Home
About
Contact
Categories
Introducing Islam
Muhammad (PBUH)
Women in Islam
Misconceptions
Scientific Miracles
Jesus (PBUH) in Islam
Comparative Religions
The Existence of God
Why I became a Muslim!
For New Muslim
Purpose of Life
About Quran & Hadith
Fatwa (Q&A)
Morals & Ethics
Doctrine & Sects
The Hereafter
Biographies & Scholars
Transactions & Worship
Major Sins & Acts of Shirk
Jurisprudence
For Children
Arabic and it's science
Languages
English
- English
Arabic
- اللغة العربية
Chinese
- 中文
Russian
- Русский
Deutsch
- Deutsch
French
- Français
Spanish
- Español
Portuguese
- Português
Greek
- Ελληνικά
Italian
- Italiano
Romanian
- Română
Japanese
- 日本語
Turkish
- Türkçe
Hindi
- हिन्दी
Thai
- ไทย
Ukrainian
- Украïнська
Urdu
- اردو
Filipino
- Tagalog
Nepali
- नेपाली
Dutch
- Nederlands
Polish
- Polski
Swedish
- Svenska
Sinhalese
- සිංහල
Bosnian
- Bosanski
Swahili
- Kiswahili
Persian
- فارسى
Albanian
- Shqip
Czech
- Čeština
Korean
- 한국어
Hebrew
- עברית
Bengali
- বাংলা ভাষা
Vietnamese
- tiếng Việt
Malay
- Bahasa Melayu
Danish
- Dansk
Finnish
- suomi
Norwegian
- norsk
Armenian
- Հայերեն
Estonian
- Eesti
Tamil
- தமிழ் மொழி
Telugu
- తెలుగు
Slovak
- Slovenčina
Macedonian
- македонски
Uzbek
- Ўзбек
Bulgarian
- български
hungarian
- magyar
Indonesian
- Indonesian
Icelandic
- íslenska
Georgian
- ქართული
Mongolian
- Mongɣol
Hausa
- Hausa
Latvian
- latviešu
Lithuanian
- lietuvių
Yoruba
- Yoruba
Malayalam - Malabar
- മലയാളം
Burmese
- myanma
Amharic
- አማርኛ
Azerbaijani
- Azərbaycanca
Kurdish
- کوردی
Somali
- Af-Soomaali
Uyghur
- ئۇيغۇر تىلى
Sindhi
- سنڌي
Pashto
- پښتو
Comorian
- Comorian
Tajik
- Тоҷикӣ
Fula
- Fulani - Peul
Flata
- Falatia
Malagasy
- Malagasy
Chechen
- Chechen
N'ko Bambara
- Bamanankan
Brahui
- Brahui
Catalan
- català
Lingala
- Lingala
Kannada
- ಕನ್ನಡ
Maranao Iranon
- Mëranaw
Luganda
- Luganda
Afaan Oromoo
- Oromoo
Tigrinya
- ትግርኛ
Kirghiz - Kyrgyz
- Кыргызча
Turkmani
- Türkmen dili
Khmer Campodian
- ភាសាខ្មែរ
Circassian
- Circassian
Chewa
- Chichewa - Nyanja
Slovenian
- Slovenščina
Avar - Awari
- МагIарул мацI
Kazakh
- Қазақ тілі
Soninke
- Soninke
Tatar
- Татарча
Maldivian
- Maldivi - divehi
Serbian
- Српски
Wolof
- Wolof
Tamazight
- Tamazight
Romani Gipsy
- Romani ćhib
Zulu
- isiZulu
Rohingya
- Ruáingga
Belarusian
- беларуская
Visayan
- Bisayan - Bisaya
Kalagan
- Kalagan
Yakan
- Yakan
Tausug
- Bahasa Sūg
Maguindanao
- Maguindanao
Cham
- Cham
Sepedi
- Sepedi - Sesotho
Samal
- Samal
Papiamento
- Papiamento
Kashmiri
- कॉशुर كأشُر kạ̄šur
Tibetan
- Tibetan
Bashkir
- Башҡорт теле
Kinyarwanda
- Kinyarwanda
Croatian
- hrvatski
Mandar
- Mandar
Afrikanns
- Afrikanns
Afar
- Qafár af
Jola
- Jóola - Diola
Kurmanji
- Kurmancî
Ossetian
- Иронау
Mauritian
- Kreol Morisien
Esperanto
- Esperanto
Igbo
- Asụsụ Igbo
Xhosa
- isiXhosa
Karachay-Balkar
- Къарачай-Малкъ
Kanuri
- Kanuri
Bassa
- Bissa - Mbene
Marathi
- Marāţhī
Gujarati
- Gujarātī
Assamese
- অসমীয়া
Nuer
- Nuer - Naadh
Dinka/Bor
- Dinka/Bor
Shilluk/Chollo
- Shilluk/Dhøg Cøllø
Akan
- Akan/Twi/Fante
Ingush
- ГІалгІай мотт
Shona
- chiShona
Maltese
- Malti
Mossi
- Mõõré
Bambara
- Bamanan
Balochi
- بلوچی
Mandinka
- Mandi'nka kango
Sotho
- Sesotho
Nzema
- Nzima
Fante dialect of Akan
- Fanti
Mouskoun
- Mouskoun
Dagbani
- Dagbanli
Lusoga
- Soga
Luhya
- Luhiya
Gonja
- Gonja
Home
Books
බිරියන් සිව් දෙනෙක් හෝ වැඩියෙන් නිත්යනනුකූල ව විවාහ කිරීම
Books
TVs
Radios
Articles
Fatwas
Quran
Videos
Audios
Authors
Apps
Websites
බිරියන් සිව් දෙනෙක් හෝ වැඩියෙන් නිත්යනනුකූල ව විවාහ කිරීම
1. බහුභාර්ය සේවනයට අනුමත දීමේ පසුබිම 2. බහු භාර්ය සේවනය සඳහා අවශ්යාතාව 3. බහු භාර්ය සේවනය අනුමත සඳහා කොන්දේසි. 4. අයිශා (රළි) තුමියගේ විවාහය. 5. සෙයිනබ් (රළි) තුමියගේ විවාහය. 6 සෙයිනබ් (රළි) තුමියගේ විවාහයේ ප්‍ර තිපල. 7. කාන්තාවන්ට බහු සැමියන් හා විවාහ වීමට අල්ලාහ් අනුමත නුදුන් හේතුව කුමක් ද? 8. බහුභාර්ය සේවනය පිරිමින්ගේ ස්වභායට එකඟ ව සාධාරණයකි
إقرأ البيانات بالعربية
اسم الكتاب: تعدد الزواج قانونيا
تأليف:
صالح الصالح
الناشر:
المكتب التعاوني للدعوة وتوعية الجاليات بالربوة
نبذة مختصرة:
كتاب مترجم إلى اللغة السنهالية يتحدث عن :
1 – تعدد الزواجات،
2- زواج عائشة - رضي الله عنها -،
3- زواج زينب - رضي الله عنها - وما ترتب علي ذلك،
4 – سبب عدم تعدد الزواج بالنسبة للمرأة وغيرها.
