්ර් හි දඬුවමින් ඇති වන හා මම සවන් දෙමින් සිටින දෑ නුඹලාට ද සවන් දෙන්නට සලස්වමි. යැයි පැවසූහ.
පසුව එතුමා එතුමාණන්ගේ මුහුණ අප දෙස හරවා නුඹලා නිරයේ දඬුවමින් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතන්නැයි පැවසූහ. එවිට අපි නිරයේ දඬුවමින් ආරක්ෂාව පැතුවෙමු  යැයි ඔවුහු පැවසූහ. පසුව නුඹලා කබ්ර් හි වේදනාවෙන් ආරක්ෂාව පතනු යැයි පැවසූහ. එයට ද අපි කබ්ර්හි වේදනාවන්ගෙන් ආරක්ෂාව පැතුවෙමු යැයි ඔවුහු පැවසූහ. පසුව නුඹලා එහි මතු පිට ඇති වන හා එහි ඇතුළත ඇති වන ව්‍යසනයෙන් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතන්නැයි පැවසූහ. එයට ද අපි එහි මතුපිට ඇති වන හා එහි ඇතුළත ඇති වන ව්‍යසනයන්ගෙන් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පැතුවෙමු යැයි ඔවුහු පැවසූහ. තවද දජ්ජාල්ගේ කලහකාරිත්ව යෙන් ද අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතනු යැයි පැවසූහ. එයට ද අපි දජ්ජාල්ගේ කලහකාරිත්වයෙන් අපි ආරක්ෂාව පැතුවෙමු යැයි ඔවුහු පවසා සිටියහ.
මූලාශ්‍රය : මුස්ලිම්
 