බිරියන් සිව් දෙනෙක් හෝ වැඩියෙන් නිත්‍යනුකූල ව විවාහ කිරීම
< සිංහල >
ආචාර්ය සාලෙහ් අස් සාලෙහ්
ජාසිම් ඉබ්නු දඉයාන්
මුහම්මද් අසාද්
تعدد الزواج قانونيا
< سنهالية >
اسم المؤلف
الدكتور / صالح الصالح
ترجمة: جاسم بن دعيان
مراجعة:محمد آساد
බිරියන් සිව් දෙනෙක් හෝ වැඩියෙන් නිත්‍යනුකූල ව විවාහ කිරීම
ආචාර්ය සාලෙහ් අස් සාලෙහ්
27.12.2005 හිජ්රි වසර
ජනවාරි 8, 2005
http://salaf-us-saalih.com/2015/01/18/man-wedding-four-and-lawfully-more-by-dr-saleh-as-saleh/
මෙම මාතෘකාව පිළිබඳ ව සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර ඇතැම් මූලික කරුණු කිහිපයක් ගැන දැන සිටිය යුතුය.
1. අල්ලාහ් සියල්ල දන්නේය.
2. අල්ලාහ් සාධාරණය
3. අල්ලාහ් සර්වඤය
4. අල්ලාහ් අති කාරුණිකය
5. අල්ලාහ් සියලු අඩුපාඩුවෙන් තොරය.
6. මැවීම් සියල්ල ඔහුගෙන්ය, සියලු අණ ඔහුගෙන්ය.
සියලු අසම්පූර්ණයෙන් තොරවු අල්ලාහ් මෙසේ කියයි.
وَإِنْ خِفْتُمْ أَلَّا تُقْسِطُوا فِي الْيَتَامَىٰ فَانكِحُوا مَا طَابَ لَكُم مِّنَ النِّسَاءِ مَثْنَىٰ وَثُلَاثَ وَرُبَاعَ ۖ فَإِنْ خِفْتُمْ أَلَّا تَعْدِلُوا فَوَاحِدَةً أَوْ مَا مَلَكَتْ أَيْمَانُكُمْ ۚ ذَٰلِكَ أَدْنَىٰ أَلَّا تَعُولُوا ﴿٣﴾
“අනාථයන් ගැන සාධාරණ ව නොපිළිපදින්නෙහු යැයි ඔබ බියවන්නේ නම්, ස්ත්රියන්ගෙන් ඔබට සතුටු අය දෙදනෙකු හෝ තිදෙනෙකු හෝ සිව් දෙනෙකු හෝ පාවා ගනිවු. එසේ ඔබ සාධාරණ ව හැසිරීම බියවන්නහු නම් එක් (ස්ත්‍රිය)කි. නැතහොත් ඔබ දකුණු අත් හිමිකර ගත් දැයයි. එය ඔබ අසාධාරණ කම් නොකිරීමට ඉතා සමීපය. ” සූරා අන්නිසා 4:3.
وَمَن لَّمْ يَسْتَطِعْ مِنكُمْ طَوْلًا أَن يَنكِحَ الْمُحْصَنَاتِ الْمُؤْمِنَاتِ فَمِن مَّا مَلَكَتْ أَيْمَانُكُم مِّن فَتَيَاتِكُمُ الْمُؤْمِنَاتِ ۚ وَاللَّـهُ أَعْلَمُ بِإِيمَانِكُم ۚ بَعْضُكُم مِّن بَعْضٍ ۚ فَانكِحُوهُنَّ بِإِذْنِ أَهْلِهِنَّ وَآتُوهُنَّ أُجُورَهُنَّ بِالْمَعْرُوفِ مُحْصَنَاتٍ غَيْرَ مُسَافِحَاتٍ وَلَا مُتَّخِذَاتِ أَخْدَانٍ ۚ فَإِذَا أُحْصِنَّ فَإِنْ أَتَيْنَ بِفَاحِشَةٍ فَعَلَيْهِنَّ نِصْفُ مَا عَلَى الْمُحْصَنَاتِ مِنَ الْعَذَابِ ۚ ذَٰلِكَ لِمَنْ خَشِيَ الْعَنَتَ مِنكُمْ ۚ وَأَن تَصْبِرُوا خَيْرٌ لَّكُمْ ۗ وَاللَّـهُ غَفُورٌ رَّحِيمٌ ﴿٢٥﴾
“ඔබගේ යමකුට ස්වාධීන, විශ්වාස ස්ත්‍රියක් විවාහ කර ගැනීමට දීමනාවන්ගෙන් ශක්තිය නැත්නම් ඔබ දකුණු අත් යටතේ ඇති ඔබගේ විශ්වාස වූ වහල් ස්ත්‍රීන්ගෙන් (තැනැත්තියක්) ය. ඔබගේ විශ්වාසය ගැන අල්ලාහ් ඉතා දන්නේය. ඔබ ඇතැමෙක් ඇතැමෙකුගෙන්ය. එසේ හෙයින් ව්යභිචාරයෙහිද, පරපුරුෂ සේවනයෙහිද නොයෙදී ඔවුන්ගේ හිමියන්ගේ අවසර අනුව ඔවුන් විවාහ කර ගනිවු. සාධාරණ වශයෙන් ඔවුනට ඔවුන්ගේ මහර් (දෑවැද්ද) දෙවු. ඔවුහු විවාහ කර දෙනු ලැබ, ඉන්පසු ඔවුහු ව්යභිචාරයෙහි යෙදුණාහු නම් ස්වාධීන ස්ත්‍රීන් කෙරෙහි ඇති දඬුවමින් ඔවුන් කෙරෙහි අඩකි. මෙය ඔබගෙන් පාපයට (ලක්වේ යැයි) බිය වුවන්ටය. ඔබ ඉවසීමද ඔබට ඉතා හොඳය. අල්ලාහ් ක්ෂමා කරන්නේය. දයාලුය.” සූරා අන්නිසා 4: 25
يُرِيدُ اللَّـهُ لِيُبَيِّنَ لَكُمْ وَيَهْدِيَكُمْ سُنَنَ الَّذِينَ مِن قَبْلِكُمْ وَيَتُوبَ عَلَيْكُمْ ۗ وَاللَّـهُ عَلِيمٌ حَكِيمٌ ﴿٢٦﴾
“අල්ලාහ් ඔබට (අණපනත්) පැහැදිලි කිරීමටද, ඔබට පෙර හුන් අයගේ මාර්ගයෙහි ඔබ ගෙන යාමටද, ඔබගේ පසුතැවිලි වීම් භාර ගැනීමටද අදහස් කරන්නේය. අල්ලාහ් දන්නේය. නුවණැතිය.” සූරා අන්නිසා 4: 26.
මෙයට එකඟ ව, අප විවාහ කර ගත හැකි බිරියන්ගේ සංඛ්‍යාව හතරට සීමා කළ අල්ලාහ්, කෙනෙකුගේ දකුණත හිමි කර ගන්නා වහල් සේවිකාවන්ට සීමාවක් පනවා නැත. මෙය අල්ලාහ්ගේ අනුග්‍රහය සහ සම්පූර්ණ නීති පද්ධතිය නිසා වන අතර, අල්ලාහ්ගේ ඥානය හා මෛත්‍රිය හා එකඟ වේ. ජනයා අතර, එක් බිරියක් මගින් සන්තෘත විය නොහැකි තරමට බලවත් ලිංගික ආශාවන් සහිත ඇතැම් පුරුෂයින් සිටින හෙයින්, පිරිමින්ට බිරියන් සිව් දෙනෙකු හා විවාහ වීමටද, එයට අමතර ව තමා හිමි කර ගත් වහල් සේවිකාවන් ද අල්ලාහ් අනුමත කළේය. මොවුන් සියලු දෙනාම ඔහුට නිත්‍යනුකූල බවට පත්වෙයි. පිරිමියෙකුගේ ලිංගික තීව්‍රතාව කාන්තාවන්ට වඩා බලවත්ය. කෙටි කාලය තුළ පිරිමියෙකුට එක් බිරියට වඩා අධික අය සමඟ සංසර්ගයේ යෙදිය හැක. නබි (සල්) තුමාණන් තම බිරියන් සමඟ එක් රැයෙහි සංසර්ගයේ යෙදුනහ. සුලෙයිමාන් නබි (අලෛ) බිරියන් අනු දෙනෙක් සමඟ එක් රැයෙහි සැතපුණේය. සංසර්ගය අවසාන වුවායින් පසුව ඒ සඳහා කාන්තාවකගේ තවත් ආශාව සංතෘප්තවීම ස්වාභාවික එකකි. මේ බව මැවීම් හි නියමය, නීතිය, අණ යන සියල්ල එකඟ වේ. කාන්තාවකගේ පොදු ස්වභාවය (සංසර්ගය කෙරෙහි) සංසුන්කම වන අතර, පුරුෂයාගේ ස්වභාවය මහත් ලැදිකමවේ.
يُرِيدُ اللَّـهُ أَن يُخَفِّفَ عَنكُمْ ۚ وَخُلِقَ الْإِنسَانُ ضَعِيفًا ﴿٢٨﴾
“අල්ලාහ් (ඔබේ බර) ඔබට ලිහිල් කිරීම අදහස් කරන්නේය. මනුෂ්‍යයාද දුර්වල ව නිර්මාණය කරන ලද්දේය.” සූරා අන්නිසා 4:28.
දකුණු අත් හිමි කර ගත් වහල් සේවිකාවන් අතරින් විශ්වාස කරන කාන්තාවන් හා විවාහ වන ලෙස අනුමත දුන් පසුව මෙම වාක්‍ය පහළ කරන ලද බව මතකයේ තබා ගන්න. එහිදී “ඔබේ බර සැහැල්ලු කිරීමට කැමති“ බව අල්ලාහ් පැහැදිලිව පැවසුවේ, අපේම දුර්වලකම නිසාය. හෙතෙම, කාන්තාවන් සිව් දෙනෙක් හා විවාහ වීමට අනුමත දී, අපගේ දකුණත හිමිකර ගත් කාන්තාවන් සමඟ විවාහ වීමට අල්ලාහ් අනුමත දුන්නේය.
අල්ලාහ්ගේ ගැත්තාට මේ සම්බන්ධ ව කරුණු තුනක් ඇත.
1. නිත්‍යනුකූල හා නීති විරෝධි කරුණු ගැන අනවබෝධය.
2. නොසැලකිලිකම සහ අප්රමාණවත්කම
3. නොසැලකිලිකම සහ දුබලකම නොඉවසන සුළුවීම
පළමුවන තත්ත්වය පිළිබඳ සියලු දේ පැහැදිලි කිරීමෙන් අල්ලාහ් කටයුතු කළේය. විවාහය පිළිබඳ ව සූරා අන්නිසා 4:26 වාක්‍යය මගින් අල්ලාහ් මෙසේ පවසයි.
يُرِيدُ اللَّـهُ لِيُبَيِّنَ لَكُمْ وَيَهْدِيَكُمْ سُنَنَ الَّذِينَ مِن قَبْلِكُمْ وَيَتُوبَ عَلَيْكُمْ ۗ وَاللَّـهُ عَلِيمٌ حَكِيمٌ ﴿٢٦﴾
“අල්ලාහ් ඔබට (අණපනත්) පැහැදිලි කිරීමට ද, ඔබට පෙර හුන් අයගේ මාර්ගයෙහි ඔබ ගෙන යාමටද ඔබගේ පසුතැවිලි වීම් භාර ගැනීමටද අදහස් කරන්නේය. අල්ලාහ් දන්නේය. නුවණැතිය.” සූරා අන්නිසා 4:26.
එහි දෙවැනි තත්ත්වය පිළිබඳ ව අල්ලාහ් 4:27 වාක්‍ය මගින් පවසන්නේ මෙසේය.
وَاللَّـهُ يُرِيدُ أَن يَتُوبَ عَلَيْكُمْ وَيُرِيدُ الَّذِينَ يَتَّبِعُونَ الشَّهَوَاتِ أَن تَمِيلُوا مَيْلًا عَظِيمًا ﴿٢٧﴾
“අල්ලාහ් ඔබගේ පසුතැවිලිවීම් භාරගන්නට අදහස් කරන්නේය.”
එනම් මිනිසා පසුතැවිලි වී අල්ලාහ් වෙතට හැරීමෙන් පසු එය භාරගැනීම.
තෙවැනි තත්ත්වය පිළිබඳ ව, කාන්තාවන් කෙරෙහි මිනිසාට තිබෙන තණ්හාව නිසා ඔවුන් හා විවාහ වීම අනුමත කිරීමෙන් සියලු දේ මිනිසාට පහසු කිරීම බව සූරා අන්නිසා 4:28 වාක්‍ය පහදා දෙයි.
يُرِيدُ اللَّـهُ أَن يُخَفِّفَ عَنكُمْ ۚ وَخُلِقَ الْإِنسَانُ ضَعِيفًا ﴿٢٨﴾
“අල්ලාහ් ඔබට ලිහිල් කිරීම අදහස් කරන්නේය. මනුෂ්‍යයාද දුර්වල ව නිර්මාණය කරන ලද්දේය.”
මෙම දුර්වලතාවට ප්‍රථම විසඳුම විවාහය වේ. විවාහ කර ගැනීමට වත්කම් නොමැකි කෙනෙකුට තිබෙන නිත්‍යනුකූල විකල්පය උපවාසයේ යෙදීමය. තරුණ පිරිසට නබි (සල්) තුමාණන් අවවාද කළේ මෙසේය. “විවාහ කර ගැනීමට හැකියාවක් තිබෙන කෙනෙක් විවාහ විය යුතුය. මෙමගින් ඔහුගේ බැල්ම (අනිත් කාන්තාවන් හා තහනම් පෙදෙස දෙස නෙත් යොමු නොකර) පහත් කර ගැනීමට ද, ඔහුගේ ලිංගික් අවයවන් (නිති විරෝධි ලිංගික ක්‍රියාවන්ගෙන්) ආරක්ෂා කර ගැනීමට ද හැකි වේ. කෙනෙකුට විවාහ වීමට වත්කම් නොමැති නම්, ඔහු උපවාසයේ යෙදිය යුතු බව උපදෙස් දෙනු ලබන්නේය. මන්ද උපවාසය ලිංගික ශක්තිය අඩු කරයි.” සහීහ් බුහාරි 3වැනි වෙළුම හදීස් අංක 129.
මිනිසාගේ දුර්වලකම දෙස බැලීම සුදුසුය.