අවසන් හෝරාවෙහි පෙර නිමිති
•    අවසන් හෝරාව පිළිබඳ අවබෝධය
අවසන් හෝරාව සිදුවීමේ වේලාව පිළිබඳ දැනුම අල්ලාහ්ට හැර වෙනත් කිසිවෙකුට නොමැත. ඒ පිළිබඳ අල්ලාහ් මෙසේ අවධාරණය කරයි.
يَسْأَلُكَ النَّاسُ عَنِ السَّاعَةِ قُلْ إِنَّمَا عِلْمُهَا عِنْدَ اللَّهِ وَمَا يُدْرِيكَ لَعَلَّ السَّاعَةَ تَكُونُ قَرِيبًا
ජනයා අවසන් හෝරාව පිළිබඳ නුඹෙන් විමසති. සැබැවින්ම ඒ පිළිබඳ දැනුම ඇත්තේ අල්ලාහ් වෙත පමණි. අවසන් හෝරාව සමීපයෙන් පවතින බව නුඹට දැනුම් දුන්නේ කුමක් ද  (අල් කුර්ආන් 33 : 63)
•    අවසන් හෝරාවෙහි පෙර නිමිති
අවසන් හෝරාව ඉතා සමීපයෙන් සිදු වනු ඇතැයි පෙන්වා දෙන මූලික කරුණු හා පෙර නිමිති නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් හෙළිදරව් කළහ.
එනම් කුඩා පෙර නිමිති හා මහා පෙර නිමිති වශයෙනි.
1-    අවසන් හෝරාවෙ හි කුඩා පෙර නිමිති.
අවසන් හෝරාවෙ හි කුඩා පෙර නිමිති කොටස් තුනකින් සමන්විතය.
පළමුවැන්න : පෙර නිමිති ඇති වී අවසන් වී ගිය දෑ  
ඒ අතුරින් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පැමිණීම එතුමාණන්ගේ මරණය එතුමාණන්ට පමණක් සුවිශේෂි සිදුවීමක් වූ චන්ද්‍රයාගේ පැළීම. බයිතුල් මුකද්දිස් හි ජයග්‍රහණය හිජාස් භූමි ප්‍රදේශයෙන් ගින්නක් පිටවීම.
1. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
اقْتَرَبَتِ السَّاعَةُ وَانْشَقَّ الْقَمَرُ
අවසන් හෝරාව සමීප විය, චන්ද්‍රයාද පැළිණ.                     (අල් කුර්ආන් 54 : 1)
2.
وعن عوف بن مالك رضي الله عنه قَالَ : سَمِعْتُ رسُول الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يقول :  " اعْدُدْ سِتًّا بَيْنَ يَدَيْ السَّاعَةِ مَوْتِي ثُمَّ فَتْحُ بَيْتِ الْمَقْدِسِ ثُمَّ مُوْتَانٌ يَأْخُذُ فِيكُمْ كَقُعَاصِ الْغَنَمِ ثُمَّ اسْتِفَاضَةُ الْمَالِ حَتَّى يُعْطَى الرَّجُلُ مِائَةَ دِينَارٍ فَيَظَلُّ سَاخِطًا ثُمَّ فِتْنَةٌ لَا يَبْقَى بَيْتٌ مِنْ الْعَرَبِ إِلَّا دَخَلَتْهُ ثُمَّ هُدْنَةٌ تَكُونُ بَيْنَكُمْ وَبَيْنَ بَنِي الْأَصْفَرِ فَيَغْدِرُونَ فَيَأْتُونَكُمْ تَحْتَ ثَمَانِينَ غَايَةً تَحْتَ كُلِّ غَايَةٍ اثْنَا عَشَرَ أَلْفًا " أخرجه البخاري
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව අවුෆ්  ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් දැනුම් දෙන ලදී.
මා අතර පවතින අවසන් හෝරාවෙහි කරුණු හයක් ගණනයට ගන්න. 1. මාගේ මරණය 2. පසුව බයිතුල් මුකද්දිස් ජයග්‍රහණය කිරීම 3. එළුවන් විනාශ කර දමන රෝගයක් මෙන් නුඹලා අතර අධික ලෙස මරණයට පත්වීම. 4. මිනිසෙකු දීනාර් සියයක් දෙනු ලබන තරමට ධනය පිරී ඉතිරී යාම එවිට ඔහු කෝප වන්නේය. 5. පසුව අර්බුදයක් ඇති වීම එය අරාබි නිවෙස් වලට පිවිසෙයි. කිසිදු නිවසක් ඉතිරි වන්නේ නැත. 6. නුඹලා අතර හා කහ ජාතීන් (රෝමවරු) අතර යුද විරාමයක් ඇති වීම. පසුව ඔවුහු වංචා කරති. අරමුණු දහයක් යටතේ නුඹලා වෙත ඔවුහු පැමිණෙති. සෑම අරමුණක් යටතේම දොළොස් දහසක් දෙනා වෙති.
මූලාර්‍ශය : බුහාරි
3.
عَنْ أَبِيْ هُرَيْرَةَ رضي الله عنه أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ " لَا تَقُومُ السَّاعَةُ حَتَّى تَخْرُجَ نَارٌ مِنْ أَرْضِ الْحِجَازِ تُضِيءُ أَعْنَاقَ الْإِبِلِ بِبُصْرَى " متفق عليه
ඇත්තෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
හිජාස් භූමි භාගයෙන් ගින්නක් පිට වී බස්රාවෙ හි ඔටු ගෙලවල් ආලෝකමත් කරන තෙක් අවසන් දිනය සිදු නොවන්නේය.
මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්
දෙවැන්න : හෙළි වී එය දිගටම පවතින සළකුණු  ඒ අතුරින්
අර්බුද මතුවීම ... ව්‍යාජ නබිවරුන්ගේ පැමිණීම ... භීතිය පැතිරීම ... දැනුම හීන වීම ... නූගත්කම ඉස්මතු වීම ... ආරක්ෂකයින් අධික වීම අපරාධ වලට උදව් ලැබීම ... සංගීත භාණ්ඩ මතු වීම හා එය අනුමත භාණ්ඩයක් ලෙස සලකනු ලැබීම ... දුරාචාරය ඇති වීම ... මත් පැන් අධික වීම හා එය අනුමත කර ගැනීම ... එළුවන් දක්කන ඇඳීමට හා පැලඳීමට කිසිවක් නොමැති පාදයේ පාවහන් පවා නොමැති උදවිය ගොඩනැගිලි ඉදිකිරීමෙහි තරඟකාරීත්වය ... ජනයා මස්ජිදයෙන් දුරස් වීම හා ඒවා සීමාවෙන් තොර ව අලංකරණය වීම ... ඝාතන වැඩි වීම ... කාලවේලාවන් සීමා වීම ... නුසුදුස්සන් වෙත වගකීම් පැවරීම ... දුෂ්ඨයින් නැගී සිටීම ... දැහැමි පුද්ගලයන් පහතට හෙළීම ... දෙඩවිලි කතා ව්‍යාප්ත වීම ... ක්‍රියාවන් පහත් බවට පත් වීම ... වෙළඳ පොළ මිත්‍රත්වය ... මෙම සමාජය තුළ ආදේශ තැබීම් උදාවීම ... මසුරුකම් අධිකවීම ... බොරු අධික වීම ... ධනය වැඩිවීම ... ව්‍යාපාර බහුලව පැතිරීම ... භූමි කම්පන අධික වීම ... විශ්වාසයට ද්‍රොහි වීම ... වංචා කරන්නන්ට ආරක්ෂාව ලැබීම ... අශික්ෂිත ක්‍රියාවන් පැතිරීම ... ඥාතී සම්බන්ධකම් බිඳ දැමීම ... අසල් වැසියන් සමඟ නපුරු ලෙස කටයුතු කිරීම ... පහත් අය උසස් වීම ... නීතිය මිල කරනු ලැබීම ... අල්ලස් ලබා දීම ... සුළු පිරිසකට පමණක් දැනුමෙහි සම්බන්ධතාව පැවතීම ... පෑන හෙළිවීම ... අඩනිරුවත් කාන්තාවන් මතු වීම ... බොරු සාක්ෂි අධික වීම ... ක්ෂණික මරණයන් අධික වීම ... හලාල් ආහාර පිළිබඳ සැලකිලිමත් නොවීම ... අරාබිකරය ගංගාවන් හා තුරුලිය වලින් පිබිදීම ... මෘග සතුන් මිනිසුන් සමඟ කතා කිරීම ... මිනිසා ඔහුගේ කසයේ නැවුම් භාවයත් ඔහුගේ පාවහනේ පටි ගැනත් කතා කිරීම ... තම බිරිය සමඟ සිදු වූ දෑ හෙළිකිරීම ... ඉරාකය ආක්‍රමණය කරනු ලැබ ආහාර හා මුදල් සම්බාධක පැනවීම ... පසුව සිරියාව ද ආක්‍රමණය කරනු ලැබ ආහාර හා මුදල් සම්බාධක පැනවීම ... පසුව මුස්ලිම්වරුන් හා රෝමවරුන් අතර ගිවිසුමක් ඇතිවීම ... රෝමවරු මුස්ලිම්වරුන්ට වංචා කිරීම.
عَنْ ابْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا أَنَّهُ سَمِعَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ مُسْتَقْبِلٌ الْمَشْرِقَ يَقُولُ : " أَلَا إِنَّ الْفِتْنَةَ هَا هُنَا مِنْ حَيْثُ يَطْلُعُ قَرْنُ الشَّيْطَانِ " متفق عليه .
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
එතුමාණන් නැගෙනහිර දෙසට මුහුණ ලා සැලකිලිමත් වන්න. ෂෙයිතාන්ගේ අං උදා වන පරිදි ඇත්තෙන්ම අර්බුදය මෙහි ය. ඇත්තෙන්ම අර්බුදය මෙහි ය.
මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්
තුන්වැන්න : තවමත් මතු වී නොමැති නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) දන්වා සිටි පරිදි කිසිදු සැකයකින් තොරව සිදුවීමට නියමිත පෙර නිමිති.
යුප්‍රටීස්, ටයිග්‍රීස් නදියේ රන් කන්දක් මතු වීම ... නිරායුධ ව කොස්තන්තිනෝපලය ජය ගැනීම ... තුර්කියේ ඝාතන මතුවීම ... යුදෙව්වන් යුද්ධ කිරීම ඔවුන් වෙනුවෙන් මුස්ලිම්වරුන් ගේ දායකත්වය ...  කහ්තාන් දේශයෙන් මිනිසෙකු පැමිණීම හා ඔහු තම හැරමිටියෙන් ජනයා ව හසුරු වීම ජනයා ද ඔහුට අවනත ව ක්‍රියා කිරීම ... පිරිමින් අඩු වීම ... එක් අයකුට පනස් දෙනෙකු යන අනුපාතයට කාන්තාවන් අධික වීම ... මදීනාවෙහි දුෂ්ඨයන් නෙරපා හැරීම පසුව එය විනාශ වී යාම ... දූ සවීකතයින් යනුවෙන් හැඳින්වෙන ඇබීසීනියානු මිනිසෙකුගේ දෑතින් කඃබාව කඩා බිඳ දැමීම, ඉන් පසුව එය පරිපාලනය කරනු නොලැබේ. එයයි අවසාන කාල පරිච්ඡේදය වනුයේ.  උදව් උපකාර කරන්නා අල්ලාහ්ය.
ඉහත සඳහන් කළ සියලුම පෙර නිමිති නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කර ඇති අතර ඒවා පූර්ව සාධක සහිත හදීස් නාමාවලියේ සඳහන් දෑ ය.