1. කාම තෘෂ්ණාව
2. ශාරීරික ප්‍රමාණය
3. ශක්තිය
4. අධිෂ්ටානය
5. ඥානය
6. ඉවසීම
අල්ලාහ් විසින් ඔහුගේ ඥානය සහ බලය මගින් මෙවැනි ස්වභාවයෙන් මිනිසා මවනු ලැබීම සඳහා අල්ලාහ් ප්‍රශංසාවට හා ස්තූතියට පත් වනු ලබයි. මෙහි සියල්ල සිදු වන්නේ මිනිසාගේ දුර්වල ස්වභාවික මැවීම හෝ එනිසාම සිදු වන ප්‍රතිඵල යන සියල්ල අල්ලාහ්ගේ යහකම, සාධාරණත්වය සහ ප්‍රඥාව නිසාය. මෙම ස්වභාවය අල්ලාහ්ගේ ගුණාංගයන්හි අංග සම්පූර්ණතාව, කිසිවක් අවශ්‍ය නොමැති සම්පූර්ණතාව, දැනුම, බලය, ඥානය, සහ මෛත්‍රිය හේතුකොට ගෙනයි. මිනිසා පිළිබඳව එය කොටස් දෙකට අයත් වේ.
1. මිනිසාගේ අවශ්‍යතාව, අසාධාරණය, නුගත්කම, දිළිඳුකම, සහ දුබලකම යන දේ මත හොඳ හා නරක, ලස්සන හා අවලස්සන සිදු වේ.
2. අල්ලාහ්ගේ අණට මිනිසා යටත් වීම හෝ යටත් නොවීමේ ප්‍රතිඵලයක් වශයෙන් සිදු වන කීකරුකම හා අකීකරුකම, ධාර්මිකතාව හා දුෂ්ටකම.
මේ හේතුවෙන් මිනිසා තම ස්වභාවයට එකඟව අනුමත කරන ලද මාර්ගයෙන් ක්‍රියා කිරීම තුළින් නිත්‍යානුකූලව කටයුතු කළ බව හෝ නිති විරෝධි ලෙස ක්‍රියා කර තම විනාශය තෝරා ගත් බව හෝ සැළකේ.
මෙම ආරම්භක හඳුන්වා දීමෙන් පසු, ඉතිරි කොටස දෙස බලමු.
1. බහු භාර්ය සේවන සංස්කෘතිය ඉස්ලාමයට පෙර වු පැරණි ආගම් වල මෙන් ඉස්ලාමීය සමාජයේ ද තිබුණි. බහු භාර්යා සේවනය මුහම්මද් නබි (සල්) තුමාණන්ට පමණක් අදාල වූ එකක් නොවන අතර, ජේකබ් නබිවරයාට යොසුරියන් දෙදෙනෙක් බිරියන් වශයෙන් සිටියහ. සුලෙයිමාන් නබිවරයාට බිරියන් 99 දෙනෙක් සිටියහ.
2. මෙය මිනිසාගේ බුද්ධියට හෝ ස්වභාවික අවශ්‍යතාවට විරුද්ධ වන කරුණක් නොවේ. ඒ වෙනුවට එය ප්‍රඥාවට එකඟ වන කරුණකි. ඇතැම් සමාජයන්හි විවිධ හේතුන් නිසා කාන්තා වන්ගේ සංඛ්‍යාව පිරිමින්ට වඩා අධික විය හැක. මෙවැනි සමාජයක විවාහ කළ නොහැකි කාන්තාවන් අධික වීම නිසා නිත්‍යනුකූල නොවන ලිංගික සම්බන්ධකමට මාර්ග විවෘත වේ. බහු භාර්ය විවාහ අනුමත නොකරන හෝ අනුගමනය නොකරන බොහෝ සමාජයන්හි සැබෑ තත්ත්වය මෙයයි.
3. පොදුවේ පවසන්නේ නම්, කාන්තාවන්ට වඩා පිරිමින්ට ලිංගික ආශාව අධික ව පවතින අතර, එවැනි අය එක් බිරියගෙන් සෑහිමට පත් නොවෙති. අනතුරුව, ඔවුන් තම ආශාව සංසිඳවා ගනු පිණිස අමතර මාර්ග සොයති. බොහෝ විට එය අන්ධකාර මාර්ගයක් විය හැක. නැතහොත් ඇතැම් කොන්දේසි වලට එකඟව එක් බිරියට අමතරව තවත් කාන්තාවන් සමඟ විවාහ වීම සඳහා අල්ලාහ් විසින් අනුමත කරන ලද නිත්‍යනුකූල මාර්ග විය හැක. මෙම කොන්දේසි යුක්තිය මත පදනම් වී ඇත. එනම් බිරියන් සියලු දෙනාගේ සුබසාධනය සඳහා එක හා සමාන ව වියදම් කිරීම සහ ඔවුනතර එක හා සමානව කාලය වෙන් කිරීම වේ.
4. පිරිමියෙකුගේ ලිංගික ආශාවට බාධාවක් වන අසනීප, මාස ශුද්ධිය, දරු ප්‍රසූතියෙන් පසු සිදු වන ලේ ගැලීම යන නොයෙක් තත්ත්වය මත කාන්තාවන්ට අපහසුතාවන් සිදු විය හැක. ඇතැම් විට මෙවැනි බාධාවන් පිළිබඳ ව සැමියා නොඉවසන ස්වාභාවයෙන් යුත් කෙනෙක් විය හැක. මෙවැනි ප්‍රශ්න වලට මුහුණු දෙන ඔහුට නිත්‍යනුකූල තවත් විකල්ප මාර්ගයක් අවශ්‍ය වේ. එසේ නොමැතිනම්, ඔහු නීති විරෝධි සබන්ධතා ඇති කර ගැනීමෙන් සමාජය තුළ අනවශ්‍ය ගැටුම් හටගන්නට ඉඩ තිබේ. මේ නිසා ප්‍රථම බිරියගේ (බිරියන්ගේ) විවාහ ජීවිත රැක ගැනීමට සහ, ඔවුන්ට ගෞරවය සහ ස්ථාවර නඩත්තු ලැබීමේ පරිසරයක් සඳහා මෙවැනි බහු විවාහයන් පහසු මාර්ග සපයයි.
5. සමාජයේ ඇතැම් කාන්තාවන් තමන් රැක බලා ගැනීමට කිසිවෙකු නොමැති වැන්දඹු බවට පත් ව සිටිය හැක. එමෙන්ම ඇතැම් පිරිමින් මෙවැනි කාන්තාවන් හා විවාහ වී ඔවුන්ට ස්ථාවර ජීවිතයක් ලබා දීමට සූදානම් ව සිටිය හැක. මෙවැනි සහන ඔවුන්ට ලැබීමට එරෙහි වීම සුදුසු ද?
6. බහු භාර්ය විවාහය නීත්‍යනුකුලව අනුමත වීම, සහ බුද්ධිමත්ව හා ස්වභාවික ව පිළිගනු ලැබීමේ හේතුවෙන් ද, පෙර වූ නබිවරුන් එය අනුගමනය කළ හේතුවෙන් ද, මුහම්මද් (සල්) තුමාණන් ද බහු භාර්ය සේවනයේ යෙදීම පුදුමයට කරුණක් නොවේ.
7. ඉස්ලාමයේ ආරම්භක යුගයේ හා ආගම ව්‍යාප්ත වන කාලයේ ඉස්ලාමය ශක්තිමත් කිරීම පිණිස, විශේෂ ගෝත්‍රයන් සමඟ ප්‍රබල බැඳීම් ස්ථාපිත කිරීම සඳහා නබි (සල්) තුමාණන් බලාපොරොත්තු වුහ.