2. අවසන් හෝරාවෙහි ප්‍රධාන සළකුණු
අවසන් හෝරාවෙහි ප්‍රධාන සලකුණු දහයකි.
عَنْ حُذَيْفَةَ بْنِ أَسِيدٍ الْغِفَارِيِّ رضي الله عنه قَالَ : اطَّلَعَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَيْنَا وَنَحْنُ نَتَذَاكَرُ فَقَالَ مَا تَذَاكَرُونَ قَالُوا : نَذْكُرُ السَّاعَةَ قَالَ : " إِنَّهَا لَنْ تَقُومَ حَتَّى تَرَوْنَ قَبْلَهَا عَشْرَ آيَاتٍ " فَذَكَرَ الدُّخَانَ وَالدَّجَّالَ وَالدَّابَّةَ وَطُلُوعَ الشَّمْسِ مِنْ مَغْرِبِهَا وَنُزُولَ عِيسَى ابْنِ مَرْيَمَ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَيَأَجُوجَ وَمَأْجُوجَ وَثَلَاثَةَ خُسُوفٍ خَسْفٌ بِالْمَشْرِقِ وَخَسْفٌ بِالْمَغْرِبِ وَخَسْفٌ بِجَزِيرَةِ الْعَرَبِ وَآخِرُ ذَلِكَ نَارٌ تَخْرُجُ مِنْ الْيَمَنِ تَطْرُدُ النَّاسَ إِلَى مَحْشَرِهِمْ " أخرجه مسلم
හුදෙයිෆා ඉබ්නු අසීද් අල්-ඝෆ්ෆාර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.  අපි එකිනෙකා කතා කරමින් සිටිය දී නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අප වෙතට පැමිණ නුඹලා කුමක් ගැන කතා කරන්නෙහුදැයි විමසා සිටියහ. අපි අවසන් හෝරාව පිළිබඳ කතා කරමින් සිටින්නෙමු යැයි පිළිතුරු දුන්නෙමු. එවිට එතුමා එය ඊට පෙර සලකුණු දහයක් ඔබ දකින තෙක් ඇති නොවන්නේමය. පසුව
    දුම     
    දජ්ජාල්     
    සත්වයෙකු මතු වීම    
    බටහිරින් හිරු උදා වීම
    මර්යම්ගේ පුත් ඊසාගේ පහළ වීම
    යඃජූජ් මඃජූජ්ගේ පැමිණීම
    ග්‍රහණ තුනක් ඇති වීම එනම් නැගෙනහිරෙන් ග්‍රහණයක් බටහිරින් ග්‍රහණයක් හා අරාබි අර්ධද්වීපයෙන් ග්‍රහණයක්.
ඒවායෙහි අවසානය වනුයේ යමන් දේශයෙන් දුමාරයක් පිට වී එය ජනයාව නැගිටුවනු ලබන ස්ථානය වෙත කැඳවා ගෙන යෑම.      (මූලාශ්‍රය: මුස්ලිම්)
1-    දජ්ජාල් මතු වීම :
දජ්ජාල් ද ආදම්ගේ පුතුණුවන් අතුරින් කෙනෙකි. එනම් මිනිසෙකි. ඔහු අවසන් කාලයේ දී පිට වෙයි. පරිපාලනත්වය පිළිබඳ වාද කරයි.  කුරාසාන් හි බටහිර දෙසින් ඔහු මතු වෙයි. පසුව මහපොළොවේ සෑම ස්ථානයකටම සැරිසරයි. මස්ජිදුල් අක්සාව, තූර් කන්ද, මක්කාහ්ව හා මදීනාව යන ස්ථානයන් හැර මිහිතලයේ සෙසු සෑම ස්ථානයකටම ඔහු පිවිසෙයි. මෙම ස්ථාන වලට පිවිසීමට ඔහුට නොහැකිය. හේතුව මලක්වරුන් එම ස්ථාන ආරක්ෂා කරමින් සිටින බැවිනි. සබ්හා නම් ස්ථානයට ගොඩ වදී. මදීනාවෙහි කම්පනයක් ඇති වේ. එහි සිට සෑම දේව ප්‍රතික්ෂේපකයකුම සෑම කුහකයකුම ඔහු වෙතට පැමිණෙයි.
•    දජ්ජාල් බැහැරට ඒමේ කාලවකවානුව
عَنْ عَبْدِ اللَّهِ بْنَ عُمَرَ رضي الله عنهما قال : " كُنَّا قُعُودًا عِنْدَ رَسُولِ اللَّهِ فَذَكَرَ الْفِتَنَ فَأَكْثَرَ فِي ذِكْرِهَا حَتَّى ذَكَرَ فِتْنَةَ الْأَحْلَاسِ فَقَالَ قَائِلٌ يَا رَسُولَ اللَّهِ وَمَا فِتْنَةُ الْأَحْلَاسِ قَالَ هِيَ هَرَبٌ وَحَرْبٌ ثُمَّ فِتْنَةُ السَّرَّاءِ دَخَنُهَا مِنْ تَحْتِ قَدَمَيْ رَجُلٍ مِنْ أَهْلِ بَيْتِي يَزْعُمُ أَنَّهُ مِنِّي وَلَيْسَ مِنِّي وَإِنَّمَا أَوْلِيَائِي الْمُتَّقُونَ ثُمَّ يَصْطَلِحُ النَّاسُ عَلَى رَجُلٍ كَوَرِكٍ عَلَى ضِلَعٍ ثُمَّ فِتْنَةُ الدُّهَيْمَاءِ لَا تَدَعُ أَحَدًا مِنْ هَذِهِ الْأُمَّةِ إِلَّا لَطَمَتْهُ لَطْمَةً فَإِذَا قِيلَ انْقَضَتْ تَمَادَتْ يُصْبِحُ الرَّجُلُ فِيهَا مُؤْمِنًا وَيُمْسِي كَافِرًا حَتَّى يَصِيرَ النَّاسُ إِلَى فُسْطَاطَيْنِ فُسْطَاطِ إِيمَانٍ لَا نِفَاقَ فِيهِ وَفُسْطَاطِ نِفَاقٍ لَا إِيمَانَ فِيهِ فَإِذَا كَانَ ذَاكُمْ فَانْتَظِرُوا الدَّجَّالَ مِنْ يَوْمِهِ أَوْ مِنْ غَدِهِ" أخرجه أحمد وأبو داود
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් ප්‍රකාශ කරන ලදී. අපි අල්ලාහ්ගේ රසූල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා සමඟ වාඩිවෙමින් සිටියෙමු. එවිට එතුමාණෝ අර්බුදකම් පිළිබඳ ව මෙ‍නෙහි කළහ.  තවදුරටත් ෆිත්නතුල් අහ්ලාස් පිළිබඳ ව පවසා සිටින තෙක් ඒ පිළිබඳ ව අධික ව සඳහන් කරමින් සිටියහ. අල්ලාහ්ගේ දූතයාණනි, ෆිත්නතුල් අහ්ලාස් යනු කුමක්දැයි කෙනෙකු විමසීය. එවිට එතුමා ‘‘ එය ත්‍රස්ත ක්‍රියාවකි, යුද ගැටුමකි පසුව සොම්නසෙහි අර්බුදයකි. එහි දුමාරය මාගේ පවුලේ අයගෙන් වූ මිනිසෙකුගේ පාද දෙක යටින් පවතී. ඇත්තෙන්ම ඔහු මගෙන් කෙනෙකු යැයි සිතයි. නමුත් ඔහු මගෙන් කෙනෙකු නොවෙයි. මාගේ මිතුරන් වනුයේ බැතිමතුන්ය. පසුව ඉල ඇටය මත ඇති ඇකය (තුනටිය) මෙන් ජනයා මිනිසෙකු වෙත එක්රැස් වෙති. පසුව අදුරු අර්බුදයක් මතු වේ. එය මෙම සමාජයේ සිටින කිසිවෙකු හෝ ස්පර්ශ නොකර අත හැර දමන්නේ නැත. එය අවසන් වී ඇතැයි කියනු ලැබූ විට තවදුරටත් එහි රැඳී සිටියි. එහි දී මිනිසෙකු විශ්වාසවන්තයකු ලෙස අවදි වී ප්‍රතික්ෂේපකයකු ලෙස සවස් කාලයේ පත් වෙයි. ජනයා කණ්ඩායම් දෙකකට පත් වන තුරු එලෙස සිදු වෙයි. එනම් කුහකත්වයක් නොමැති විශ්වාසයෙන් යුත් කණ්ඩායම හා විශ්වාසයක් නොමැති කුහකත්වයෙන් යුත් කණ්ඩායමක් ලෙසිනි. ඔබ සැමට මෙය විඳින්නට ලැබුණු විට එදින හෝ එදිනට පසු දින හෝ දජ්ජාල්ගේ පැමිණීම බලාපොරොත්තු වන්න.
මූලාශ්‍රය: අහ්මද් අබූ දාවූද්.