8. සැමියා අහිමි වූ කාන්තාවන් කිහිප දෙනෙකුට සෙවන සලසා නිවසක තිබෙන ආදරය සහ යහ පරිසරයක් සපයන අරමුණින් නබි (සල්) තුමාණන් ඔවුන් හා විවාහ වුහ.
9. මෙවැනි තත්ත්වයට භාජනය වූ කාන්තාවන්ට මේ ආකාරයෙන් සෙවණ සපයන ලෙස මුස්ලිම් සමාජයට නබි (සල්) තුමාණන් ආදර්ශයක් පෙන්වුහ.
10. මුස්ලිම් සමූහයේ සාමාජික සංඛ්‍යාව ශක්තිමත් කිරීමට අවශ්‍ය මානව සම්පත් සැපයිමේ මාර්ගයක්.
11. ආයිෂා (රළි) තුමිය හැර අන් කිසිදු කන්‍යාවක් හා නබි (සල්) තුමාණන් විවාහ නොවු නිසා එතුමාණන්ගේ බහු භාර්ය විවාහයට කාමුක අවශ්‍යතා පමණක් හේතු වූ බව පැවසිය නොහැක. එතුමාණන් කාමුක ආශාවෙන් පෙළුනේ නම්, උසස් ගෝත්‍රයට අයත් තරුණියන් බොහෝ දෙනෙක් අතරින් තරුණ හා කන්‍යාවන් තෝරා ඔවුන් සමඟ පමණක් විවාහවීමට තිබුණි. එය නොසිදු වු පමණක් නොව එතුමාණන්ගේ පළමුවැනි බිරිය වන කදීජා (රළි) තුමිය එතුමාණන්ට වඩා වයස අවුරුදු පහළොවකින් වැඩි වැන්දඹු කාන්තාවක් බව මතකයේ තබා ගත යුතුය.
ඉස්ලාමයට එරෙහි ව චෝදනා නගන ඇතැම් සතුරන්, වයස අවුරුදු සයේ දරුවෙක් වන ආයිෂා (රළි) තුමිය හා එතුමාණන් විවාහ වූ බව චෝදනා නගති.
ඔවුන්ට මෙසේ පිළිතුරු දෙමු. අයිෂා (රළි) තුමිය හා ගිවිස ගත්තේ එතුමිය වයස අවුරුදු හය පසුවන විටයි. එහෙත් සැබෑ විවාහ ජිවිතය ආරම්භ වූයේ එතුමියගේ වයස නවයේදිය. නබි (සල්) තුමාණන් විවාහ වූ එකම කන්‍යාව එතුමිය පමණය. අරාබි දේශයේ එම කාල වකවානුවේ එවැනි තරුණ වියේ ළමුන් හා විවාහවීම අසමාන්‍ය විශේෂ සිද්ධියක් නොවේ. මෙවැනි විවාහ ලොවේ සෑම සමාජයේම සිදු වූ බව අපි මතකයේ තබා ගත යුතුය. සැබැවින්ම එම සමාජයේ වයස අවුරුදු 9 හා 12 අතර පසු වන එහෙත් කායික ව මුහුකුරා ගිය තරුණියන් බහුතරයක් එවකට විවාහ වී සිටියහ. එපමණක් නොව, මෙම විවාහය සමාජය අනුමත නොකරන අශික්ෂිත ක්‍රියාවක් නම්, එතුමාණන්ගේ අශිෂ්ට සතුරන් නබි තමාණන්ට සහ එතුමාට දියණිය දුන් ප්‍රථම මුස්ලිම්වරයා සහ එතුමාගේ සියලු අරගලයට අත දුන් අබු බක්ර් (රළි) තුමාට එරෙහි ව දොස් නඟන්නට කටයුතු කරනු ඇත. තම රාගය පාලනය කළ නොහැකි පුද්ගලයෙකු බව මුහම්මද් නබි (සල්) චෝදනා ලැබුවේ නම්, අරාබි ජනතාව අතර ඉස්ලාමය පතුරුවන්නට මෙම චෝදනා මහත් බාධාවක් බවට පත් වනු ඇත.
නබි (සල්) තුමාණන්ට එරෙහි ව හූනියම් කාරයා, කවිකාරයා වැනි නොයෙක් චෝදනා එල්ල කළ ඉස්ලාම් විරෝධි අරාබි ජනතාවට, නබි (සල්) තුමාගේ අවංකකමට එරෙහි ව උපයෝගි කිරීමට මෙම විවාහය කදිම ආයුධයක් බවට පත් කර ගන්නට තිබුණි. එහෙත් ඔවුන් මේ ගැන කිසිදු වචනයක් වුවද නොපැවසුවේ කුමන හේතුවක් නිසා ද? එම කාල වකවානුවේ, එම සමාජය තුළ (ලොවේ අනිත් රටවල ද) මෙවැනි විවාහය සාමාන්‍ය සිද්ධියක් ලෙස පැවතුණි. මෙහි අමුත්තක් ඔවුන් නුදුටුහ. ඇතැම් සමාජයන්හි තරුණියෙක් වයස අවුරුදු 15 පසු කළේ නම්, ඇය කල් පැනපු කෙනෙක් බවට සමාජයේ සැලකිලි ලබන අතර, ඇයට විවාහ වීමේ අවස්ථා ලැබීම බොහෝ සේ අසීරු විය. ආසියාව, යුරෝපය, ස්පාඤ්ඤය, පෘතුගාලය වැනි දෙශයන්හි තත්ත්වය මෙය වේ.
තවත් කරුණක් නම්, මක්කාවේ ජීවත් වූ ජුබෙයිර් බින් මුතිම් බින් අදිය්යී නම් මිත්‍යා දෘෂ්ටිකයෙක් අයිෂා හා විවාහ වීමට යොජනාවක් ඉදිරිපත් කළ නමුත් එතුමියගේ මව (උම් රුම්මාන් රළි) ඔහු ව ප්‍රතික්ෂේප කළාය. එනම් එම බාල වියෙහිම අයිෂා (රළ) තුමිය විවාහය සඳහා ශාරීරක ව මුහුකුරා සිටිය බව මෙය සාධක වේ. නබි (සල්) තුමාණන් වැනි යහපත් කෙනෙකුට අයිෂා (රළි) තුමිය ව සරණ පාවා දෙන්නට එතුමියගේ මව එකඟවු වාය.
අල් කුර්ආනය පහළ වීමත්, කාන්තාවන්ගේ පෞද්ගලික ප්‍රශ්න සම්බ්ධ ව විවිධ ඉස්ලාමිය නීති රීති ගැන ද අයිෂා (රළි) තුමියගේ මාර්ගයෙන් මුස්ලිම් ජනතාව දැනගන්නට හැකි වීමත්, මෙම විවාහය තුළින් සිදුවු යහ ප්‍රතිඵල වේ. නීති රිති, විවිධ නැමදුම්, ගනු දෙනු යන විවිධ කරුණු පිළිබඳ ව හදීස් වදන් 2100ක් එතුමිය විසින් වාර්තා කරනු ලැබීම ඇයගේ විවාහ නිසා මුස්ලිම් සමාජයේ දැනුමට ලැබු ඉමහත් උපකාරයකි. ඉස්ලාමයේ උතුම් ආගමික විද්වතෙක් වන එතුමියගෙන් බොහෝ දැනුම ලත් ශිෂ්‍යයන් සහාබාවරු අතර සිටියහ.
12. ඉතිරි මුස්ලිම් පිරිමින්ට බිරියන් සිව් දෙනෙකුට සීමා කළ අල්ලාහ් මුහම්මද් (සල්) තුමාණන්ට සිව් දෙනෙකුට අධික බිරියන් හා විවාහ වීමට අනුමත දුන්නේ කෙසේ ද? මෙම ප්‍රශ්නයට අපි නිතර මුහුණ දෙමු.
පිළිතුරු: අල්ලාහ් නබි (සල්) තුමාණන්ට පිරිනැමු විවිධ කරුණු වලින් මෙය එකකි. මේ අයුරින් ම මුස්ලිම් සමාජයට අනුමත ලැබු ඇතැම් විෂයයන් නබි (සල්) තුමාණන්ට අනුමත දෙනු ලැබුවේ නැත. උදාහරණ වශයෙන් අනුන් විසින් පිනට දෙන ලද සියල්ල එතුමාණන්ට තහනම් ය.
පෙර වූ නබිවරුන් සහ සංදේකවරුන්ටද ප්රාතිහාර්ය සහ නීති රිති පණවන ලදී. මේ සියලු නබිවරුන් හා සංදේශකවරුන් අතර නූහු, ඒබ්රහාම්, මෝසස්, ජේසුස් සහ මුහම්මද් (ඔවුන් සියලු දෙනාට සාමය හිමිවේවා) නම් පස් දෙනෙක් විශේෂයෙන් සඳහන් කරනු ලැබුහ. මේ පිරිස අතර මුහම්මද් (සල්) තුමාණන් නායකයා ලෙස විශේෂ සැලකිලි ලැබුහ.
මෙලෙස විශේෂ සැලකිලි දක්වනු ලැබීමට උතුම් හේතුන් තිබේ. මේවා පිළිබඳ ව සොයා බලන ලෙස අපහට අණ දෙනු නොලැබුණි. එහෙත් මේ පිරිස පිළිබඳ අල්ලාහ්ගේ නිගමනයට එරෙහි ව මෙලෙස කරුණු සෙවීම සිදුවන්නේ නම් හෝ සැක පදනම් කර ගැනීමෙන් සිදු වන එකක් නම් එයට කිසිසේත්ම අනුමත නැත. මෙවැනි සැක උපදවන්නේ නොමඟ ගිය හා ඉස්ලාම් විරෝධි ජනතාව අතරින්ය. සියලු කරුණු පිළිබඳ ඉස්ලාම් දක්වන ප්‍රඥාව පහත සඳහන් වේ.
• අල්ලාහ්ගේ ප්‍රඥා පිළිබඳ යම් සාධක කිසිවක් දුටුවේ නම් මුස්ලිම්වරු එය සඳහා අල්ලාහ්ට කෘතඤ දක්වති. එසේ නුදුටුවේ නම්,
දැනුම ලත් විද්වතුන්ගෙන් විමසති:
විද්වතුන්ටද අල්ලාහ්ගේ ප්‍රඥාව පිළිබඳ ව කිසිවක් පහදා දිය නොහැකි නම්, මුස්ලිම්වරු “අල්ලාහ් සියල්ල දන්නේය“ යන වචන මාලාවෙන් සෑහීමට පත් වෙති. තමන්ට අපැහැදිලි කිසිවක් පිළිබඳ ව, එය ගැන අනුමාන කල්පනා කරමින් අල්ලාහ්ට එරෙහිව බොරු ගොතන ජනයා වශයෙන් මුස්ලිම්වරුන් පත් නොවති.
සෙzයිද් බින් හාරිතා (රළි) ගේ බිරිය වන සෙයිනබ් (රළි) හා මුහම්මද් නබි (සල්)ගේ විවාහය පිළිබඳ තත්ත්වය කුමක් ද?
තම වහල් සේවක වන සෙzයිද් බින් හාරිත් (රළි) තුමාව නිදහස ලබා දී තම පුත්‍රයා ලෙස මුහම්මද් (සල්) තුමාණන් භාර ගත්හ. නිදහස ලැබීමට පෙර ඔහුගේ නම සෙzයිද් බින් මුහම්මද්ය. (මුහම්මද්ගේ පුත්‍ර සෙzයිද්). නමුත් අල්ලාහ්ගේ අණ පවසන අල් කුර්ආන් වාක්‍ය පහළ වුයේ මෙසේය.
ادْعُوهُمْ لِآبَائِهِمْ هُوَ أَقْسَطُ عِندَ اللَّـهِ ۚ فَإِن لَّمْ تَعْلَمُوا آبَاءَهُمْ فَإِخْوَانُكُمْ فِي الدِّينِ وَمَوَالِيكُمْ ۚ وَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ فِيمَا أَخْطَأْتُم بِهِ وَلَـٰكِن مَّا تَعَمَّدَتْ قُلُوبُكُمْ ۚ وَكَانَ اللَّـهُ غَفُورًا رَّحِيمًا ﴿٥﴾
“(දරුකමට හදාගත්) ඔවුන් ව ඔවුන්ගේ පියවරුන්ට (සම්බන්ධ කර) අමතවු. මෙයයි අල්ලාහ් අභියස ඉතා යුක්ති ගරුක වන්නේ.” සූරා අල් අහ්සාබ් 33:5.
ඉන් අනතුරු ව ජනතාව ඔහුට සෙzයිද් බින් හාරිතා යනුවෙන් ඇමතුහ. සෙzයිනබ් යන කාන්තාව සෙzයිනබ් බින්ත් ජහිෂ් බින් රබාබ් අල් අස්දිය්යා යන පෙළපත් නමට අයත් කෙනෙකි. එතුමියගේ මව උමයියා බින්ත් අබ්දුල් මුත්තලිබ් නමැති මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ නැන්දාය. තම දරුකමට හදා ගත් පුත්‍රයාට ඇයව විවාහ කර දීමට ක්‍රියා කළේ නබි (සල්) තුමාණන්ය. ආරම්භයේ සෙzයිනබ් තුමිය, තමා සෙzයිද් (රළි) තුමාට වඩා උසස් කුලයට අයත් කෙනෙක් නිසා ඔහු හා විවාහ වීම ප්රතික්ෂෙප කළාය. මේ සම්බන්ධ ව අල්ලාහ් පහත සඳහන් කුර්ආන් වාක්‍ය පහළ කළ බව කියැ වේ.
مَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللَّـهُ وَرَسُولُهُ أَمْرًا أَن يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ أَمْرِهِمْ ۗ وَمَن يَعْصِ اللَّـهَ وَرَسُولَهُ فَقَدْ ضَلَّ ضَلَالًا مُّبِينًا ﴿٣٦﴾
“අල්ලාහ් ද ඔහුගේ රසූල්වරයා ද යම් කරුණක් තීන්දු කළේ නම් ඔවුන්ගේ (එම) කරුණෙහි විශ්වාසවන්තයින්ට හා විශ්වාසවන්තියන්ට (වෙනත්) ස්වතීන්දුවක් ගැනීම(ට අයිතියක්) නොමැත. කවරෙකු අල්ලාහ්ට ද ඔහුගේ රසූල්වරයාට ද පිටුපාන්නේද සැබැවින්ම ඔහු පැහැදිලි මුළාවක මුළා වන්නේය” සූරා අහ්සාබ් 33:36
ඉන් අනතුරු ව අල්ලාහ්ගේ නියෝගය සහ නබි (සල්) තුමාණන්ගේ කැමැත්ත පිළිගත් එතුමිය විවායට එකඟ වුවාය. විවාහයෙන් පසුව එක් වසරක් දෙදෙනාම එකට ජීවත් වුහ. එහෙත් විවාහ ජීවිතයේ ප්‍රශ්න කිහිපයකට මුහුණු දෙන්නට දෙදෙනාට සිදු විය. මේ ගැන සෙzයිද් (රළි) තුමා රසූල් (සල්) තුමාණන්ට පැමිණිලි කර, තමා දික්කසාද වීමට කැමති බව ඉඟියක් කළේය. සෙzයිද් තුමාට ඉවසීමෙන් විවාහ ජීවිතයේ රැඳී සිටින ලෙස නබි (සල්) තුමා උපදෙස් දුන් නමුත්, සෙzයිද් (රළි) තුමා අවසානයේ දික්කසාද කරන බවද සෙzයිනබ් තුමිය හා තමා විවාහ වන බවද රසූල් (සල්) තුමාණන් අල්ලාහ්ගෙන් දැන සිටියහ. එහෙත් එවැන්නක් සිදු වුයේ නම්, දරුකමට හදා ගත් පුත්‍රයාගේ බිරිය හා විවාහ වීම පිළිබඳ ව ජනතාව තමාට දොස් පවරණු ඇතැයි නබි (සල්) තුමාණන් බිය වුහ. මෙයට හේතුව, ඉස්ලාමයට පෙර වු සමාජයේ එවැනි විවාහය තහනම් බවට සම්ප්රදායක් පැවතුණි.
وَإِذْ تَقُولُ لِلَّذِي أَنْعَمَ اللَّـهُ عَلَيْهِ وَأَنْعَمْتَ عَلَيْهِ أَمْسِكْ عَلَيْكَ زَوْجَكَ وَاتَّقِ اللَّـهَ وَتُخْفِي فِي نَفْسِكَ مَا اللَّـهُ مُبْدِيهِ وَتَخْشَى النَّاسَ وَاللَّـهُ أَحَقُّ أَن تَخْشَاهُ ۖ فَلَمَّا قَضَىٰ زَيْدٌ مِّنْهَا وَطَرًا زَوَّجْنَاكَهَا لِكَيْ لَا يَكُونَ عَلَى الْمُؤْمِنِينَ حَرَجٌ فِي أَزْوَاجِ أَدْعِيَائِهِمْ إِذَا قَضَوْا مِنْهُنَّ وَطَرًا ۚ وَكَانَ أَمْرُ اللَّـهِ مَفْعُولًا ﴿٣٧﴾
“තවද අල්ලාහ් හෙළිදරව් කිරීමට ඇති දෑ නුඹ තුළ ම සඟවා ගෙන අල්ලාහ් කවරරෙකුට භාග්‍ය පිරිනමා නුඹ ද ඔහුට (වහල් භාවයෙන් නිදහස් කිරීමෙන්) භාග්‍යය පිරිනැමුවේ ද ඔහු අමතා ‘නුඹ නුඹගේ භාර්යාව නුඹ වෙත රඳවා ගනිවු. තවද අල්ලාහ්ට බිය භක්තිමත් වවු‘ යැයි නුඹ පැවසු අවස්ථාව (නබිවරය සිහිපත් කරවු). නුඹ බිය වීමට වඩා සුදුස්සා වශයෙන් අල්ලාහ් (පමණක්) සිටිය දී නුඹ ජනයින්ට බිය වන්නෙහිය. එබැවින් සෙzයිද් ඇය පිළිබඳව අවශ්යතාවන්ගෙන් මිදුණු කල්හි විශ්වාසවන්තයින් හට දරුකමට ගත් පුතුන් (තම භාර්යාවන් වන) ඔවුන් පිළිබඳ ව අවශ්යතාවන්ගෙන් මිදුණු කල්හි (එම ස්ත්රීන්ට) විවාහ කර ගැනීම වරදක් නොවීම පිණිස ඇයව අපි ඔබහට විවාහ කර දුන්නෙමු. තවද අල්ලාහ්ගේ නියෝගය සිදුකරනු ලබන්නේමය.” සූරා අහ්සාබ් 33:37
අල්ලාහ්ගේ ප්‍රඥාවට එකඟව සෙzයිනබ් තුමිය හා සෙzයිද් තුමා අතර දික්කසාදය සිදු වන බවද, අනතුරු ව නබි (සල්) තුමාණන් එතුමිය හා විවාහ වන බව අල්ලාහ්ගේ උපාය නබි (සල්) තුමාණන්ට කළින්ම දැනුම් දී තිබිය දී, ඔබ එය සඟවා තැබුවේය. තවද, ජනතාවගේ ඇනුම් පද සහ දොස් පැවරිමට ඔබ බිය වූ නමුත් ඔබ සැබැවින්ම අධිකව බිය විය යුත්තේ අල්ලාහ් ගැන පමණි. එබැවින් ඔබ සෙzයිද් සහ සෙzයිනබ් පිළිබඳ ව අල්ලාහ් විසින් ඔබට පහළ කළ දේ මිනිසුන් කිසිවෙකුගේ ආකල්පය නොතකා ඔබ ප්‍රකාශ කළ යුතු ව තිබුණි.
සෙzයිනබ් (රළි) තුමිය දික්කසාද වී, ඇගේ නියමිත බලාපොරොත්තු කාලය අවසන් විමෙන් පසුව රසුල් (සල්) තුමාණන් හා විවාහ විය. (ඉස්ලාමයේ අවශ්‍යතා වන) භාරකරුවෙක් හෝ සාක්ෂි කරුවන් නොමැති ව නබි (සල්) තුමාණන්ට එතුමිය අල්ලාහ් විවාහ කර දුන්නේය. විශ්වාසීන් සියලු දෙනාගේ භාරකරු රසූල් (සල්) තුමාණන්ය. එපමණක් නොව විශ්වාසින්ට එතුමාණන් ඔවුන්ටත් වඩා ඉතා සමිප කෙනෙක් බව අල්ලාහ් ප්‍රකාශ කරයි.
මෙම විවාහය මගින් ඉස්ලාමයට පෙර වු යුගයේ සමාජය අනුගමනය කළ දරුකමට හදා ගන්නා පුරුද්ද අහෝසි කරනු ලැබ, එවැනි පුත්‍රයින්ගේ අභාවයෙන් හෝ දික්කසාදයෙන් පසුව ඔවුන්ගේ බිරියන් හා විවාහවිමට අල්ලාහ් අනුමත කළේය. සැබැවින්ම මෙවැනි නෑ සබඳකම් අහෝසි කිරිම අල්ලාහ්ගේ කරුණාවක් වන අතර, සමාජයේ පැවතු අපහසුතාව මෙයින් අවසන් විය. මෙම නියෝගය පිළිබඳ ව අල්ලාහ් පහදා දෙන්නේ මෙසේය.