•    දජ්ජාල්ගේ අර්බුදකම්
මිනිස් චින්තන මුළා කිරීමේ අසාමාන්‍යය ගතිපැවතුම් ඇති ව අල්ලාහ් ඔහු ව මවා ඇති හේතුවෙන් මහා පරිමාණයේ අර්බුද රැසක් දජ්ජාල් ඇති කරයි. ඇත්තෙන් ම ඔහු සමඟ ස්වර්ගය ද නිරය ද පවතී. ඔහුගේ නිරය ස්වර්ගයයි. ඔහුගේ ස්වර්ගය නිරයයි. එමෙන්ම කුබ්ස් රොටි කඳු ද ජලයෙන් පිරුණු ගංගාවන් ද තිබේ. අහසට අණ කරයි එය වැසි ලබා දෙයි. පොළොවට අණ කරයි ඉන් ශාක හට ගනියි. එයට පරව මිහිතලයේ නිධන් ද මතු වෙයි. මහා වර්ෂාවක් මෙන් ඉන් පසුව සුළි සුළඟක් ඇති වූ විට කවර තත්ත්වයක පවතී ද එලෙසම ඉතා වේගයෙන්  ඉමහත් ලෙසින් මහ පොළොව විනාශ කර දමයි. මහපොළොවේ දින හතළිහක් ජීවත් වෙයි. දිනක් වසරක් මෙන් ද තව දිනක් මසක් මෙන් ද තව දිනක් ජුමුආවක් මෙන් ද පවතී ඔහුගේ සෙසු දිනයන් අපගේ සාමාන්‍ය දින ගණන් මෙනි. පසුව මර්යම්ගේ පුත් ඊසා පලස්තීනයේ ලුද්ද නම් දොරකඩ අසල ඔහු ව මරා දමයි.

 
•    දජ්ජාල්ගේ ගුණාංගයන්
දජ්ජාල් ව අනුගමනය කිරීමෙන් ද ඔහු ව සත්‍ය කිරීමෙන් ද වැළකෙන මෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා අපට තරයේ අවවාද කර ඇත. එමෙන්ම ඔහුගෙන් අප ඈත් ව සිටිනු පිණිස ඔහුගේ ගුණාංග ද අපට පැහැදිලි කර ඇත. ඔහුගේ ඇස් දෙක අතර කාෆිර් යනුවෙන් සඳහන් ව තිබේ. සෑම මුස්ලිම්වරයකුම එය කියවයි.
عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ أَنَّهُ قَالَ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : " إِنَّ مَسِيحَ الدَّجَّالِ رَجُلٌ قَصِيرٌ أَفْحَجُ جَعْدٌ أَعْوَرُ مَطْمُوسُ الْعَيْنِ لَيْسَ بِنَاتِئَةٍ وَلَا حَجْزَاءَ فَإِنْ أَلْبَسَ عَلَيْكُمْ ... فَاعْلَمُوا أَنَّ رَبَّكُمْ تَبَارَكَ وَتَعَالَى لَيْسَ بِأَعْوَرَ " . أخرجه أحمد وأبو داود .
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව උබාදා ඉබ්නු සාමිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
සැබැවින්ම මසීහුද් දජ්ජාල් මිටි කළු බොකුටු කෙසින් යුත් ඉදිරියට නෙරා නොගිය නොඉලිප්පී වැසී ගිය එක් ඇසකින් යුත් පුද්ගලයකි. (ඔහු ගැන) ඔබට කුතුහලයක් ඇති වූ විටක සැබැවින්ම භාග්‍යයන්ගෙන් යුත් උත්තරීතර ඔබගේ පරමාධිපති ඇහැක් කොර වූ කෙනෙකු නොවන බව දැනගන්න.  මූලාශ්‍ර: අහ්මද්, අබූ දාවූද්
•    දජ්ජාල් බැහැර වන ස්ථානය
عَنْ النَّوَّاسِ بْنِ سَمْعَانَ رضي الله عنه قَالَ : ذَكَرَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الدَّجَّالَ – وفيه- " إِنَّهُ خَارِجٌ خَلَّةً بَيْنَ الشَّأْمِ وَالْعِرَاقِ فَعَاثَ يَمِينًا وَعَاثَ شِمَالًا " أخرجه مسلم

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා දජ්ජාල් ගැන මතක් කිරීමේ දී මෙසේ පැවසූ බව නවාස් ඉබ්නු නුඃමාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
සිරියාව හා ඉරාකය අතර වූ ස්ථානයකින් පිට වේ. පසුව ඔහු දකුණි දෙසින් කලහකම් පතුරමින් වේගයෙන් සැරිසරයි. වම් දෙසින් ද කලහකම් පතුරමින් වේගයෙන් සැරිසරයි.     (මූලාශ්‍රය : මුස්ලිම්)
•    දජ්ජාල්ට පිවිසිය නොහැකි ස්ථාන
عن أَنَس بْنُ مَالِكٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ " لَيْسَ مِنْ بَلَدٍ إِلَّا سَيَطَؤُهُ الدَّجَّالُ إِلَّا مَكَّةَ وَالْمَدِينَةَ " متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
මක්කාහ් ව හා මදීනාහ් ව හැර දජ්ජාල් පය නොතබන   කිසිදු නගරයක් නොමැත.  (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)
وَعَنْ رجل من أصحاب النبي صلى الله عليه وسلم أن النبي صلى الله عليه وسلم ذكر الدجال – وفيه – قال : " لَا يَقْرَبُ أَرْبَعَةَ مَسَاجِدَ مَسْجِدَ الْحَرَامِ وَمَسْجِدَ الْمَدِينَةِ وَمَسْجِدَ الطُّورِ وَمَسْجِدَ الْأَقْصَى " أخرجه أحمد .
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා දජ්ජාල් ගැන සිහිපත් කිරීමේ දී මෙසේ පැවසූ බව එතුමාගේ අනුගාමිකයින් අතුරින් කෙනෙකු මෙසේ පවසා සිටියි.
ඔහු මස්ජිද් හතරකට ළඟා නොවන්නේය. එනම් මස්ජිදුල් හරාම් මස්ජිදුල් මදීනා මස්ජිදුත් තූර් මස්ජිදුල් අක්සා            (මූලාශ්‍රය : අහ්මද්)
•    දජ්ජාල්ගේ අනුගාමිකයෝ
දජ්ජාල්ගේ අනුගාමිකයින් අතුරින් බහුතරය යුදෙව්වන් හා අරාබි නොවන උදවියයි. ඔහු ජනයා අතර වඩා ගැවසෙනුයේ අරාබිවරුන් හා කාන්තාවන් සමඟය.  
عَنْ أَنَسِ بْنِ مَالِكٍ رضي الله عنه أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : " يَتْبَعُ الدَّجَّالَ مِنْ يَهُودِ أَصْبَهَانَ سَبْعُونَ أَلْفًا عَلَيْهِمْ الطَّيَالِسَةُ " أخرجه مسلم
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
අස්බහාන් යුදෙව්වන් අතුරින් හැත්තෑ දහසක් දෙනා  දජ්ජාල් ව අනුගමනය කරති. ඔවුන් මත සුරයන් තිබේ.
මූලාශ්‍රය : මුස්ලිම්)  
•    දජ්ජාල්ගේ අර්බුද වලින් ආරක්ෂාව
මෙය ද අල්ලාහ් ව විශ්වාස කිරීමේ කරුණක් වෙයි. විශේෂයෙන්ම සලාතයේ දී දජ්ජාල්ගේ කලහකම් වලින් ආරක්ෂාව හා ඔහුගෙන් මිදීමට මාර්ගය ද සූරා කහ්ෆ් හි ආරම්භය පාරායනය කිරීම තුළින් රැකවරණය ද අල්ලාහ්ගෙන්  පැතිය යුතු වේ.
عَنْ أَبِي الدَّرْدَاءِ رضي الله عنه أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : " مَنْ حَفِظَ عَشْرَ آيَاتٍ مِنْ أَوَّلِ سُورَةِ الْكَهْف عُصِمَ مِنْ الدَّجَّالِ" وفي لفظ : " فَمَنْ أَدْرَكَهُ مِنْكُمْ فَلْيَقْرَأْ عَلَيْهِ فَوَاتِحَ سُوْرَةِ الْكَهْفِ "  أخرجه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ දර්දා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
සූරා කහ්ෆ් හි ආරම්භක පාඨ පහළොව කවරෙකු කට පාඩම් කර ඇත්තේ ද ඔහු දජ්ජාල්ගෙන් ආරක්ෂාව ලබනු ඇත.
තවත් වාර්තාවක කවරෙකු ඔහු ව මුණ ගැසෙන්නේ ද ඔහු සූරා කහ්ෆ් හි ආරම්භ කොටස කියවත්වා ! යැයි සඳහන් ව ඇත.         (මූලාශ්‍රය මුස්ලිම්)
2-    මර්යම්ගේ පුත් ඊසා (අලයිහිස් සලාම්) තුමාගේ පැමිණීම
දජ්ජාල් පිටවීම මහපොළොවේ දුෂ්ටකම් පතුරුවාලීමෙන් පසු අල්ලාහ් මර්යම්ගේ පුත් ඊසා ව පහළ කරනු ඇත. එතුමා ඩමස්කසයේ නැගෙනහිර දෙසින් අල්-මනාරා අල් බයිළා නම් ප්‍රදේශයට මලක්වරු දෙදෙනකුගේ පියාපත් මත තම දෑත් තබමින් ගොඩ බසියි. පසුව දජ්ජාල් ව ඝාතය කරයි. ඉස්ලාමය අනුව තීන්දු තීරණ ලබා දෙයි. කුරුසය බිද දමයි. ඌරන් මරා දමයි. බදු අය කරයි. මුදල් ගලා එයි. වෛරය ක්‍රෝධය පහ වී යයි. අවුරුදු හතක් ජීවත් වෙයි. එම කාලය තුළ දෙදෙනකු අතර හෝ කිසිදු සතුරුකමක් නොපවතියි. පසුව මරණයට පත් වෙයි. මුස්ලිම්වරුන් විසින් ඔහු වෙනුවෙන් ජනාzසා සලාතය මෙහෙයවනු ලබයි.
පසුව සිරියාව දෙසින් ඉමිහිරි සුළඟක් හමන්නට අල්ලාහ් සලස්වයි. අණුවක තරම් දේව විශ්වාසය ඇති කවර කෙනෙකු වුව ද එවැනි සියලු දෙනාගේ ප්‍රාණයන් එය අත්පත් කර ගනී. දේව විශ්වාසය ඇති කිසිවෙකු මහපොළොවේ ඉතිරි නොවෙයි. මෘග සිතුවිලි වලින් පිරුණු ඩැහැගන්නා පක්ෂීන් මෙන් වූ දුෂ්ට ජනයා පමණක් ඉතිරි වෙයි. බූරුවන් මෙන් බහුබූත ලෙස කටයුතු කරති. පසුව පිළිම වැඳුම් පිදුම් කරන මෙන් ෂෙයිතාන් අණ කරයි. ඔවුන් වෙත අවසන් හෝරාව පැමිණෙයි.
عَنْ أَبِيْ هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ : قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : "وَالَّذِي نَفْسِي بِيَدِهِ لَيُوشِكَنَّ أَنْ يَنْزِلَ فِيكُمْ ابْنُ مَرْيَمَ حَكَمًا عَدْلًا فَيَكْسِرَ الصَّلِيبَ وَيَقْتُلَ الْخِنْزِيرَ وَيَضَعَ الْجِزْيَةَ وَيَفِيضَ الْمَالُ حَتَّى لَا يَقْبَلَهُ أَحَدٌ حَتَّى تَكُونَ السَّجْدَةُ الْوَاحِدَةُ خَيْرًا مِنْ الدُّنْيَا وَمَا فِيهَا "
ثُمَّ يَقُولُ أَبُو هُرَيْرَةَ وَاقْرَءُوا إِنْ شِئْتُمْ : { وَإِنْ مِنْ أَهْلِ الْكِتَابِ إِلَّا لَيُؤْمِنَنَّ بِهِ قَبْلَ مَوْتِهِ وَيَوْمَ الْقِيَامَةِ يَكُونُ عَلَيْهِمْ شَهِيدًا } متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
මාගේ ආත්මය කවර කෙනෙකු සතුවේ ද ඔහු මත දිවුරා පවසමි. සාධාරණනීය තීන්දු ලබා දෙන්නෙකු ලෙස නුඹලා අතර මර්යම්ගේ පුත් ඊසා පහළ වීමේ කාලය සමීප වී ඇත. ඔහු කුරුස බිඳ දමයි. ඌරන් මරා දමයි. බදු අය කරයි. දෙන දෙයක් කිසිවෙකු භාර නොගන්නා තරමට මුදල් ගලා එන්නට පටන් ගනීයි. එය මෙලොව හා එහි ඇති දෑ ට වඩා එක් සජදාවක් කිරීම උතුම් වේ යන තත්ත්වයට පත් කරවයි.
නුඹලා අභිමත කරන්නේ නම් මෙය ද කියවන්න යැයි අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා වැඩි දුරටත් පවසා සිටියි. එනම්
وَإِنْ مِنْ أَهْلِ الْكِتَابِ إِلَّا لَيُؤْمِنَنَّ بِهِ قَبْلَ مَوْتِهِ وَيَوْمَ الْقِيَامَةِ يَكُونُ عَلَيْهِمْ شَهِيدًا
තේරුම : (මර්යම්ගේ පුත් ඊසා වන) ඔහු මරණයට පත් වීමට පෙර පුස්තක ලත් ජනයා ඔහු ව විශ්වාස කරති මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු ඔවුනට සාක්ෂිකරුවකු වනු ඇත.
3- යඃජූජ් හා මඃජූජ්වරුන්ගේ පිටවීම
යඃජූජ් හා මඃජූජ් ආදම්ගේ පරපුරින් පැවතෙන බලවත් සමාජයන් දෙකකි. ඔවුහු අති බලවත් මිනිසුන්ය. ඔවුන් සමඟ සටන් වැදීමට කිසිවකු ශක්තිය නොදරනු ඇත. ඔවුන් මතුවීම ද අවසන් හෝරාවේ මහා සලකුණු වලින් එකකි. ඔවුහු මහපොළොවේ කලහකම් පතුරුවති. පසුව මර්යම්ගේ පුත් ඊසා (අලයිහිස් සලාම්) තුමා හා එතුමාගේ සගයන් ඔවුනට එරෙහි ව අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරති. පසුව ඔවුන් මරණයට පත් වනු ඇත.
1-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
حَتَّى إِذَا فُتِحَتْ يَأْجُوجُ وَمَأْجُوجُ وَهُمْ مِنْ كُلِّ حَدَبٍ يَنْسِلُونَ ، وَاقْتَرَبَ الْوَعْدُ الْحَقُّ فَإِذَا هِيَ شَاخِصَةٌ أَبْصَارُ الَّذِينَ كَفَرُوا يَا وَيْلَنَا قَدْ كُنَّا فِي غَفْلَةٍ مِنْ هَذَا بَلْ كُنَّا ظَالِمِينَ .
අවසානයේ යඃජූජ් හා මඃජූජ් බැහැර කරනු ලබන අවස්ථාව (සිහිපත් කරවු.) තවද ඔවුහු සෑම උස් පෙදෙසක සිටම ශීඝ්‍රයෙන් එති.         
සැබෑ ප්‍රතිඥාව සමීප විය. එවිට ප්‍රතික්ෂේප කළවුන්ගේ බැල්ම වික්ෂිප්ත ව පවතී. අහෝ ! අපගේ විනාශය සැබැවින්ම අපි මේ ගැන අනවධානයෙහි පසුවූයෙමු. තවද අපි අපරාධකරුවන් ව සිටියෙමු.                (අල්-කුර්ආන් 21 : 96-97)
وَعن النواس بن سمعان رضي الله عنه قال: ذكر رسول الله صلى الله عليه وسلم الدجال وأن عيسى يقتله بباب لد .... – وفيه – "إِذْ أَوْحَى اللَّهُ إِلَى عِيسَى إِنِّي قَدْ أَخْرَجْتُ عِبَادًا لِي لَا يَدَانِ لِأَحَدٍ بِقِتَالِهِمْ فَحَرِّزْ عِبَادِي إِلَى الطُّورِ وَيَبْعَثُ اللَّهُ يَأْجُوجَ وَمَأْجُوجَ وَهُمْ مِنْ كُلِّ حَدَبٍ يَنْسِلُونَ فَيَمُرُّ أَوَائِلُهُمْ عَلَى بُحَيْرَةِ طَبَرِيَّةَ فَيَشْرَبُونَ مَا فِيهَا وَيَمُرُّ آخِرُهُمْ فَيَقُولُونَ لَقَدْ كَانَ بِهَذِهِ مَرَّةً مَاءٌ وَيُحْصَرُ نَبِيُّ اللَّهِ عِيسَى وَأَصْحَابُهُ حَتَّى يَكُونَ رَأْسُ الثَّوْرِ لِأَحَدِهِمْ خَيْرًا مِنْ مِائَةِ دِينَارٍ لِأَحَدِكُمْ الْيَوْمَ فَيَرْغَبُ نَبِيُّ اللَّهِ عِيسَى وَأَصْحَابُهُ فَيُرْسِلُ اللَّهُ عَلَيْهِمْ النَّغَفَ فِي رِقَابِهِمْ فَيُصْبِحُونَ فَرْسَى كَمَوْتِ نَفْسٍ وَاحِدَةٍ ثُمَّ يَهْبِطُ نَبِيُّ اللَّهِ عِيسَى وَأَصْحَابُهُ إِلَى الْأَرْضِ فَلَا يَجِدُونَ فِي الْأَرْضِ" أخرجه مسلم