فَلَمَّا قَضَىٰ زَيْدٌ مِّنْهَا وَطَرًا زَوَّجْنَاكَهَا لِكَيْ لَا يَكُونَ عَلَى الْمُؤْمِنِينَ حَرَجٌ فِي أَزْوَاجِ أَدْعِيَائِهِمْ إِذَا قَضَوْا مِنْهُنَّ وَطَرًا ۚ وَكَانَ أَمْرُ اللَّـهِ مَفْعُولًا ﴿٣٧﴾
“එබැවින් සෙzයිද් ඇය පිළිබඳ ව අවශ්යතාවන්ගෙන් මිදුණු කල් හි විශ්වාසවන්තයින්හට දරුකමට ගත් පුතුන් (තම භාර්යාවන් වන) ඔවුන් පිළිබඳ ව අවශ්යතාවන්ගෙන් මිදුණු කල්හි (එම ස්ත්‍රීන් ව) විවාහ කර ගැනීම වරදක් නොවීම පිණිස ඇය ව අපි ඔබහට විවාහ කර දුන්නෙමු. තවද අල්ලාහ්ගේ නියෝගය සිදු කරනු ලබන්නේය.” 33:37
තිරයකට පිටුපස සිටි සෙයිනබ් තුමිය දැකීමෙන් නබි (සල්) තුමාණන් ඇයට ආලය කළ බවද, මේ බව දැන ගත් සෙයිද් (රළි) ඇය අප්‍රිය කර දික්කසාද කිරීමට තීරණය කළ බවද පවසන චෝදනාව කිසිදු පදනම් විරහිත එකකි. නබිවරුන් යන පිරිස මෙවැනි පහත් ආශාවන්ගෙන් ඉවත් වු, උතුම් හා විශිෂ්ට ගුණාංගයන් හා හැසිරීමෙන් යුක්ත අය වෙති. ඇත්ත වශයෙන්ම සෙයිනබ් තුමියගේ විවාහය සිදු වුයේ නබි (සල්) තුමාණන්ගේ උපදෙසට එකඟවය. නබි (සල්) තුමාණන් ආරම්භයේ සිට සෙයිනබ් තුමියට ඇලුම් කළේ නම්, එතුමිය විවාහයට අකැමැති බව දැනුම් දුන් විගස ඇය හා විවාහ වීමට අවස්ථාවක් තිබුණි. සැබෑ තත්ත්වය වන්නේ, මෙය අල්ලාහ් විසින් පෙර නිගමනය කරන ලද ක්‍රියාවකි. මෙම සිද්ධිය තුළින් ඉස්ලාමයට පෙර වූ නුගත් යුගයේ පවත්වා ගෙන ආ චාරිත්‍ර වහාම අහෝසි කරන ලදුව මිනිසාට අල්ලාහ්ගේ කරුණාව සහ සහන පහළ කරන ලදී.
කාන්තාවන්ට බහු සැමියන් හා විවාහ වීමට
අල්ලාහ් අනුමත නුදුන් හේතුව කුමක් ද?
තම වහලුන් කෙරෙහි අල්ලාහ් දක්වන අංග සම්පූර්ණ ප්‍රඤාව, ගුණවත්කම සහ කරුණාව ඔවුන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම හේතුවෙන් බව අප දැන ගත යුතුය. මෙම කරුණු අනුමත කරනු ලැබුවේ නම්, එමගින් ලොවේ විවිධ අර්බූදවලට මාර්ග විවෘත කරනු ලබයි. ඒවා නම්, පෙළපත් නාමය නොමැතිවීම, සැමියන් එකිනෙකා මරා ගැනීම, හිරිහැරය, යුද්ධ, රණ්ඩු දබර වන සැමියන් තමා බෙදා ගන්නා කාන්තාවන් පිළිබඳ ව දැක්විය යුතු යුතුකම නොමැතිවීම යන අයහපත් ප්‍රතිවිපාක කිහිපයකි. මේවා සියල්ල මිනිසා කෙරෙහි අල්ලාහ්ගේ ප්‍රඤාව, සහ තම මැවීම් කෙරෙහි අල්ලාහ් දක්වන කරුණාව සහ සැලකිල්ලට සාක්ෂිවේ.
බහුභාර්ය සේවනය පිරිමින්ගේ ස්වභායට එකඟ ව සාධාරණයකි.
ඉස්ලාමයේ අනුමත කරන ලැබු බහුභාර්ය සේවනයට එරෙහි ව අපි විවාධ නොකරමු. තවත් පැත්තකින්, මුස්ලිම් හෝ මුස්ලිම් නොවන මනෝවිද්‍යාව උගත් ඕනෑම කෙනෙක්, බහු භාර්ය විවාහයට එකඟ වන බව නිසැකයි. ඉස්ලාම් එය අනුමත කර තිබෙන බව ඔවුන් නොදැන සිටියත් ඔවුන්ගේ නිගමනය මෙයයි. පිරිමියාගේ මූලික ස්වභාවය සහ කාන්තාවගේ මූලික ස්වභාවය යන දෙකම නිර්මාණය කරනු ලැබුවේ අල්ලාහ් විසින්ය. එනිසා පිරිමියෙක් සංසිඳුවීමට අවශ්‍ය වන්නේ කුමක් ද, කාන්තාවක් සංසිඳුවිමට අවශ්‍ය වන්නේ කුමක් ද යන දේ හොඳාකාර ව දන්නේ අල්ලාහ් පමණි. එනිසා මිනිස් අතරින් පිරිමියෙකු තෘප්තියට පමුණුවීමට අවශ්‍ය වන්නේ කුමක්ද, ස්ත්‍රියකු තෘප්තියට පමුණුවිමට අවශ්‍ය වන්නේ කුමක්ද යන සියල්ල අල්ලාහ් හොඳාකාර ව දනී. මේ හේතුවෙන් සියල්ල දන්නා සහ ප්‍රඥාසම්පන්න අල්ලාහ් බහු භාර්ය විවාහය අනුමත කර බහු සැමියන් හා විවාහය තහනම් කර ඇත.
සියල්ල ගැන අල්ලාහ් හොඳාකාර ව දන්නේය.
සාලෙහ් අල් සාලෙහ්
27 දුල් කඅදා 1425 හිජ්රි
ජනවාරි 8, 2005
Contents
الصفحة العنوان م
1 බහුභාර්ය සේවනයට අනුමත දීමේ පසුබිම 1
බහු භාර්ය සේවනය සඳහා අවශ්‍යතාව 2
බහු භාර්ය සේවනය අනුමත සඳහා කොන්දේසි 3
අයිශා (රළි) තුමියගේ විවාහය 4
zසෙයිනබ් (රළි) තුමියගේ විවාහය 5
zසෙයිනබ් (රළි) තුමියගේ විවාහයේ ප්‍රතිපල 6
කාන්තාවන්ට බහු සැමියන් හා විවාහ වීමට
අල්ලාහ් අනුමත නුදුන් හේතුව කුමක් ද? 7
බහුභාර්ය සේවනය පිරිමින්ගේ ස්වභායට එකඟ ව සාධාරණයකි 8
9
10
11
12
13
14
15
Download
PDF
Word
About the book
Author
:
Dr. Saleh As-Saleh
Publisher
:
www.islamhouse.com
Category
:
Jurisprudence
mute
Update Required
To play the media you will need to either update your browser to a recent version or update your
Flash plugin
.
© Copyright
Islam land أرض الإسلام
. All Rights Reserved 2017