අන්-නවාස් ඉබ්නු සම්ආන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දජ්ජාල් පිළිබඳ ව විස්තර කරමින් සැබැවින්ම ඊසා (අලයිහි වසල්ලම්) තුමා ලුද් නම් දොරටුව අසල ඔහු ව ඝාතනය කරනු ඇත..... - එහි තවදුරටත්- අල්ලාහ් ඊසා තුමාට වහී පහළ කරයි. මගේ ගැත්තන් පිරිසක් මම හෙළිකර ඇත්තෙමි. ඔවුන් ඝාතනය කිරීමට කිසිවකුට ශක්තිය නොමැත.  එබැවින් මාගේ ගැත්තන් තූර් කන්ද දෙසට ගෙන යමින් ආරක්ෂාව සපයන්න. අල්ලාහ් යඃජූජ් හා මඃජූජ් එවයි. ඔවුහු සෑම දෙසකින්ම කලහකම් පතුරුවමින් සැරිසරති. ඔවුන්ගෙන් මුල් කණ්ඩායම තබරිය්යා නම් විල දෙසට ගමන් කරති. එහි ඇති සියල්ල පානය කරති. ඔවුන්ගෙන් අවසන් කණ්ඩායම ද ගමන් කරමින් ‘මෙවරත් ජලය තිබේ යැයි පවසති. අල්ලාහ්ගේ නබි ඊසා හා ඔහුගේ සගයින් අද දින නුඹලාට ඇති රන්කාසි සියයකට වඩා ඔවුන් අතුරින් කෙනෙකුට මී හරක් ඔළු යහපත් වන තරමට සම්බාධක පනවති.  ඔවුනට තිබේ. අල්ලාහ්ගේ නබි ඊසා හා එතුමාගේ සගයින් ප්‍රාර්ථනා කරති. එවිට ඔවුන්ගේ ගෙලවල් වල අල්ලාහ් පණු වර්ගයන් එවයි. කෙනෙකු මරණයට පත් වන ආකාරයට ඔවුන් මරණයට පත් වෙති. පසුව අල්ලාහ්ගේ නබි ඊසා හා එතුමාගේ සගයින් පොළොවට පහළ වෙති.         (මූලාශ්‍රය: මුස්ලිම්)
ඊසා (අලෙයිහිස් සලාම්) හා එතුමාගේ සගයින් පොළොවට පැමිණීමෙන් පසු අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරති. යඃජූජ් මඃජූජ් වරුන්ගේ දේහය ඩැහැගෙන යන්නට පක්ෂීන් වර්ගයක් එවයි. උන් ඒවා රැගෙන අල්ලාහ් අභිමත කරන පරිදි ඔවුන් ව විසි කර දමති.
පසුව අල්ලාහ් වර්ෂාවක් ඇති කරවා මහපොළොව සෝදා හරියි. පසුව භාග්‍යයන් හා අභිවෘද්ධියන් මහපොළොවට පහළ වෙයි. එළවළු පලතුරු හට ගනී ගහකොළ වල හා සත්වයින්ගේ අභිවෘද්ධිය ඇති වේ.
4,5,6. ග්‍රහණ තුනක් ඇතිවීම
ග්‍රහණ තුනක් ඇති වීම ද අවසන් හෝරාවෙහි සලකුණු අතුරින් එකකි. එක් ග්‍රහණයක් නැගෙනහිරෙන් ද තවත් ග්‍රහණයක් බටහිරෙන් ද අනෙක් ග්‍රහණය ආරාබි අර්ධද්වීපයෙන් ද සිදු වේ. නැවතත් එසේ කිසිදු ග්‍රහණයක් සිදු නොවනු ඇත.
7- දුමාරය පිටවීම
අවසන් කාලයේ දුමාරයක් පිටවීම ද අවසන් හෝරාවේ පෙරනිමිති අතුරින් එකකි.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
فَارْتَقِبْ يَوْمَ تَأْتِي السَّمَاءُ بِدُخَانٍ مُبِينٍ (10) يَغْشَى النَّاسَ هَذَا عَذَابٌ أَلِيمٌ (11)
එබැවින් අහස පැහැදිලි දුමාරයක් ගෙන එන දිනය බලාපොරොත්තු වවු. එය මිනිස් වර්ගයා ආවරණය කරයි. එය වේදනා සහගත දඬුවමකි. (අල්-කුර්ආන් 44: 10,11)
2-
عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه عن النبي صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : " بَادِرُوا بِالْأَعْمَالِ سِتًّا : طُلُوعَ الشَّمْسِ مِنْ مَغْرِبِهَا أَوْ الدُّخَانَ أَوْ الدَّجَّالَ أَوْ الدَّابَّةَ أَوْ خَاصَّةَ أَحَدِكُمْ أَوْ أَمْرَ الْعَامَّةِ
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
කරුණු හයකට පෙර යහපත් ක්‍රියාවන්හි නිරතවන්න. හිරු බටහිරින් උදාවීම දුමාරය දජ්ජාල්ගේ පැමිණීම සත්වයකු බිහි වීම නුඹලා අතුරින් කෙනෙකුට සිදු වන විශේෂිත සිදුවීම (මරණය) සිදුවන්නට නියමිත පොදු කරුණුය.          (මූලාශ්‍රය මුස්ලිම්)
8- හිරු බටහිරින් උදාවීම
හිරු බටහිරින් උදාවීම ද අවසන් හෝරාවෙහි මහා සලකුණු අතුරින් එකකි. ඉහළ ලොවෙහි -අහසෙහි-   තත්ත්වයන් වෙනස් කරව ! ස්වරූපයන්ගෙන් පළමුවැන්න මෙය වේ. මේ සම්බන්ධයෙන් සඳහන් සාධක අතුරින් සමහරක්
1-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
هَلْ يَنْظُرُونَ إِلَّا أَنْ تَأْتِيَهُمُ الْمَلَائِكَةُ أَوْ يَأْتِيَ رَبُّكَ أَوْ يَأْتِيَ بَعْضُ آيَاتِ رَبِّكَ يَوْمَ يَأْتِي بَعْضُ آيَاتِ رَبِّكَ لَا يَنْفَعُ نَفْسًا إِيمَانُهَا لَمْ تَكُنْ آمَنَتْ مِنْ قَبْلُ أَوْ كَسَبَتْ فِي إِيمَانِهَا خَيْرًا قُلِ انْتَظِرُوا إِنَّا مُنْتَظِرُونَ
ඔවුන් වෙත මලක්වරුන් පැමිණීම හෝ නුඹේ පරමාධිපති පැමිණීම හෝ නුඹේ පරමාධිපතිගෙන් වූ ඇතැම් සංඥාවන් පැමිණීම හෝ මිස (වෙනෙකක්) ඔවුන් අපේක්ෂා කරන්නේ ද? නුඹගේ පරමාධිපතිගේ සංඥාවන් සමහරක් පැමිණෙන දිනයේ පෙර විශ්වාස කර නොසිටියා වූ හෝ තම විශ්වාසය තුළින් යහපතක් උපයා නොගත්තා වූ කිසිම ආත්මයකට තම විශ්වාසය ප්‍රයෝජනවත් නොවන්නේය. ‘නුඹලා අපේක්ෂා කරවු. සැබැවින්ම අපි ද අපේක්ෂා කරන්නන් වන්නෙමු යැයි (නබිවරය,) පවසවු.          (අල්-කුර්ආන් 6 : 158)
2-
عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قال : قال رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : " لَا تَقُومُ السَّاعَةُ حَتَّى تَطْلُعَ الشَّمْسُ مِنْ مَغْرِبِهَا فَإِذَا طَلَعَتْ مِنْ مَغْرِبِهَا آمَنَ النَّاسُ كُلُّهُمْ أَجْمَعُونَ فَيَوْمَئِذٍ { لَا يَنْفَعُ نَفْسًا إِيمَانُهَا لَمْ تَكُنْ آمَنَتْ مِنْ قَبْلُ أَوْ كَسَبَتْ فِي إِيمَانِهَا خَيْرًا } متفق عليه.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
හිරු බටහිරින් උදා වන තෙක් අවසන් හෝරාව සිදු නොවනු ඇත. හිරු බටහිරෙන් උදා වන විට ජනයා සියල්ලෝම විශ්වාස කරති.  එදින පෙර විශ්වාස කර නොසිටියා වූ හෝ තම විශ්වාසය තුළින් යහපතක් උපයා නොගත්තා වූ කිසිම ආත්මයකට තම විශ්වාසය ප්‍රයෝජනවත් නොවන්නේය.                         (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)
3-
عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو رضي الله عنهما قال سمعت رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : "إِنَّ أَوَّلَ الْآيَاتِ خُرُوجًا طُلُوعُ الشَّمْسِ مِنْ مَغْرِبِهَا وَخُرُوجُ الدَّابَّةِ عَلَى النَّاسِ ضُحًى وَأَيُّهُمَا مَا كَانَتْ قَبْلَ صَاحِبَتِهَا فَالْأُخْرَى عَلَى إِثْرِهَا قَرِيبًا" أخرجه مسلم.
අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
(අවසන් හෝරාවෙහි) හෙළි වන ආරම්භක සලකුණු වනුයේ හිරු බටහිරෙන් උදාවීම හා ජනයා අතරට සතෙකු මතු වීමයි. මේ දෙකින් කවර කරුණක් පෙර පැමිණිය ද අනෙක එයට පර ව ඉතා සමීපයෙන්ම පැමිණෙනු ඇත.          (මූලාශ්‍රය : මුස්ලිම්)
9- සත්වයකු මතු වීම
අවසන් කාලයේ සත්වයකු මතු වීම අවසන් හොරාව ඉතා සමීපයෙන්ම සිදු වනු ඇතැයි යන්නට වූ සලකුණකි. ඌ මතු වී ජනයාගේ මුහුණු වල සංකේත තබයි. දේව ප්‍රතික්ෂේපකයින්ගේ නාස් කඩා දමයි. දේව විශ්වාසවන්තයින්ගේ මුහුණු ආලෝකමත් කරයි. ඔහු මතු වන බවට වූ සාධක සමහරක් මෙසේය.
1- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَإِذَا وَقَعَ الْقَوْلُ عَلَيْهِمْ أَخْرَجْنَا لَهُمْ دَابَّةً مِنَ الْأَرْضِ تُكَلِّمُهُمْ أَنَّ النَّاسَ كَانُوا بِآيَاتِنَا لَا يُوقِنُونَ
ඔවුනට එරෙහි ව (දඬුවමේ) වදන ක්‍රියාත්මක වූ විට ඔවුන් සමඟ කතා කරන (සත්ව) ප්‍රාණියෙකු අපි ඔවුනට මිතිතලයෙන් බිහි කරන්නෙමු. සැබැවින්ම ජනයා අපගේ වදන් තරයේ විශ්වාස කරන්නන් ව නොසිටිති.                 (අල්-කුර්ආන් 27 : 82)
2-
عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ : قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : " ثَلَاثٌ إِذَا خَرَجْنَ لَا يَنْفَعُ نَفْسًا إِيمَانُهَا لَمْ تَكُنْ آمَنَتْ مِنْ قَبْلُ أَوْ كَسَبَتْ فِي إِيمَانِهَا خَيْرًا طُلُوعُ الشَّمْسِ مِنْ مَغْرِبِهَا وَالدَّجَّالُ وَدَابَّةُ الْأَرْضِ " أخرجه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
කරුණු තුනක් ඇත. ඒවා මතු වූ විට කලින් විශ්වාස නොකළ තම විශ්වාසය තුළින් යහපතක් උපයා නොගත් කිසිම ආත්මයකට තම විශ්වාසය ප්‍රයෝජනවත් නොවන්නේය. එනම් හිරු බටහිරින් උදා වීම දජ්ජාල්ගේ උදාව මහපොළොවේ සත්ව ප්‍රාණියකුගේ උදාව.                (මූලාශ්‍රය : මුස්ලිම්)

10- මිනිසා එක්රැස් කරවන ගින්නක් පිටවීම
මෙය විශාල ගින්නකි. බටහිරින් යමන් දේශයේ කඃර් අද්න් නම් ප්‍රදේශයෙන් පිට වෙයි. අවසන් හෝරාවේ සලකුණු අතුරින් අවසාන සලකුණ මෙය වන අතර අවසන් හෝරාවේ සිදුවන්නට නියමිත සිදුවීම් වලින් පළමුවැන්න ද  මෙය වේ. මෙය යමන් දේශයෙන් පිට වී මහපොළොව පුරා ව්‍යාප්ත වී යයි. සිරියාවේ ඇති මහ්ෂර් හෙවත් එක්රැස් කිරීමේ භූමිය වෙත එය ජනයාව කැටුවා ගෙන යයි.
එම ගින්න ජනයා එක්රැස් කිරීමේ ක්‍රමය
عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : " يُحْشَرُ النَّاسُ عَلَى ثَلَاثِ طَرَائِقَ رَاغِبِينَ رَاهِبِينً وَاثْنَانِ عَلَى بَعِيرٍ وَثَلَاثَةٌ عَلَى بَعِيرٍ وَأَرْبَعَةٌ عَلَى بَعِيرٍ وَعَشَرَةٌ عَلَى بَعِيرٍ وَتَحْشُرُ بَقِيَّتَهُمْ النَّارُ تَبِيتُ مَعَهُمْ حَيْثُ بَاتُوا وَتَقِيلُ مَعَهُمْ حَيْثُ قَالُوا وَتُصْبِحُ مَعَهُمْ حَيْثُ أَصْبَحُوا وَتُمْسِي مَعَهُمْ حَيْثُ أَمْسَوْا " متفق عليه.

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

ජනයා මාර්ග තුනක් මත එක්රැස් කරනු ලැබේ. 1. ඉතා කැමැත්තෙන් මුනිවත රකිමින් ඒ වෙත ගමන් කිරීම තුළින් එක්රැස් කරනු ලැබීම 2. ඔටුවකු මත දෙදෙනෙක් ඔටුවකු මත තිදෙනෙක් ඔටවකු මත සිව් දෙනෙක් ඔටුවකු මත දසදෙනෙක් යනාකාරයෙන් ගමන් කිරීම තුළින් එක්රැස් කරනු ලැබීම. 3. ඉතිරි ව සිටින්නන් ව ගින්න එක්රැස් කරයි. ඔවුන් නිදාගන්නා පරිදිම එය ද ඔවුන් සමඟ නින්දට යයි. ඔවුන් රාත්‍රිය ගත කරන පරිදිම එය ද රාත්‍රිය ගත කරයි. ඔවුන් අලුයම් කාලයට පැමිණෙන පරිදිම එය ද අලුයම් කාලයේ පැමිණෙයි. ඔවුන් සවස් කාලයට පැමිණෙන පරිදිම එය ද සවස් කාලයේ උදා වෙයි.      (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)

අවසන් හෝරාවෙහි සිදුවීම් අතුරින් ආරම්භක සලකුණ

عَنْ أَنس رَضِي اللهُ عنه أنَّ عبد الله بن سلام لمَّا اسلم سأل النبي صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ  عن مسائل، ومِنْهَا : ما أول أشراط الساعة ؟ فقال النبي صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ  " أَمَّا أَوَّلُ أَشْرَاطِ السَّاعَةِ فَنَارٌ تَحْشُرُ النَّاسَ مِنْ الْمَشْرِقِ إِلَى الْمَغْرِبِ " أخرجه البخاري .

අනස් රළියල්ලාහු අන්හු තුමා විසින් වාර්තා කරන ලදී.
අබ්දුල්ලාහ් ඉබ්නු සලාම් තුමා ඉස්ලාමය වැලඳ ගත් කල් හි ඇතැම් ගැටලු සම්බන්ධයෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගෙන් විමසා සිටියේය. ඒ අතුරින් අවසන් හෝරාවේ සිදුවීම් අතුරින් පළමුවැන්න කුමක් දැ යි විමසුවේය. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ අවසන් හෝරාවේ සිදුවීම් අතුරින් පළමුවැන්න ගින්නකි. එය බටහිරෙන් නැගෙනහිර වෙතට ජනයාව එක්රැස් කරනු ඇත.         (මූලාශ්‍රය බුහාරි හා මුස්ලිම්)

අවසන් හෝරාව සම්බන්ධ ව සඳහන් ව ඇති සළකුණු එකිනෙකට පර ව ක්‍රියා කිරීම

අවසන් හෝරාවේ කුඩා සලකුණු මතු වූ පසු අවසන් හෝරාවෙහි මහා සලකුණු අතුරින් පළමුවන සලකුණ මතු වනු ඇත. ඉන් පසුව සඳහන් කළ පරිදි සෙසු සලකුණු ද එකින් පසු එක පර ව සිදු වේ.

قَالَ النبي صلى الله عليه وسلم : " الأَمَارَاتُ خَرَزَاتٌ مَنْظُوْمَاتٌ بِسِلْكٍ ، فَإِذَا انْقَطَعَ السِّلْكُ تَبِعَ بَعْضُهُ بَعْضًا "  أخرجه الحاكم
 
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා මෙසේ සඳහන් කළහ. එම සලකුණු නූලක සැකසූ පබළු මෙනි. නූල කැඩී ගියේ නම් එය (පබලු) එකිනෙකට පර ව පිහිටයි.         (මූලාශ්‍රය අල්-හාකිම්)